හැටන් පොලිස් වසමට අයත් අරෝල්වත්ත ඉලුක් සහිත රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.
එම ගින්න හේතුවෙන් අරෝල්වත්ත රක්ෂිතයේ අක්කර 10ක කොටසක් විනාශ වී තිබෙන බවට වාර්තා වෙයි.
මධ්‍යම බටහිර කඳුකරයේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ සතුන් දඩයම් කිරිමේ අරමුණින් හෝ විනෝදාස්වාදය සඳහා කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් විසින් මෙය සිදු කිරීමට ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
