මත්ද්‍රව්‍ය භාවිත කරන බර වාහන රියදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ලබන මාසයෙන් පසුව අත්හිටුවන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති අරෝෂා විද්‍යාභූෂණ මහත්මිය පවසයි.
මෙම පරීක්ෂණය පොලිසිය හා එක්ව දීප ව්‍යාප්ත අන්දමින් අහඹු ලෙස කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවන බවයි සභාපතිවරිය ප්‍රකාශ කරයි.
බර වාහන රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම් කළද බොහෝ රියදුරන් ඒ පරීක්ෂණ වෙනුවෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදී සිටිමින් පරීක්ෂණයට පැමිණෙන අතර, ඇතැම් පුද්ගලයන් වැරදි මූත්‍රා සාම්පල පවා ඉදිරිපත් කරන බවද නිරීක්ෂණය වී තිබේ.
මේ අනුව මෙම පරීක්ෂා කිරීම් නතර කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය එක්කරගනිමින් අහඹු ලෙස මගී ප්‍රවාහන බස් රථ රියදුරන්, බර වාහන රියැදුරන් පරීක්ෂා කරන බවද ඒ අනුව හඳුනා ගනු ලබන මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදින පුද්ගලයන්ට නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.