මහනුවර නගරය, තෙල්දෙණිය, ගලගෙදර, හාරිස්පත්තුව, මැදමහනුවර, වේරපිටිය, උඩදුම්බර කඩුගන්නාව, පිළිමතලාව වැනි ගම්මාන ආශ්‍රිතව පවතින රිළා ගහනය මේ වන විට සැබෑ ලෙසම ගැටලුවක් බවට පත්ව තිබේ. මේ පළාත්වල ගැවසෙන රිළවුන් අල්ලා ජලාශ ආශ්‍රිත දූපත්වලට දැමිය යුතු යැයි ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ සහ බී.එම්. බස්නායක විසින් යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ. එමෙන්ම කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ද මෙය ක්‍රියාත්මක කිරීමේ අදහසකින් පසු වන අතර මධ්‍යම පළාත් සභාව ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ සියයක මුදලක් ලබා දීමට ද ඉදිරිපත්ව තිබේ. කෙසේ නමුත් එයට ගොවීන් ඇතුළු විවිධ පාර්ශ්වයන් සිය විරෝධය පළ කොට තිබේ.
මෙවැනි තත්ත්වයකට රිළා ගහනය වර්ධනය වන ආකාරය වසර ගණනාවක් තිස්සේ පාලකයන් දුවුව ද එයට සාධනීය මැදිහත් වීමක් සිදු නොවූ බැවින් නියපොත්තෙන් කඩන්නට හැකිව තිබුණු දෙය මේ වන විට පොරොවෙන් හෝ කපා දමන්නට නොහැකි තත්ත්වයකට පත් ව තිබේ. මේ රිළා ගහනය ගොවීන් දැඩි දුෂ්කර තත්ත්වයකට පත් කොට ඇති අතර ඒ නිසාම මෙයට සාධනීය විසඳුමක් ලබා දීමේ පොරොන්දු දේශපාලන වාසි ලබාගැනීම සඳහා ද යොදා ගනු දක්නට හැකි විය.
ජාතික ජන බලවේග රජයේ ඇති පොදු දුර්වලකමක් බවට පත්ව ඇත්තේ මෙයයි. එනම් යම්කිසි ගැටලුවකට විසඳුම් සෙවීමේ දී කුමක් හෝ විසඳුමක් ඉදිරිපත් කිරීමේ කාරණයයි. විශේෂයෙන් පරිසරය වැනි සංවේදී විෂයයන්වල දී ක්‍රියාකරන ආකාරයේ යම්කිසි අවිචාරවත් බවක් දැකිය හැකිය. රිළා ගැටලුව සම්බන්ධව ද ඇත්තේ එවැනි තත්ත්වයකි. මෙය කාලාන්තරයක් තිස්සේ පැවති අතර කිසිදු රජයක් විසින් මේ සඳහා නිවැරදි, තිරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකළ බව සැබෑය. මෙවැනි ගැටලුවලට එක්වර සිතට නැගෙන අදහස් ඔස්සේ කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකි අතර ඒ සඳහා මේ ගැටලුව පිළිබඳ විද්වත් අධ්‍යයනයක් සිදුකොට සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.

දැන් මෙයට විසඳුම් සොයන්නේ ජාතික ජන බලවේග රජය වන අතර ඔවුන් ඉදිරිපත් කොට ඇති විසඳුම තුළ ඇත්තේ යම්කිසි පිළිගත නොහැකි ස්වභාවයකි. ඔවුන්ගේ යෝජනාව නම් මේ රිළවුන් සියල්ල අල්ලා රන්දෙනිගල ජලාශයේ දූපතකට ගෙන ගොස් දැමීමය. මේ යෝජනාව තුළ යම්කිසි විසුළු ස්වරුපයක් පැවතිය ද එය රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක කරන්නට සැරසෙන බව දැනගන්නට ලැබී තිබේ. යම්කිසි ගැටලුවකට විසඳුම් සෙවීමේ දී විවිධ පාර්ශ්ව විසින් විවිධ යෝජනා ඉදිරිපත් වන්නට ඉඩ ඇති බව සැබෑ නමුත් තෝරා ගැනීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී වඩාත් විද්‍යාත්මක සහ ප්‍රායෝගික ඒවා යොදා ගැනීම වගකිව යුතු පාලකයකුගේ ලක්ෂණයකි. කෙසේ නමුත් ජාතික ජන බලවේග රජය මෙහි දී විද්‍යාත්මක සාධකය පසෙකින් තබා කුමන හෝ විසඳුමක් ලබා දීමේ ක්‍රමය අනුගමනය කරන්නට සැරසෙන බව පෙනෙන්නට තිබේ.
ජාතික ජන බලවේග රජයේ ඇති පොදු දුර්වලකමක් බවට පත්ව ඇත්තේ මෙයයි. එනම් යම්කිසි ගැටලුවකට විසඳුම් සෙවීමේ දී කුමක් හෝ විසඳුමක් ඉදිරිපත් කිරීමේ කාරණයයි. විශේෂයෙන් පරිසරය වැනි සංවේදී විෂයයන්වල දී ක්‍රියාකරන ආකාරයේ යම්කිසි අවිචාරවත් බවක් දැකිය හැකිය. රිළා ගැටලුව සම්බන්ධව ද ඇත්තේ එවැනි තත්ත්වයකි. මෙය කාලාන්තරයක් තිස්සේ පැවති අතර කිසිදු රජයක් විසින් මේ සඳහා නිවැරදි, තිරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකළ බව සැබෑය. මෙවැනි ගැටලුවලට එක්වර සිතට නැගෙන අදහස් ඔස්සේ කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකි අතර ඒ සඳහා මේ ගැටලුව පිළිබඳ විද්වත් අධ්‍යයනයක් සිදුකොට සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. නමුත් ඕනෑම ගැටලුවකට කුමන හෝ විසඳුමක් ලබා දීමේ ප්‍රවණකාව මත වත්මන් රජය මේ සඳහා ඉදිරිපත් කළේ රිළවුන්ව අල්ලා ගොස් දූපත්වලට සිර කිරීමය. මෙවැනි වැඩපිළිවෙළක් මෙයට පෙර අවස්ථාවක දී ද සිදු කොට ඇති අතර ජලාශයේ ජලය අඩුවන කාලවල දී රිළවුන් පිහිනා විත් නැවත ගම් වදින බව අවට ප්‍රදේශවාසීහු පවසති. එවිට රජයෙන් පවසා ඇත්තේ ඔවුන් දූපත්වලින් පිටවීම වළක්වනු පිණිස ඒවා වටා ආරක්ෂිත වැටවල් සවි කරන බවය. මේ දූපත්වල පරිසර පද්ධතිය පිළිබඳ කිසිදු හැදෑරීමක් මේ අවස්ථාවේ දී සිදු නොවන බැවින් රිළවුන් සඳහා ආහාර ගැටලුවක් මතු වීමේ හැකියාව ඇති බව තවත් පාර්ශ්වයක් විසින් පෙන්වා දෙන විට රජයෙන් පවසන්නේ මේ අවට ජනතාවට රිළවුන් සඳහා ආහාර සකස් කරගෙන දූපත්වලට රැගෙන යා හැකි බවය. එය රිළවුන්ට ආහාර ලබා දීමේ සංචාරක වැඩපිළිවෙළක් ලෙස ද දිරිමත් කළ හැකි බව ද රජයේ පාර්ශ්වයෙන් අදහස් දක්වනු අසන්නට ලැබේ. මේ අදහස් තුළ ඇත්තේ මේ ගැටලුව සඳහා සාධනීය විසඳුම් නොව කුමක් හෝ විසඳුමක් ලබා දීමේ අඥාන බවය.

මානුෂීය ක්‍රම මඟින් සත්ත්ව ගහනය කළමනාකරණය කිරීමේ පශු වෛද්‍ය එකතුවේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර ද මේ ගැටලුව පිළිබඳ අදහස් පළ කොට තිබේ. සිය වගා බිමට හෝ ගෙවත්තට පැමිණෙන ඕනෑම සතකු මරා දැමීමේ අයිතිය පවතින බවට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත එත් අවස්ථාවක දී පළ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද චමිත් නානායක්කාර මෙහිදී සිය මතය පළකොට තිබේ.
සතුන් ඝාතනය කිරීම කළමනාකරණය කිරීම සඳහා ජාතික මට්ටමේ ආයතනයක් පිහිටුවිය යුතු බවට තමා කිහිප වතාවක්ම ඉල්ලා සිටි නමුත් රජයයක් වශයෙන් එයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඔහු පවසා තිබේ.
“මේ සත්ත්ව ගහනය වැඩි වීම මාලිමා ආණ්ඩුව ආවට පස්සේ වෙච්ච දෙයක් නෙමේ. ඒක ක්‍රම ක්‍රමයෙන් දීර්ඝ කාලයක් තිස්සේ මිනිසුන්ගේම වැරදි නිසා වෙච්ච දෙයක්. අපි රටක් හැටියට නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න වෙනකම් බලාගෙන සිටි වැරැද්ද තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. සත්ත්ව ගහනය වැඩිවීමේ ගැටලුවේ කොතැන බැලුවත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තමයි මතුවෙන්නේ. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ දිස්ත්‍රික් කමිටුවක කවුරු හරි කෙනෙක් චෝදනා කළා කියලා කවුරු හරි කෙනෙක් යෝජනා කරලා කියලා සත්ත්ව ගහනය කළමනාකරණය කිරීම සම්බන්ධ හිතුවක්කාර වැඩවලට මැදිහත් වෙන්නෙ නැතුව ඒ සඳහා පරිසර අමාත්‍යංශය යටතේ නිශ්චිත ආයතනයක් හදලා ඒ ආයතනයෙන් අධීක්ෂණය කරලා පර්යේෂණය කරලා විධිමත් නිවැරදි තොරතුරු රැස් කරගෙන ක්‍රමවත්ව සත්ත්ව ගහනය කළමනාකරණය කිරීමේ වැඩසටහනකට යන්න කියලා.”
ඔහුගේ අඅදහස වන්නේ ද එකවර සිතට නැගෙන කුමක් හෝ අදහසක් ක්‍රියාත්මක නොකොට යම්කිසි විද්‍යාත්මක පදනමක් ඇතිව මේ ගැටලුවට ප්‍රවේශ වී එයට තිරසාර විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවය. මේ ගැටලුවට මැදිහත් වී සිටින ශ්‍රී ලංකාවට ආවේණික ‘මැකාකා සිනිකා’ (Macaca sinica) වඳුරන් (ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ මෙයට රිළා ගැටලුව යැයි හඳුන්වනු ලැබූව ද ශ්‍රී ලංකාවේ සිටින්නේ වඳුරන් මිස රිළවුන් නොවන බවය. රිළා පවුලට අයත් වන්නේ ගිබන්, චිම්පන්සි, ගෝරිල්ලා, ඔරන්උටන් වැනි සතුන් වන අතර අනෙකුත් සියල්ලන්ම වඳුරෝ වෙති) පිළිබඳ බොහෝ අධ්‍යයනයන් සිදු කෙරී පවතී. එබැවින් ඔවුන්ගේ ජීවන රටා වඩාත් විද්‍යාත්මකව හඳුනාගෙන විද්‍යාත්මක විසඳුමකට ප්‍රවේශ වීමේ හැකියාව ඕනෑවටත් වඩා ඉඩකඩක් රජයට තිබේ.
මෙවැනි ගැටලු සම්බන්ධයෙන් ලෝකයේ විවිධ ස්ථානවල සිදුවූ පර්යේෂණ සහ වැඩසටහන් පිළිබඳ සමස්ත අදහසක් ගැනීමේ දී ද පෙනී යන්නේ දූපත්වලට වඳුරන් සිර කිරීම කිසිසේත්ම ප්‍රායෝගික දෙයක් නොවන බවය. මෙහිදී පාරිසරික අසමබරතාවක් ඇති වන අතර එයට හේතුව වන්නේ වඳුරන් හෝ රිළවුන් බුද්ධිමත් සත්ත්ව කොට්ඨාශයක් වන බැවින් ඔවුන් ඕනෑම පරිසරයකට ඉක්මනින් හැඩ ගැසී එකී පරිසරය තුළ සිට ජනගහනය වේගයෙන් වර්ධනය කර ගනිමින් අදාළ පරිසර පද්ධතිය විනාශ කර දමන්නට ඉඩ තිබෙන බවය.

පසුගිය දා අප රටේ සිදු වූ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති වඳුරා, රිළා සංගණනයේ ප්‍රතිඵල තවමත් ලැබී නොමැති බැවින් දැනට සිටින වඳුරු රිළා ගහනය පිළිබඳ අදහසක් කිසිවෙකුට හෝ නැත. එය කොපමණ වුව ද ඔවුන් අල්ලා කූඩුවලට දැමීම යනු සිතන තරම් ලේසි පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම මෙහිදී සත්ත්ව හිමිකම් කඩවීමක් ද සිදුවන අතර එහි දී ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් ඇති වන්නට ද ඉඩ තිබේ.
ලෝකයේ විවිධ රටවල් මෙවැනි අවස්ථාවක දී ගෙන ඇති විද්‍යාත්මක සහ තිරසාර විසඳුම් පිළිබඳ මෙහිදී සඳහන් කළ හැකි ය. ඉන් එකක් වන්නේ මහජනතාව දැනුවත් කිරීමය. බොහෝ නගර ආශ්‍රිතව වඳුරු ගහනය වර්ධනය වන්නට හේතුව වූයේ ඔවුන්ට ඒ ආශ්‍රිතව ආහාර මූලාශ්‍ර පවතින බවට කාලාන්තරයක් තිස්සේ හැඟීමක් ඇති වීමය. ඇතැමුන් පුරුද්දක් ලෙස ඔවුනට ආහාර ලබා දීම ද මේ තත්ත්වයට බලපා තිබේ. මේ තත්ත්වය කෙමෙන් අඩු කර ගැනීම තුළින් ඔවුන් නගරාශ්‍රිතව පැමිණීම යම් පමණකින් අධෛර්යමත් කළ හැකිය. එමෙන්ම කැළිකසල සමග ආහාර බැහැර කිරීම ද මෙයට හේතුවී තිබේ. ඒ සම්බන්ධව යම්කිසි විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. වනාන්තර සහ නගර අතර යම්කිසි හරිත කලාපයක් පිහිටුවීම තුළින් මොවුන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරය තුළම රඳවා තබා ගත හැකි බව ජාත්‍යන්තරයේ මෙවැනි ගැටලුවලට විසඳුම් සෙවීමේ දී සාර්ථක වී ඇති බව පෙනී ගොස් තිබේ. වඳුරු ගහනය පාලනය කිරීම සඳහා එන්නත් භාවිතය ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වී තිබේ.
උගතුන්, බුද්ධිමතුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් හිමි වත්මන් ජාතික ජන බලවේග රජය විසින් මෙයට වඩා සාධනීය වැඩපිළිවෙළක් මහජනතාව අපේක්ෂා කරයි. එය අවබෝධ කර ගැනීමේ හැකියාව රජයට තිබිය යුතු අතර දිගින් දිගටම ජනතා ගැටලුවලට පදනමක් නොමැති විසඳුම් ලබා දීම රජයක ඉදිරි පැවැත්මට බලපෑමක් ඇති කළ හැකි බවත් සඳහන් කළ යුතුය.
එබැවින් මේ සඳහා එවැනි ජාත්‍යන්තර අධ්‍යයන, දේශීය අධ්‍යයන ඔස්සේ විසඳුම් සොයනු විනා අදාළ පළාත් පාලන ආයතනයට වෙන් වී ඇති මහජන අරමුදල් පදනමක් නොමැති එක් අතකින් විහිළු සහගත වැඩසටහන්වලට යෙදවීම පිළිබඳ නැවත වරක් සිතා බැලිය යුතුව තිබේ. මහජන මුදල් සොරකම් කිරීම පිළිබඳ පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්වූ අතර ඒවා මෙන්ම පදනමක් නොමැති වැඩසටහන් සඳහා මහජන මුදල් යොදාගැනීම ද අනුමත කළ හැක්කක් නොවේ. එබැවින් උගතුන්, බුද්ධිමතුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් හිමි වත්මන් ජාතික ජන බලවේග රජය විසින් මෙයට වඩා සාධනීය වැඩපිළිවෙළක් මහජනතාව අපේක්ෂා කරයි. එය අවබෝධ කර ගැනීමේ හැකියාව රජයට තිබිය යුතු අතර දිගින් දිගටම ජනතා ගැටලුවලට පදනමක් නොමැති විසඳුම් ලබා දීම රජයක ඉදිරි පැවැත්මට බලපෑමක් ඇති කළ හැකි බවත් සඳහන් කළ යුතුය.
නිරංජන් චාමින්ද කරුණාතිලක