වර්තමාන ලෝක දේශපාලනය තුළ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය තුළ දැකගත හැක්කේ උත්තරීතර මනුෂ්‍යත්වයේ අග්‍රඵලයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බිහිසුණු යුදමය වාතාවරණයකි. ලොව ප්‍රධානතම ආගමික ඉගැන්වීම් දෙස බැලීමේදී, අල් කුරානයේ 41 වන පරිච්ඡේදය වන ‘ෆුස්සිලත්’ (41:34) හි සඳහන් වන්නේ අයහපතට යහපතින් පිළිතුරු දීමෙන් වෛරය දුරු වී සමීප මිත්‍රත්වයක් ගොඩනැගෙන බවයි. එමෙන්ම බෞද්ධ ධම්මපදයේ සේම මහා භාරතයේ ද “අක්ඛෝධේන ජිනේ කෝධං” යනුවෙන් දැක්වෙන්නේ ක්‍රෝධ කරන්නා මෛත්‍රියෙන් දිනිය යුතු බවයි. එසේම ජේසුස් වහන්සේගේ ප්‍රකාශයක් ලෙස බයිබලයේ ශුද්ධ වූ මතෙව් 26:52 හි දැක්වෙන “අවි ගන්නෝ අවිවලින්ම නැසෙන්නාහ” යන ප්‍රකාශය ද මානව ඉතිහාසයේ ස්වර්ණමය ඉගැන්වීමකි. එහෙත් මෙම මානුෂීය ධර්මයන් පසෙකලා මැදපෙරදිග කලාපය අද වන විට බිහිසුණු මිසයිල සහ ඩ්‍රෝන ප්රහාරයන්ගෙන් වැසී ගිය යුද පිටියක් බවට පත්ව තිබේ.
මෙම අර්බුදය හුදෙක් මිලිටරිමය ගැටුමක් පමණක් නොවේ; එය වසර 1400ක් පැරණි ආගමික බෙදීම් සහ වර්තමාන භූ-දේශපාලනික බල අරගලයක සම්මිශ්‍රණයකි. ලොව මුස්ලිම් ජනගහනයෙන් බහුතරය (85%-90%) සුන්නි මුස්ලිම්වරුන් වන අතර, ඉරානය යනු ෂියා මුස්ලිම් බහුතරයක් (85%-90%) වෙසෙන රාජ්‍යයකි. (අයතුල්ලා යනු ෂියා මුස්ලිම්වරුන්ගේ උත්තරීතර නායකත්වය හඳුන්වන වදනක් වන අතර එහි අරුත ‘අල්ලාහ්ගේ සංකේතය’ යන්නයි).

ඉරානය මූලිකත්වය ගන්නා “ප්‍රතිරෝධයේ අක්ෂය” (Axis of Resistance) තුළ ඉරාකයේ ෂියා රජය, සිරියාවේ අසාද් රජය, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ යේමනයේ හවුති සටන්කාමීන් ක්‍රියාත්මක වේ. මෙයට ප්රතිවිරුද්ධව සෞදි අරාබිය ප්රමුඛ ඇමරිකානු හිතවාදී සුන්නි කඳවුර දේශපාලනිකව පෙනී සිටියි.

වත්මන් ගැටුමේ උච්චතම අවස්ථාව ඉරානයේ උත්තරීතර නායක කමේනිගේ අනතුරු ඇඟවීම බව පෙනේ. ඔහු ඝාතනයට පෙර අවධාරණය කළේ ඉරානයට න්‍යෂ්ටික බලය අත්‍යවශ්‍ය බවයි. ඇමරිකානුවන් කිසිදු හේතුවක් නොමැතිව කලාපීය කටයුතුවලට මැදිහත් වන බව පෙන්වා දුන් ඔහු, ලෝකයේ ශක්තිමත්ම හමුදාව වුවද දැඩි අතුරු පහරකින් බිමට වැටිය හැකි බවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළේය.

මෙම ආතතියේ ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේ පෙබරවාරි 28 වැනිදා ඊශ්‍රායල – ඇමරිකානු ඒකාබද්ධ හමුදා ඉරානයට එරෙහිව බිහිසුණු මෙහෙයුමක් දියත් කළහ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් අයතුල්ලා අල් කමේනි ඇතුලු ඉරාන රාජ්‍ය පාලනයට සම්බන්ධ ප්‍රමුඛතමයන් පිරිසක්ඝාතනයට ලක්වීමත් සමඟ සමස්ත කලාපයම දැඩි කම්පනයකට සහ යුද උණුසුමකට නතු විය.

කමේනිගේ ඝාතනයෙන් පසු ඉරානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරයන් කලාපය පුරා විසිරී ඇති ඇමරිකානු කඳවුරු සහ මිත්‍ර රටවල සිවිල් ප්‍රදේශ ඉලක්ක කර ගත්තේය. ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රතිරූපය බිඳ වැටුණි.
ප්‍රහාරයට ලක්වූ ප්‍රධාන සිවිල් ඉලක්ක අතර:
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ: ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, බර්ජ් අල්-අරාබ් හෝටලය සහ ෆාම් ජුමෙයිරා දූපත.
ඊශ්‍රායලයේ: ටෙල් අවිව් සහ බීට් ෂෙමේෂ් ප්‍රදේශ (මෙහිදී පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 20ක් තුවාල ලැබූහ).
බහරේනයේ: මනාමා අගනුවර නේවාසික ගොඩනැගිලි ද විය.
මෙම ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’ (Iron Dome) පද්ධතිය ක්‍රියාත්මක වුවද, සමහර ඩ්‍රෝන සහ මිසයිල එම පද්ධති මඟහැර යාම යුද විශේෂඥයන්ගේ අවධානයට ලක් විය.

මෙම යුදමය ගැටුමේ අතිශය ඛේදනීය තත්ත්වය වන්නේ අහිංසක සිවිල් වැසියන්ට සිදු වූ හානියයි. රතු කුරුස සංවිධානයේ දත්තවලට අනුව ඉරානය තුළ පමණක් පුද්ගලයින් 201 දෙනෙකු මියගොස් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. විශේෂයෙන්ම ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට වාර්තා පළ වූ අතර, මෙය වත්මන් ගැටුමේ පවත්නා අතිශය බිහිසුණු සහ අමානුෂික ස්වභාවය මැනවින් පෙන්නුම් කරන්නකි.

ඉරානය මෙම ප්‍රහාර මගින් ගල්ෆ් කලාපය පුරා සංකේතාත්මක බලපෑමක් සිදු කළද, ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදාමය ශක්තිය හමුවේ සිදු වූ හානිය අවම බව ඇමරිකානු මධ්‍යම විධානය පවසයි. එහෙත් මෙම බිහිසුණු ප්‍රහාර මාලාව හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් සහ දරුවන් ජීවිතක්ෂයට පත්වීම දැවැන්ත මානුෂීය ඛේදවාචකයකි. අල් කුරානයේ, ධම්මපදයේ සහ බයිබලයේ ඉගැන්වීම් පසෙකලා වෛරයෙන් වෛරය සංසිඳුවීමට උත්සාහ කරන තාක් කල්, මැදපෙරදිග අහස මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් වැසී පවතිනු ඇත
ෆාතිමා හලල්දීන් විසිනි