මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද

කන්ද උ‍ඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද(08) රාත්‍රි වීදි සංචාරය කිරීමට නියමිතයි.

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර පසුගිය මස 30 වෙනිදා ආරම්භ වු අතර පුරා දින 9ක් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව 10 වන දිනය වන අද දින පස්වරුවේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පවසන ලදි.

පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් රැසක් මෙන්ම බෞද්ධ සැදැවතුන්ද මේ වනවිටත් මහනුවර නගරයට පැමිණෙමින් සිටියි.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන්ද විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර මහනුවර ඇසළ මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් අද දිනයේද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇතිබව දුම්රිය සාමානය්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනලදි.

කාලීන පුවත්