
පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි.
ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට ඔහු පත්ව ඇති බව මෙයට ටික දිනකට පෙර බ්ලූම්බර්ග් නැමැති ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කර තිබුණා. එයට අනුව දැන් රොනාල්ඩෝ ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කට ආසන්න යි. එය ලංකා රුපියල් බිලියන 430 කට ආසන්න වත්කමක්.
මේ වනවිට වැඩිම ගෙවීමක් ලබන පාපන්දු ක්‍රීඩකයා වන්නේත් රොනාල්ඩෝ යි. ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයෙන් ලබන වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්, ලංකා රුපියල්වලින් බිලියන 60 ක් (කෝටි 6,000 ක්) පමණ බව වාර්තා වෙනවා. මේ අනුව රොනාල්ඩෝ ගේ මාසික වැටුප ගණන් බැලුවොත් එය ලංකා රුපියල් කෝටි 500 කට ආසන්න යි.
ශුද්ධ වත්කම ලෙස සැලකෙන්නේ කෙනෙකු සතු දේපල වැනි වත්කම්වල වටිනාකමෙන් ඔහු ගෙවීමට ඇති ණය වැනි වගකීම් (Liabilities)වල අගය අඩු කළ විට ලැබෙන ශුද්ධ අගය යි.

මේ වනවිට වැඩිම ගෙවීමක් ලබන පාපන්දු ක්‍රීඩකයා වන්නේත් රොනාල්ඩෝ යි. ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයෙන් ලබන වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්, ලංකා රුපියල්වලින් බිලියන 60 ක් (කෝටි 6,000 ක්) පමණ බව වාර්තා වෙනවා. මේ අනුව රොනාල්ඩෝ ගේ මාසික වැටුප ගණන් බැලුවොත් එය ලංකා රුපියල් කෝටි 500 කට ආසන්න යි.
රොනාල්ඩෝට මේ තරම් වැටුපක් ලැබෙන්නට පටන් ගත්තේ ඔහු 2022 වසරේ සෞදි අරාබියේ අල්- නස්ර් නැමැති පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පටන් ගැනීමත් සමග යි. මේ වනවිටත් ඔහු එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනවා.
එයට පෙර රොනාල්ඩෝ රියල් මැඩ්රිඩ්, මැන්චෙස්ටර් යුනයිටඩ් වැනි සුප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජවලටත් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහුගේ ක්‍රීඩා ජීවිතයට අදාල තවත් පුවතක් පසුගිය දිනවල මාධ්‍ය හරහා වාර්තා වුණා. එයින් පැවසුණේ ලබන වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වනු ඇති බව යි. එම ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල යි. 2026 ජුනි-ජුලි මාසවලයි එය පැවැත්වෙන්නේ. ජුනි 11 වැනි දින ආරම්භ වන එහි අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත්තේ ජුලි 19 වැනි දිනයි.
2026 ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වනු ඇත්දැයි පසුගිය දිනෙක සෞදි අරාබියේ පැවති සංචාරක සම්මන්ත්‍රණයක් අතර මාධ්‍යවේදියකු රොනාල්ඩෝ ගෙන් විමසා තිබුණා. එහිදී ඔහු පිලිතුරු දී තිබුණේ “ස්ථිර වශයෙන්ම ඔව්” යනුවෙනු යි. ඉදිරි වසර දෙක ඇතුළත පාපන්දු ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරගෙන සිටින බවකුත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මේ වනවිට රොනාල්ඩෝගේ වයස අවුරුදු 40 ක්.
ඔහු ඉතා කුඩා වියේදී ම පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වූ කෙනෙක්. අද මේ ක්‍රීඩාවේ රජෙකු මෙන් වැජඹුණත් රොනාල්ඩෝ දුෂ්කර ළමා වියක් ගත කළ කෙනෙකු බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් විය හැකියි.
රොනාල්ඩෝ උපත ලැබුවේ 1985 පෙබරවාරි 5 වැනි දින යි. ඔහු ලැබෙන්නට සිටියදී ඔහුගේ මව මාරියා ඩොලොරේස් ඔහු ගබ්සා කිරීමට සූදානම් වූ බව පැවසෙනවා. ඒ අන් කිසිවක් නිසා නොව පවුලේ පැවති ආර්ථික දුෂ්කරතා නිස යි. ඒ වනවිටත් ඇයට දරුවන් තිදෙනෙකු සිටි නිසා තවත් දරුවකු හැදීමට ඇයට හැකියාවක් නොවූ බැවින් මෙසේ ගබ්සාවක් සඳහා සූදානම් වූ බව යි පැවසෙන්නේ.

රොනාල්ඩෝ ගේ පියා ඩිනිස් අවේරෝ එතරම් ලොකු ආදායමක් ඉපැයූ කෙනෙකු නොවෙයි. ඔහු රැකියාව කර තිබුණේ නගර සභා සේවකයකු හැටියට යි. එමෙන්ම ඩිනිස් දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි කෙනෙක්. පවුලේ ආර්ථික අගහිඟකම්වලට මෙයත් බලපා තිබුණා.
ඔවුන් ජීවත් වී තිබුණේ කුඩා ගෙයක බවත් පැවසෙනවා.
තමාව ගබ්සා කිරීමට සූදානම් වීම ගැන පසු කාලයේ ඇතැම් අවස්ථාවල රොනාල්ඩෝ මවට විහිළු කර තිබුණා. “ඔයාට ඒ කාලෙ මාව ඕන වුනේ නැහැ. හැබැයි දැන් ඔයාට මාව නැතුව බැහැ” යි කියමින් ඔහු ඇයට විහිළු කර තිබුණා.
රොනාල්ඩෝ තවත් විශේෂ හේතුවක් නිසා පසුගිය දිනවල මධ්‍ය තුළ පුවත් මවන්නකු වී සිටියා. ඒ ඔහුගේ විවාහ ගිවිස ගැනීම නිසා යි. ඔහු මේ ආකාරයෙන් විවාහ ගිවිස ගත්තේ දිගු කලක් තිස්සේ ඔහුගේ සහකාරිය ලෙස සිටින ජෝර්ජිනා රොඩ්‍රිගෝස් සමග යි. මේ දෙදෙනා ගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ අගෝස්තු මාසයේ යි. එසේ වුවත් රොනාල්ඩෝ සහ ජෝර්ජිනා වසර ගණනාවක සිටම එකට ජීවත් වෙන දෙදෙනෙක්.

රොනාල්ඩෝ තවත් විශේෂ හේතුවක් නිසා පසුගිය දිනවල මධ්‍ය තුළ පුවත් මවන්නකු වී සිටියා. ඒ ඔහුගේ විවාහ ගිවිස ගැනීම නිසා යි. ඔහු මේ ආකාරයෙන් විවාහ ගිවිස ගත්තේ දිගු කලක් තිස්සේ ඔහුගේ සහකාරිය ලෙස සිටින ජෝර්ජිනා රොඩ්‍රිගෝස් සමග යි. මේ දෙදෙනා ගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ අගෝස්තු මාසයේ යි. එසේ වුවත් රොනාල්ඩෝ සහ ජෝර්ජිනා වසර ගණනාවක සිටම එකට ජීවත් වෙන දෙදෙනෙක්.
මේ වනවිට 31 වැනි වියේ පසුවන ජෝර්ජිනා ප්‍රකට නිරූපන ශිල්පිනියක්. 2016 වසරේ ඔවුන් දෙදෙනා මුල්වරට එකිනෙකා මුණ ගැසුණේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සුපිරි මට්ටමේ ඇඳුම් වෙළෙඳසැලකදී යි. එකල ජෝර්ජිනා එහි සේවය කරමින් සිටි අතර රොනාල්ඩෝ යමක් මිල දී ගැනීම සඳහා එහි ගොස් තිබුණා. දුටු පමණින් දෙදෙනා එකිනෙකා වෙත ආකර්ශණය වූ බව ඔවුන් මාධ්‍ය සාකච්ඡාවල දී පවසා තිබෙනවා.
නිහාල් පීරිස්