මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.
හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතියි.
එම මාර්ගවල රථ වාහාන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.