මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි

මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්‍යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.ඊයේ දින පස්වරුව වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය සියයට 98.92 දක්වා ළඟා වී ඇතැයි නිවේදනය කරනලදි.

ඉදිරි කාලගුණ පුරෝකථනවලට අනුව ජල පෝෂක ප්‍රදේශවලින් මොරගහකන්ද ජලාශයට ලැබෙන ජලය මෙන්ම වැසි තත්ත්වයේ වර්ධනයත් සමග බෝවතැන්න ජලාශයෙන් මුදා හැරෙන ජලය මොරගහකන්ද ජලාශයට ලැබීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්, වාරිමාර්ග අධ්‍යක්ෂ, නේවාසික ව්‍යාපාර කළමණාකරුවන්,ප්‍රාදේශිය ලේකම්වරුන්, පොලිස්ථාන මෙන්ම පොලොන්නරුව ආපදා කළමණාකරණයට අදාල ත්‍රිවිද හමුදා ප්‍රධානීන් ඇතුළු මාධ්‍ය ආයතන වෙත එම නිවේදනය නිකුත් කර තිබේ.

කාලීන පුවත්