රන් මිල අඩුවෙයි

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය සුළු වශයෙන් පහළ ගොස් තිබේ.ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,002,963ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වෙයි.

එය පසුගිය 23වනදා සටහන් වුණේ රුපියල් 1,005,827ක් ලෙසයි.එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 259,500ක් දක්වා අඩු වී තිබේ.මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,440ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වෙයි. කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,380ක් ලෙස සටහන් වෙයි.

කාලීන පුවත්