මෙරටට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යෑමට අවසර

මෙරට ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්තාන ගුවන් යානාවලට තම ගුවන් අවකාශය භාවිතා කිරිමට ඉන්දියාව විසින් අවසර ලබාදී තිබේ.

ඒ, දෙරට අතර ගුවන් අවකාශ භාවිත කිරීම තහනම් කර ඇති පසුබිමකයි.

මෙරට මානුෂීය හේතු සළකා බලමින් පාකිස්ථානයට තම ගුවන් සීමාව භාවිතා කිරිමට අවසර ලබා දී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තානය එම ඉල්ලිම ඉදිරිපත් කර පැය 4 ක් වැනි කෙටි කාලයක් තුළ එම අවසරය ඉන්දියාව විසින් ලබා දී තිබේ.

කාලීන පුවත්