මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කරයි

දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් වන මන්දාරම් නුවර සෆාරි ජීප් රථ සහ එහි රියදුරන් නියාමනය කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ.

මන්දාරම් නුවරට මෑත කාලයේ සතියේ දිනවල සහ සතිඅන්ත දිනවල විශාල දේශීය සංචාරකයන් පිරිසක් පැමිණෙන අතර ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා මේ වන විට සෆාරි ජීප් රථ 20ක් පමණ සේවයට යොදවා තිබෙන බවයි වාර්තා වෙයි.

ඒ අනුව එම ජීප් රථ අදාළ නිෂ්පාදන සමාගම්වල දේශීය නියෝජිතයන් ගෙන්වා ඒවායේ තත්ත්වය සෑම මාස 3කට වරක් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.එමෙන්ම ඒවා පදවන රියදුරන්ගේ කාර්යක්ෂමතාව සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ දැනුම යාවත්කාලීන කිරීමටත් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වෙයි.

මෙහි පළමු වැඩසටහන පසුගියදා හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාවට නංවා තිබේ.

කාලීන පුවත්