යළි ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එහි තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණයක් ද ආරම්භ කර ඇති බවයි.

දැනට පවතින යහපත් තත්ත්වය හමුවේ බොහේ විට අද (25) දිනයේ ජාත්‍යන්තර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනු ඇති බව සඳහන්.

දැනට පවතින සටන් විරාමය රැකගැනීමට ඊශ්‍රායලය හා ඉරානය යන රටවල් දෙකම එකඟ වී ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

කාලීන පුවත්