මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අද (25) ආරම්භ වෙයි.
කප් සිටුවීමෙන් අනතුරුව 29දා තෙක් පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙයි. අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර 30 දින රාත්‍රියේ වීදි සංචාරය කරයි. කුඹල් පෙරහර දින 05ක් වීදි සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර අගෝස්තු මස 04 වැනි දින වීදි සංචාරය ආරම්භ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
අවසන් රන්දෝලි මහ පෙරහර 08 වන දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් පසු පෙරහර කරඬුව ආදාහන මළුව ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කෙරෙයි.
අනතුරුව සිවු මහා දේවාල පෙරහර ගැටඹේ තොට වෙත ගමන් කර දියකැපුම් මංගල්‍යය සිදු කිරීමෙන් පසු 09 දින දහවල් පෙරහර පවත්වා මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් කරන බව නිලංග දෑල මහතා පවසයි.