ලෝක වෙළඳපොළේ රන් මිල පහළයාමත් සමඟ මෙරට රන් මිල ගණන් ද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.ඒ අනුව ඊයේ (19) කැරට් 22 රන් පවුමක මිල රුපියල් 362,500ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.
එය රුපියල් 13,000කින් පහළ ගොස් තිබේ.එමෙන්ම පෙරේදා (18) කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 374,400ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වෙයි.ඒ අනුව පෙරේදා (18) රුපියල් 407,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල ද ඊයේ (19) වන විට රුපියල් 394,000ක් දක්වා පහත වැටී තිබේ.