මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසයි.
ඔවුන් සඳහන් කළේ ජලාශවල ජල මට්ටම ඉහළයාමත් සමඟ විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි.
ඒ අනුව පවතින වර්ෂාපතනයත් සමඟ හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.