මන්නා­රම කන්ක­ස­න්තු­රය-මුල­තිව් සුළං වැඩියි: මුහුදු යන්න එපා

සක්‍රිය නිරි­ත­දිග මෝසම් කාල­ගුණ තත්ත්වයේ බල­පෑම හේතු­වෙන් පුත්ත­ලම සිට මන්නා­රම, කන්ක­ස­න්තු­රය හරහා මුල­තිව් දක්වා වෙර­ළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේ­ශ­වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩි­වන බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අද (16) පස්ව­රුව දක්වා වලංගු වන පරිදී අන­තුරු ඇඟ­වීමේ රතු නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටී.

එම මුහුදු ප්‍රදේ­ශ­ව­ලට නැවත දැනු­ම්දෙ­න­තුරු යාත්‍රා නොක­රන ලෙස නාවික, ධීවර ප්‍රජා­වන්ට දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දෙනු ලැබේ.

මධ්‍යම කඳු­ක­රයේ බට­හිර බෑවුම් ප්‍රදේ­ශ­ව­ලත් උතුරු සහ උතුරු-මැද පළා­ත්ව­ලත් ත්‍රිකු­ණා­ම­ලය සහ හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­ව­ලත් විටින් විට හමන පැ.කි.මී 50-60ක පමණ තද සුළං ඇති­විය හැකිය. තද සුළං­ව­ලින් සිදු­වන අන­තුරු අවම කර ගැනී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙස ජන­තා­ව­ගෙන් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ඉල්ලා සිටී.

අද(16) දිනයේ බස්නා­හිර, සබ­ර­ග­මුව පළා­ත්ව­ලත් නුව­ර­එ­ළිය, මහ­නු­වර, ගාල්ල සහ මාතර දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ස්ථාන­ව­ලට මි.මී 50ට වැඩි තර­මක තද­වැසි ඇති­විය හැකිය. බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළා­ත්වල විටින් විට වැසි ඇතිවේ. උතුරු පළා­තේත් අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යේත් වැසි ස්වල්ප­යක් ඇති­විය හැකි බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. ඊයේ(15) පෙ.ව 8.30න් අව­සන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂා­ප­ත­නය මි.මී 116.5ක් ලෙස නිරි­ඇල්ල ප්‍රදේ­ශ­යෙන් වාර්තා­විය.

කාලීන පුවත්