යුක්රේන- රුසියා යුද්ධය පසුගිය දිනවල ශී‍්‍ර ලංකාවට ද අදාළ යුද්ධයක් බවට පත් විය. ඒ ශී‍්‍ර ලාංකිකයන් ද නීති විරෝධී ආකාරයෙන් යුක්රේන සහ රුසියානු හමුදාවල සේවයට යොදවා තිබීම නිසා ය. මෙම කාරණය මෙයට මාස කිහිපයකට පෙර ලංකාවේ මාධ්‍ය තුළ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් ව තිබිණි.
කෙසේ හෝ වේවා, වසර තුනකට වැඩි කාලයක් ගත වී ඇති මෙම යුද්ධය ළඟදීම අවසන් විය හැකි යයි බලාපොරොත්තුවක් ඇති කරන සිදුවීමක් ගැන මේ දිනවල වාර්තා වෙයි. එනම් යුක්රේන යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් හමුවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැත්වීමට නියමිතව තිබීම යි. ඇමරිකාව මෙම යුද්ධයේ සෘජු පාර්ශ්වයක් නොවූවත් ඊට බලපෑමක් කිරීමේ හැකියාව ඇමරිකාව සතුව පවතී.
ඇමරිකානු ජනාධිපතිවරයකු සහ පුටින් අතර මුහුණට මුහුණ හමුවක් සිදුවීමට යන්නේ වසර හතරකට පසු පළමු වතාවට වීම ද මෙහි ඇති විශේෂත්වයකි. අවසන් වරට මෙවැනි හමුවක් සිදුව තිබුණේ 2021 වසරේ යි. එවකට ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරුවේ ජෝ බයිඩ්න් ය.
ඇමරිකානු ජනාධිපතිවරයකු සහ පුටින් අතර මුහුණට මුහුණ හමුවක් සිදුවීමට යන්නේ වසර හතරකට පසු පළමු වතාවට වීම ද මෙහි ඇති විශේෂත්වයකි. අවසන් වරට මෙවැනි හමුවක් සිදුව තිබුණේ 2021 වසරේ යි. එවකට ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරුවේ ජෝ බයිඩ්න් ය.
බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටින ට‍්‍රම්ප්- පුටින් හමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 15 වැනි සිකුරාදා යි. මේ සඳහා යොදා ගෙන ඇති ස්ථානය ඇමරිකාවේ උතුරු කෙළවරේ පිහිටි ප‍්‍රාන්තයක් වන ඇලස්කාව ය. එහි සිට රුසියාවට ද වැඩි දුරක් නැත.
යුක්රේන යුද්ධයට අදාළව සටන් විරාමයක් ඇති කර ගැනීමට පසුගිය කාලය තුළ විවිධ උත්සාහයන් දැරුණත් ඒ එකක්වත් සාර්ථක වූයේ නැත. එයට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ රුසියානු ජනාධිපති පුටින් ඒ සඳහා වැඩි නැඹුරුවක් නොදැක්වීම යි. යුද්ධය තුළ වැඩි වාසි හිමි කරගෙන සිටින්නේ රුසියාව බව රහසක් නොවේ.
කෙසේ වෙතත්, මෙවර පුටින්ව මෙම සාකච්ඡාව සඳහා පොළඹවා ගැනීමට ට‍්‍රම්ප් යම් උපායක් යොදා ගත්තේය. ඔහු පසුගිය දා පැවසුවේ අගෝස්තු 8 වැනි දිනට පෙර සටන් විරාමයක් සඳහා පියවර නොගතහොත් රුසියාව මත තවදුරටත් සම්බාධක පනවන බව යි. එපමණක් නොව රුසියාවෙන් තෙල් මිල දී ගන්නා රටවලට ද දඬුවම් කරන බව ඔහු කීවේය. මේ බව තහවුරු කරමින් ඔහු ඉන්දියාවට තීරු බදු දඬුවමක් දීමට පියවර ගත්තේය. ඒ ඉන්දියාවෙන් ඇමරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා සියයට 50 ක විශාල තීරු බද්දක් ප‍්‍රකාශයට පත් කිරීම තුළිනි. ට‍්‍රම්ප් විසින් වැඩිම තීරු බදු ප‍්‍රතිශතයක් පනවන ලද රටක් බවට මේ වනවිට ඉන්දියාව පත්ව තිබේ. ඉන්දියාව රුසියානු තෙල් වැඩියෙන්ම මිල දී ගන්නා රටවල් තුනෙන් එකකි. අනෙක් දෙක වන්නේ චීනය සහ තුර්කිය යි.
ට‍්‍රම්ප් ගේ මෙම නව තීරු බදු නිසා ඉන්දියාව වැනි රටවල් රුසියානු තෙල් මිල දී ගැනීම නතර කළහොත් එය රුසියානු ආර්ථිකයට යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ. රුසියාව යුක්රේන යුද්ධය පවත්වාගෙන යන්නේ ද තෙල්වලින් ලැබෙන ආදායම් තුළිනි.
රුසියානු ජනාධිපති පුටින් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට‍්‍රම්ප් සමග සාකච්ඡාවකට කැමැත්ත පළ කළේ මෙවැනි පසුබිමක් තුළ යි.
යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට‍්‍රම්ප් මේ තරම් උනන්දුවක් දැක්වීමට හේතු කිහිපයක් තිබේ. එකක් නම් මෙම යුද්ධය නිසා ඇමරිකානු ආරක්‍ෂක වියදම් ද ඉහළ ගොස් තිබීම යි. මන්ද යත් ඇමරිකාව ඩොලර් බිලියන ගණනින් යුක්රේනයට යුද ආධාර ලබා දෙන බැවිනි.
ඒ අතර ට‍්‍රම්ප් මේ වනවිට සාම දූතයකු ලෙස ප‍්‍රතිරූපයක් ඇති කරගනිමින් සිටින ආකාරයක් ද දැකිය හැකි වේ. පසුගිය කාලයේ කලාප කිහිපයකම ඇති වූ යුද ගැටුම් සමතයකට පත් කිරීමට ඔහු මැදිහත් විය. අපේ‍්‍රල් මාසයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් ගැටුම අවසන් වූයේ ඔහුගේ මැදිහත් වීම නිසා බවක් පැවසිණි. එමෙන්ම ජුනි මාසයේ ඊශ‍්‍රායලය සහ ඉරානය අතර ඇති වූ ගැටුම සමතයකට පත් කිරීම සදහා ද ට‍්‍රම්ප් මැදිහත් වූයේය. ඔහුගේ මැදිහත් වීමෙන් යුක්රේන යුද්ධයත් අවසන් වුවහොත් එය රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් ඔහුගේ තවත් විශාල ජයග‍්‍රහණයක් ලෙස වාර්තා වනු ඇත.
මේ වනවිට නොබෙල් සාම ත්‍යාගය සඳහා ද පාර්ශ්ව කිහිපයක්ම ට‍්‍රම්ප් ගේ නම නිර්දේශ කර ඇති බව රහසක් නොවේ. පාකිස්තාන ආණ්ඩුව සහ ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ට‍්‍රම්ප් ගේ නම නිර්දේශ කළ පාර්ශ්ව දෙකකි. යම් හෙයකින් ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමි වුවහොත් එය ද ඔහුගේ කීර්ති නාමය ඉහළ නංවන්නක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ වනවිට නොබෙල් සාම ත්‍යාගය සඳහා ද පාර්ශ්ව කිහිපයක්ම ට‍්‍රම්ප් ගේ නම නිර්දේශ කර ඇති බව රහසක් නොවේ. පාකිස්තාන ආණ්ඩුව සහ ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ට‍්‍රම්ප් ගේ නම නිර්දේශ කළ පාර්ශ්ව දෙකකි. යම් හෙයකින් ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමි වුවහොත් එය ද ඔහුගේ කීර්ති නාමය ඉහළ නංවන්නක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
යුක්රේනය සහ රුසියාව අතර සාමයක් ඇති කර ගැනීමේ දී බාධාවක් ලෙස කි‍්‍රයා කරන ප‍්‍රධාන ගැටලූවක් වන්නේ මේ වනවිට රුසියානු හමුදා විසින් අල්ලාගනු ලැබ සිටින යුක්රේන භූමි ප‍්‍රදේශ පිලිබඳ ගැටලූව යි. මෙම ප‍්‍රදේශ නැවත යුක්රේනයට භාර දීමට රුසියාවේ සූදානමක් නැති බව පෙනේ. ඒ අතර යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පසුගිය කාලය පුරාම පැවසුවේ මෙම ප‍්‍රදේශ නැවත යුක්රේනයට ලබා නොදෙන සාම ගිවිසුමකට කිසි විටෙක එකඟ නොවන බව යි. ඉදිරි සාම කි‍්‍රයාදාමයක දී මෙම ප‍්‍රශ්නය කෙසේ විසඳෙනු ඇත් ද යන්න තවම පැහැදිලි නැත.
කෙසේ නමුත් ට‍්‍රම්ප් පසුගිය දිනවල ඉඟි කර තිබුණේ ඇතැම් භූමි ප‍්‍රදේශ අත්හැරීමට යුක්රේනයට සිදුවිය හැකි බවකි. එවැනි සාම ගිවිසුමක් රුසියාවට බෙහෙවින් වාසිදායක ය. එවැන්නකට යුක්රේනය හෝ යුක්රේනයේ මිත‍්‍ර පාර්ශ්ව වන යුරෝපා රටවල් හෝ කැමති වනු ඇතැයි සිතිය හැකි නොවේ.
මෙම සංකීර්ණ පසුබිම තුළ 15 වැනි දින පැවැත්වෙන ට‍්‍රම්ප්- පුටින් සාකච්ඡාවල දී කුමන එකඟතා ඇති වනු ඇත් ද යන්න පිලිබඳ බොහෝ පාර්ශ්ව බලා සිටින්නේ දැඩි කුතුහලයෙනි. ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර සිදුවන මෙම මූලික සාකච්ඡාවලින් පසු යුක්රේනය ද ඉදිරි සාකච්ඡුාවලට එක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
නිහාල් පීරිස්