මීනගයා දුම්රිය යළි ධාවනයට

මීනගයා දුම්රිය ඊයේ (23) සිට නැවත ධාවනයට එක්කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම දුම්රිය පස්වරු 7.00ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා පිටත් වීමට නියමිත බවයි.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම දුම්රිය මේ දක්වා අත්හිටුවා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්