බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ගවල ස්ථානීය දඩ Govpay ඇප් ඔස්සේ ගෙවීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ පොලීසිය එක්ව සකස් කරන ලද ක්‍රමවේදය ඊයේ (28) ඇරඹිණි. අදාළ දඩ මුදල්වල කිසිම වෙනසක් සිදු කර නැති බවත් ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay ඔස්සේ දඩ ගෙවීම සිදු කළ හැකි බවත් මෙහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරනලදි.
තැපැල් කාර්යාලවල රස්තියාදු නොවී දඩ ගෙවීමට හැකියාව මෙමඟින් ලැබෙන බවත් දඩ ගෙවන පුද්ගලයාට වැඩිපුර ගෙවීමට වන රුපියල් 85ක මුදල ද ඉතිරි වන බවත් ඇමැතිවරයා පවසනලදි. මේ දඩ ගෙවීමේ ක්‍රමවේදය සාර්ථක කර ගැනීමට පොලිස් නිලධාරීන්ට මේ වන විටත් පුහුණුවක් ලබා දී ඇති බවත් ඒ සඳහා ඊයේ (28) දිනයේ දී රථවාහන පොලීසියේ නිලධාරීන් 1000 කට Govpay ඇප් එක ඔස්සේ දඩ මුදල් ලබා ගැනීමට හැකිවන පරිදි ජංගම දුරකතන ලබා දුන් බවත් ප්‍රකාශ කරනලදි.