ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මීරිගම ප්‍රදේශයේ අක්කර හැට හතරක ඉඩමක රාජ්‍ය සම්බන්ධතාවයකින් යුතුව කංසා වගාව ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.ජනාධිපති වරයාගේ විෂය පථයට අයත් මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒ සඳහා ක්‍රියාකාරී දායකත්වය සපයන බව ද පැවසෙයි. නමුත් තමන් ඒ වගා කිරීමේ හිමිකම ඇත්තේ විදේශීය ආයෝජකයන්ට පමණක් බව එම මණ්ඩලය පවසයි.ඔවුනට කංසා නීත්‍යනුකූලව වගා කිරීමට අවසර ලබා දී ඇත්තේ වගා කරන ලද කංසා ශ්‍රී ලංකාව තුළ භාවිත නොකර සම්පූර්ණයෙන්ම අපනයනය සඳහා පමණක් බව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.බීජ, කොළ, මුල් ආදී වශයෙන් වන කංසා ශාකයේ ඕනෑම කොටසක් බාහිර පරිසරයට මුදා හැරීමෙන් තොරව විනාශ කිරීමට දැඩි නීති සහ රෙගුලාසි පනවමින් සිටින බව එම මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකාවේ පවතින නීති සහ රෙගුලාසිවලට අනුකූලව මෙම වගාවන් දැඩි ආරක්ෂක පියවර යටතේ සිදු කෙරෙන බව ද ආයෝජන මණ්ඩලය අවධාරණය කරයි. මෙම කංසා වගා කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අධීක්ෂණය කරනු ලබන අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද එයට සහාය දක්වනු ඇත මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ කංසා භාවිතයෙන් ඖෂධ නිෂ්පාදනය සහ පර්යේෂණ සඳහා නිෂ්පාදන අපනයනය කිරීමයි.ඒ අනුව මෙහි කිසිදු දේශීය සම්බන්ධයක් නැත.
වාර්තා වන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත් තිස් හතෙන්, සුදුසුකම් සපුරා ඇති විදේශීය ආයෝජකයන් හත් දෙනකු මේ වන විට තෝරාගෙන තිබේ. මුල දී ඔවුන්ට මාස හයක මූලික කාලයක් සඳහා තාවකාලික බලපත්‍රයක් නිකුත් කර ඇත. මෙම කාලය තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආකාරය අනුව වගා කාලය අනාගතයේ දී දීර්ඝ කිරීමට නියමිත ය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ආයෝජකයකු අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5ක මූලික ආයෝජනයක් කළ යුතු අතර, අමෙරිකානු ඩොලර් මිලියන 2ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු බව ද කියනු ලැබේ.
සාමාන්‍යයෙන් පසුගිය රජයන් විසින් කරන ලද යහපත් දේ සම්බන්ධයෙන් මුනිවත රැකීම වත්මන් ආණ්ඩුව ස්වාභාවික මැලි කමක් දක්වන අතර ඉන් යහපත් දේ පිළිබඳ අයිතිය තමන් සතු කර ගැනීමට වෙහෙසෙන බව ප්‍රසිද්ධ රහසකි.ඒ පසුගිය මැතිවරණ මුල් කොට ඔවුන්ගොඩ නැඟූ “හැත්තෑ හය වසරක සාපය “නම් වන ප්‍රවාදයට හා ප්‍රලාපයට ඉන් හානි සිදුවන බැවිනි.එහෙත්, ඉහත සඳහ අප රටේ කංසා වගාව නම් වන විෂයේ බැලූ බැල්මටම තරමක අවුලක් පවතින නිසා එහි ආරම්භය පසුගිය “ශාපලත් සමය”ට බැර කිරීමට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස නොපසුබට ව ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලි ය.”මේ ජාතියේ වැඩ” ඔවුහු දැන් නිතර නිතර කරති.නමුත් ඉන් බාගෙට බාගයක් ජනතාව හමුවේ අනාවරණය වෙමින් තිබේ.
අප රටේ කංසා වගාව සම්බන්ධ විශාල සමාජ කතිකාවක් ඉකුත් කාලයේ ඇති විය.එහි දී ඇතැමුන් පවසා සිටියේ කංසා යනු මෙලොව ඇති අති ප්‍රබල ශක්ති ජනක ඔසුවක් බව ය.එමෙන්ම ඊට රාවණා රජ දවස තෙක් විහිද යන අති දීර්ඝ ඉතිහාසයක් ඇති බව ද සමහරෙක් කීහ.මේ අතර රජයේ දැඩි නියාමනයකට යටත්ව අපනයනය සඳහා කංසා වගා කිරීමට ආයෝජකයින්ට අවසර ලබාදීම 2024 අප්‍රේල් මාසයේ දී එවක දේශීය වෛද්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සිසිර ජයකොඩි අමාත්‍යවරයා විසින් යෝජනා කළ ව්‍යාපෘතියක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ද පවසා තිබුණි.පසුගිය රජය විසින් අනුමැතිය ලබා දුන් මෙම ව්‍යාපෘතිය මේ වන විට අඩුපාඩු සකස් කරමින් ඉදිරියට ගෙනයමින් පවතින බව ඔහු පවසා තිබුණේ ඉකුත් 12 දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
සාමාන්‍යයෙන් පසුගිය රජයන් විසින් කරන ලද යහපත් දේ සම්බන්ධයෙන් මුනිවත රැකීම වත්මන් ආණ්ඩුව ස්වාභාවික මැලි කමක් දක්වන අතර ඉන් යහපත් දේ පිළිබඳ අයිතිය තමන් සතු කර ගැනීමට වෙහෙසෙන බව ප්‍රසිද්ධ රහසකි.ඒ පසුගිය මැතිවරණ මුල් කොට ඔවුන්ගොඩ නැඟූ “හැත්තෑ හය වසරක සාපය “නම් වන ප්‍රවාදයට හා ප්‍රලාපයට ඉන් හානි සිදුවන බැවිනි.එහෙත්, ඉහත සඳහ අප රටේ කංසා වගාව නම් වන විෂයේ බැලූ බැල්මටම තරමක අවුලක් පවතින නිසා එහි ආරම්භය පසුගිය “ශාපලත් සමය”ට බැර කිරීමට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස නොපසුබට ව ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලි ය.”මේ ජාතියේ වැඩ” ඔවුහු දැන් නිතර නිතර කරති.නමුත් ඉන් බාගෙට බාගයක් ජනතාව හමුවේ අනාවරණය වෙමින් තිබේ.
විශේෂයෙන් මුස්ලිම් ජාතික පිරිමින්ට ප්‍රජනන කාරිය සඳහා අවශ්‍ය පුරුෂ ශක්තිය වඩවා ගැනීම පිණිස කංසා භාවිතයට ඉඩ දී ඇතැයි යන්න ජනප්‍රිය මතයකි.එය ඉස්ලාමයේ සීමිතව සිදු වන බහු භාර්යා සේවනය මත පදනම් වන්නක් බව ද පෙනේ.මෙම පැනය මුස්ලිම් නොවන මිතුරියන් අප ගෙන් ද අසා තිබේ.නමුත් මෙම බහු භාර්යා සේවනය අතිශය අසීරු කොන්දේසි මාලාවකට යටත්ව ඉස්ලාමයෙන් නිර්දේශ වන්නක් මිස ඉස්ලාමයේ අනුමැතිය හිමි වන්නක් නොවන බව බොහෝ දෙනෙක් නොදනිති.
කංසා යනු ඖෂධීය සංඝටක සහිත ශාඛයක් සේම මත් කාරකයකි.නමුදු එහි ශාඛ සාරය ඒ සඳහා යොදනු පිණිස ශාඛ පත්‍ර වියළා ඒවායේ දුම් ඉරීම කෙසේවත් අනුමත නොකෙරේ.නිසැක ලෙසම එය බරපතල අවභාවිතයකි.
මේ අතර පොදුවේ ශ්‍රී ලාංකේය සමාජයේ ඇතැම්හු මෙසේ කංසා දුම් ඉරීමට ඉස්ලාම් ආගම මඟින් මුස්ලිම් වරුන්ට අවසර දී ඇති බවක් පවසනු අපි අසා ඇත්තෙමු.විශේෂයෙන් මුස්ලිම් ජාතික පිරිමින්ට ප්‍රජනන කාරිය සඳහා අවශ්‍ය පුරුෂ ශක්තිය වඩවා ගැනීම පිණිස කංසා භාවිතයට ඉඩ දී ඇතැයි යන්න ජනප්‍රිය මතයකි.එය ඉස්ලාමයේ සීමිතව සිදු වන බහු භාර්යා සේවනය මත පදනම් වන්නක් බව ද පෙනේ.මෙම පැනය මුස්ලිම් නොවන මිතුරියන් අප ගෙන් ද අසා තිබේ.නමුත් මෙම බහු භාර්යා සේවනය අතිශය අසීරු කොන්දේසි මාලාවකට යටත්ව ඉස්ලාමයෙන් නිර්දේශ වන්නක් මිස ඉස්ලාමයේ අනුමැතිය හිමි වන්නක් නොවන බව බොහෝ දෙනෙක් නොදනිති.මේ සම්බන්ධයෙන් වෙනම කිවයුතු කරුණු රැසක් තිබේ.
ඉස්ලාම් දහම තුළ මනැස විකෘති කරන සියල්ල භාවිතය තහනම් කර ඇත.ඉස්ලාම් භක්තිකයකු යනු සෑම විටෙකම දෙවියන් නමැදීමට හෙවත් සලාතයට සූදානමින් සිටිය යුත්තකු ලෙස සලකනු ලැබේ.එමෙන්ම එය සිහි විකලතාවයකින් යුතුව කළ නොහැකි නිසා එය අකැප (හරාම් ) ලෙස සලකනු ලැබේ. බොහෝ ඉස්ලාම් විද්වතුන් කියා සිටින්නේ, කංසා ද මත් බව ඇති කරන ද්‍රව්‍යයක් වන නිසා, එය භාවිත කිරීම ද හරාම් බවයි.
කෙසේ වෙතත්, වෛද්‍යමය හෝ චිකිත්සක අරමුණු සඳහා කංසා භාවිතය සම්බන්ධයෙන් විවිධ මත තිබිය හැකි ය. එය වෛද්‍යවරයකුගේ නිර්දේශය මත රෝගයක් සඳහා ඖෂධයක් ලෙස භාවිත කිරීම පිළිබඳව සමහර විද්වතුන් අතර වෙනස් අදහස් පවතී.විශේෂයෙන් මෙම මතය ප්‍රචලිත වී ඇත්තේ අරාබි සම්භවයකින් යුතු යුනානි වෛද්‍ය ක්‍රමය ඖෂධීය වශයෙන් කංසා භාවිතය සිදු කරන නිසා ය. එමෙන්ම ඇතැම් රටවල් කංසා සතුව ඇති ඖෂධීය ගුණාංග නිසා එය වෛද්‍යමය අරමුණු සඳහා භාවිත කිරීමට අවසර දී ඇත. උදාහරණයක් ලෙස සමහර රටවල වේදනා නාශකයක් ලෙස හෝ වෙනත් රෝග සඳහා ඖෂධයක් ලෙස කංසා යොදාගනී.එහි ඇති Cannabinoids නම් සංඝටක බටහිර ඖෂධ සඳහා ද යොදා ගැනේ.නමුත් බොහෝ මුස්ලිම් රටවල්කංසා භාවිතය, වගා කිරීම සහ වෙළඳාම දැඩි ලෙස තහනම් කර ඇත. මේවාට සෞදි අරාබිය සහ ඉරානය වැනි රටවල් අයත් වේ.
ලොව සෙසු ජාතීන්ට සාපේක්ෂව මුස්ලිම් පිරිමින් ලිංගික ශක්තිය වඩවා ගැනීම පිණිස කාමෝද්දීපක (Aphrodisiac) පාවිච්චි බවට ද ප්‍රසිද්ධ මතයක් තිබේ.එය ඉස්ලාම් ආගමේ සෘජුවම තහනම් කර නැතැයි පවසන අතර බොහෝ මුස්ලිම් විද්වතුන් පවසන්නේ එය ඉස්ලාමීය නීතියට (ශරියා) පටහැනි නොවන බවයි.නමුත් මෙම කාමෝදීපක ගැනීමේ දී මුස්ලිම් වරුන් සැලකිය යුතු කරුණු හතරක් පිළිබඳව මුස්ලිම් විද්වතුන් අතර පොදු එකඟතාවක් තිබේ.ශරීරයට හානිකර නොවීම,ධන හානියට හේතු නොවීම,සිහි මුලාව පත් නොවීම සහ ඇබ්බැහියාවකට ලක් නොවීම යන්න ඒ කරුණු සතර ය.ඒ අනුව මුස්ලිම් වරුන්ට කාමෝද්දීපක භාවිතයට දී ඇති ආගමික නිදහස ගැන ඔබට ද සිතා ගත හැකි වනු ඇත.
ෆාතිමා හලල්දීන්