මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කැරට් 24 ක රන් පවුමක මිල ඊයේ (03) රුපියල් හාරලක්ෂ විසිපන්දහස (425,000) දක්වා ඉහළ ගොස් තිබේ.
තවද කැරට් 22 රන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ අනූතුන්දහස (393,000) දක්වා ද, කැරට් 18 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ විසිදහස (320,000) දක්වා ද ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්රමනියම් පවසයි.