ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රත්තරන් මිල ඊයේ (22 ) වාර්තා විය. ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් හාරදහස් හාරසියයයි දශම දෙකයි නවයක් (4,400.29) ලෙස සටහන් විය.
ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ හතළිස්හතර දහසක් (344,000) දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්රමනියම් පවසනලදි. තවද කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ දහඅටදහස් පන්සියයක් (318,500) දක්වා ද, කැරට් 18 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ පනස් (258,000)ක් දක්වා ද ඉහළ ගොස් ඇතැයි ලේකම්වරයා සදහන්කරයි.
මේ අතර මෙම වසරේදී ලෝක වෙළෙඳපොළේ රන් මිල සියයට හැටකට (60%) වඩා වැඩි ප්රතිශතයකින් ඉහළ ගොස් ඇත.