හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම මෙරටත් විදේශයන්හිත් දැඩි අවධානයට යොමු වී ඇති කරුණක් බවට පත්ව තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔහු මෙරට හිටපු ජනාධිපතිවරයා වීමත්, ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙකු වීමත්ය. එසේම ඔහුට එරෙහිව නඟා ඇති චෝදනාව ද මේ කරුණ පිළිබඳ දැඩි අවධානයක් දිනා ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට හේතුව වූයේ නිල ගමනක මුවාවෙන් පෞද්ගලික ගමනක යෙදීම සඳහා රාජ්‍ය අරමුදල් භාවිත කිරීම බව ඒ පිළිබඳ තොරතුරු පළ කරන සෑම මාධ්‍යයක්ම සඳහන් කර තිබුණි. එම නිසාම මෙම කරුණට අදාළව රාජ්‍ය මුදල් වැය කිරීම පිළිබඳව ඇති සම්මත ක්‍රියාවලිය ඔස්සේ කරුණු සොයා බැලීම වැදගත් වේ.
ව්‍යවස්ථාමය විධිවිධාන අනුව සෑම මාර්ගයකින්ම රජයට ලැබෙන ආදායම් ඒකාබද්ධ අරමුදල නම් අරමුදලකට බැර කළ යුතුව ඇත. රජයේ සෑම කාර්යයකටම අදාළව මුදල් වැය කළ හැක්කේ ඉහත සඳහන් ඒකාබද්ධ අරමුදලෙනි. සෑම වර්ෂයක ආරම්භයේදී මුදල් විෂය භාර අමාත්‍යවරයා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීම සඳහා වන “වොරන්ට් බලපත්‍රය” අත්සන් කරන තුරු ඒකාබද්ධ අරමුදලෙන් කිසිදු වියදමක් දැරිය නොහැක. මුදල් අමාත්‍යවරයාට එකී “වොරන්ට් බලපත්‍රය” අත්සන් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් අදාළ වියදම් දැරීම සඳහා නීතියක් මගින් අනුමැතිය දී ඇත්නම් පමණි. එක් එක් වර්ෂයට අදාළව වියදම් දැරීමේ බලය පාර්ලිමේන්තුව විසින් ලබාදෙන්නේ ඒ වර්ෂයට අදාළ විසර්ජන පනත සම්මත කිරීම මගිනි. වාර්ෂික අයවැය ලේඛනය කියා සාමාන්‍ය ව්‍යවහාරයේ සඳහන් කරන්නේ මේ විසර්ජන පනතටය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව රජයට රාජ්‍ය මුදල් වැය කිරීම හෝ රජයට ආදායම් ලබා ගැනීම සඳහා බදු පැනවීම කළ නොහැක. මේ බවට වන විධිවිධාන ඇතුළත් “රාජ්‍ය මූල්‍ය” නමින් වෙනම පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත. මේ ව්‍යවස්ථාමය විධිවිධාන අනුව සෑම මාර්ගයකින්ම රජයට ලැබෙන ආදායම් ඒකාබද්ධ අරමුදල නම් අරමුදලකට බැර කළ යුතුව ඇත. රජයේ සෑම කාර්යයකටම අදාළව මුදල් වැය කළ හැක්කේ ඉහත සඳහන් ඒකාබද්ධ අරමුදලෙනි. සෑම වර්ෂයක ආරම්භයේදී මුදල් විෂය භාර අමාත්‍යවරයා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීම සඳහා වන “වොරන්ට් බලපත්‍රය” අත්සන් කරන තුරු ඒකාබද්ධ අරමුදලෙන් කිසිදු වියදමක් දැරිය නොහැක. මුදල් අමාත්‍යවරයාට එකී “වොරන්ට් බලපත්‍රය” අත්සන් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් අදාළ වියදම් දැරීම සඳහා නීතියක් මගින් අනුමැතිය දී ඇත්නම් පමණි. එක් එක් වර්ෂයට අදාළව වියදම් දැරීමේ බලය පාර්ලිමේන්තුව විසින් ලබාදෙන්නේ ඒ වර්ෂයට අදාළ විසර්ජන පනත සම්මත කිරීම මගිනි. වාර්ෂික අයවැය ලේඛනය කියා සාමාන්‍ය ව්‍යවහාරයේ සඳහන් කරන්නේ මේ විසර්ජන පනතටය.
වාර්ෂික අයවැය ලේඛනය පිළියෙල කිරීමේදී රජයේ සෑම ආයතනයකම වියදම් සඳහා සම්මත වැය විෂයන් ව්‍යාපෘති හා වැය ශීර්ෂයන් අනුව වැය ඇස්තමේන්තු පිළියෙල කරනු ලබයි. ඒ අනුව මේ සිද්ධියට අදාළ 2023 වර්ෂය සඳහා සම්මත අයවැය ලේඛනය නැත්නම් විසර්ජන පනතින් ජනාධිපතිවරයා සඳහා රුපියල් මිලියන 3788 ක මුදලක් වියදම් ලෙස ඇස්තමේන්තු කර තිබුණි. මේ මුදලින් රුපියල් මිලියන 587ක මුදලක් ජනාධිපතිවරයාගේ කාර්යාලය සඳහා වෙන්කර දී ඇති අතර සෙසු මුදල් 778 ක් පමණ වන ජනාධිපති කාර්යමණ්ඩලය සඳහා හා ජනාධිපති කාර්යාලය යටතේ වන සංවර්ධන වැඩසටහන්, හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සැලසීම, ආදී වැඩසටහන් සඳහා වෙන්කර ඇත.
මේ අන්දමින් විසර්ජන පනතින් නැතිනම් අයවැය ලේඛනයෙන් ජනාධිපතිවරයාගේ කටයුතු වෙනුවෙන් වෙන්කරනු ලැබූ මුදල් කළමනාකරණය සිදුවන්නේ කෙසේදැයි බලමු. මෙම රජයේ මුදල් පාලනයට අදාළ විධිවිධාන සඳහන් වන්නේ මුදල් රෙගුලාසි සංග්‍රහයේය. මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් පනවනු ලැබ ඇති මෙම මුදල් රෙගුලාසි 124 අනුව රජයේ සෑම අමාත්‍යංශයක් හා අමාත්‍යංශයට අයත් නොවන විශේෂ වියදම් ඒකකවලට ප්‍රධාන ගණන්දීමේ නිලධාරියෙකු පත්කරනු ලැබ ඇත. එම මුදල් රෙගුලාසිය පරිදි ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් පත් කරනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා විසිනි. අමාත්‍යංශයක ලේකම්වරයා මේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියායි. ඒ අනුව ජනාධිපති කාර්යාලය සඳහා වෙන්කළ රජයේ මුදල් පිළිබඳව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන්නේ ජනාධිපති ලේකම්වරයාය.
මුදල් රෙගුලාසි සංග්‍රහයේ විධිවිධාන අනුව රජයේ මුදලින් වියදමක් දැරීම පියවර හතරකින් සිදු වන්නකි. ඒ පියවර හතර මෙසේය:
* වියදම සඳහා බලය දීම (Authorization)
* වියදම අනුමත කිරීම (Approving)
* වියදම සහතික කිරීම (Certification)
* ගෙවීම (Payment)
මේ පියවර හතර සඳහා වගකීම් පැවරෙන්නේ අදාළ ආයතනයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් මුදල් රෙගුලාසි 135 පරිදි බලය පවරනු ලැබූ නිලධාරීන් හතර දෙනෙකුටය. එක් එක් පියවර සඳහා අත්සන් කිරීමේ බලය එක් එක් නිලධාරීන්ට පැවරීම වර්ෂයේ මුලදී ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් කළ යුතු වේ. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ ද ගෙවීම් ක්‍රියාවලියේදී ඉහත පියවර හතර සඳහා බලය එක් එක් නිලධාරීන්ට මුදල් රෙගුලාසි 135 පරිදි පවරා දීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් වර්ෂය ආරම්භයේදී සිදු කරන්නට ඇත. ඒ අනුව ජනාධිපතිවරයා සම්බන්ධව කවර හෝ වියදමක් රාජ්‍ය මුදලෙන් දැරීම සිදුකරනු ලබන්නේ ඉහත පියවර හතර අනුව බලය පැවරී ඇති නිලධාරින් හතර දෙනෙකු විසිනි. මේ පියවර හතර අනුගමනය කිරීමකින් තොරව විසර්ජන පනත නැත්නම් අයවැය ලේඛනයෙන් වෙන්කරන රාජ්‍ය අරමුදල් වැය කිරීමක් කිසිසේත් සිදු කළ නොහැක. එසේම මේ පියවර හතර සඳහා බලය ලත් නිලධාරීන් හැරෙන්නට වෙනත් කවර බලවතෙකු අත්සන් කළත් කිව්වත් රාජ්‍ය අරමුදලෙන් වියදමක් දැරීම ද කළ නොහැක. එසේම රජයේ මුදලක් වැඩිපුර ගෙවීමක්, වැරදි අයට ගෙවීමක් හෝ වැරදි කාර්යයකට ගෙවීමක් කර ඇත්නම් ඊට වගකීම පැවරෙන්නේ මේ හතර දෙනාට මිස වෙනත් කිසිවෙකුටත් නොවේ.
ඉහත පියවර හතර අනුගමනය කර කරන ලද ගෙවීම් ඊළඟට විගණන ක්‍රියාවලියට ලක්වේ. මේ විගණන ක්‍රියාවලිය දෙආකාරය. එකක් අභ්‍යන්තර විගණනයයි. මෙය සිදු කිරීම සඳහා සෑම අමාත්‍යංශයකම, දෙපාර්තමේන්තුවකම ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවාවේ පළමු පංතියේ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර විගණන කාර්ය මණ්ඩලයක් සිටිති. ඔවුහු සිය අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ ගෙවීම් හා ගිණුම් මෙන්ම පරිපාලනමය ක්‍රියාවලිය ද පරීක්ෂා කර වාර්තාවන් ගණන් දීමේ නිලධාරියාට හෝ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාට ලබාදෙන්නේ විගණකාධිපතිවරයාට ද පිටපත් සහිතවය. කිසියම් වරදක්, වංචාවක්, සාවද්‍ය ගෙවීමක්, නොසැලකිල්ලක්, ප්‍රමාදයක් සිදුව ඇත්නම් එය හෙළිකර ගැනීමේ පළමු පරීක්ෂාව අභ්‍යන්තර විගණනයයි. විගණනයේ ඊළඟ පියවර විගණකාධිපතිවරයාගේ විගණනයයි. විගණකාධිපතිවරයා විසින් සියලු රාජ්‍ය ආයතන විගණනය කර පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලබයි. ඒ සඳහා රජයේ විගණන අංශයේ නිලධාරීන් විවිධ රාජ්‍ය ආයතනවලට සම්බන්ධ කර සිටිති. ජනාධිපති කාර්යාලයටද එබඳු විගණන කණ්ඩායමක් ජාතික විගණන කොමිසම යටතේ පත්ව සිටිති. පසුගියදා අධිකරණයේදී ප්‍රකාශ කළ පරිදි විගණකාධිපතිවරයා 2023 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ ගිණුම් විගණනය කර සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. විගණකාධිපතිවරයාගේ විගණනය මුළුමනින්ම ස්වාධීනව සිදු කරන්නකි.
ඊට අවශ්‍ය බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද, ජාතික විගණන පණත යටතේ ද විගණකාධිපතිවරයාට ලබා දී ඇත. මෙහිදී ජාතික විගණන පණතේ 19 වගන්තිය අතිශය වැදගත් වේ. ඉන් දැක්වෙන්නේ විගණනය කරනු ලබන ආයතනයක යම් ගනුදෙනුවක් කිසියම් ලිඛිත නීතියකට පටහැනිව සිදු කර ඇති බවටත්, එම ගනුදෙනුව මගින් ඊට සම්බන්ධ තැනැත්තන්ගේ යම් වංචාවක්, නොසැලකිල්ලක්, සාවද්‍ය පරිහරණයක් හෝ දූෂණයක් හේතුවෙන් යම් පාඩුවක්, ඌණතාවයක් සිදුව ඇතැයි විගණන සේවා කොමිසමට සාධාරණ හේතු ඇති අවස්ථාවක එම ඌණතාවය හෝ පාඩුවට අදාළ වටිනාකමට අධිභාරයක් පැනවීමට ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වෙත වාර්තා කළ යුතු බව. එම වගන්තියේ වැඩිදුරටත් දැක්වෙනුයේ මෙබඳු දැන්වීමක් ලද අවස්ථාවක අදාළ වගකිවයුත්තන්ට එරෙහි අධිකරණ හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමට පොරොත්තු නොවී එකී අධිභාරය පනවා එම පාඩුව හෝ ඌනතාවය අයකර ගැනීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ක්‍රියා කළ යුතු බවය. මීට පරිබාහිරව ක්‍රියා කිරීමට නම් වෙනත් ලිඛිත නීතියකින් මෙබඳු අවස්ථා ක්‍රියා කළ යුතු අන්දම ගැන වෙනත් විධිවිධාන තිබීම අවශ්‍යය. මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන ලිඛිත නීතිය අනුව රාජ්‍ය මූල්‍ය ගනුදෙනුවල කිසියම් වංචාවක්, නොසැලකිල්ලක්, සාවද්‍ය පරිහරණයක් නිසා යම් ඌණතාවක්, පාඩුවක් සිදුව ඇත්නම් අධිකරණ ක්‍රියාමාර්ගවලට හෝ විනය පරීක්ෂණවලට පොරොත්තු නොවී එම ඌණතාව හෝ පාඩුව වගකිව යුතු අයගෙන් අයකර ගැනීමට විධිවිධාන පවතින බවයි. අන් අයුරකින් කිවහොත් රාජ්‍ය මූල්‍ය ගනුදෙනුවලදී සිදුවන වංචා, දූෂණ, නොසැලකිල්ල, සාවද්‍ය පරිහරණය වැනි හේතු මත සිදුවන අලාභ, ඌණතා අයකිරීම විගණනය හරහා සිදු කිරීමට පියවර ගැනීම අධිකරණ ක්‍රියාමාර්ගවලට පොරොත්තු නොවී ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් විසින් සිදු කළ යුතු බවට නීතියෙන් නියමව ඇති බවයි.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් සිද්ධියේදී 2023 වසරට අදාළව ජනාධිපති කාර්යාලය පිළිබඳ විගණකාධිපති වාර්තාවෙන් කිසිදු වංචාවක්, සාවද්‍ය පරිහරණයක් හෝ නොසැලකිල්ලෙන් රජයට සිදුවූ පාඩුවක් හඳුනාගෙන නැති බව දැනගන්නට ඇත. එසේ වුව ද මෙම වරද පිළිබඳව තොරතුර ලැබුණේ මෑතදී බව පැවසේ. වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක මෙන්ම ජනාධිපති කාර්යාලයේද විගණනයෙන් පසුව කලක් ගතවී යම් වංචාවක්, දූෂණයක්, වරදක් ගැන තොරතුරු ලැබීම සිදු විය හැක. මෙබඳු අවස්ථාවකදී අනුගමනය කළ යුතු පරිපාටිය කුමක්දැයි විමසා බැලීම ඒ නිසාම වැදගත් වේ.
කිසියම් ආයතනයක පූර්වයෙන් සිදුව ඇති වරදක් පිළිබඳව තොරතුරක් ලද පසු ආයතන ප්‍රධානියා කළ යුත්තේ ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට මූලික විමර්ශනයක් පැවැත්වීමය. මෙම මූලික විමර්ශනය පැවැත්විය යුත්තේ ආයතන සංග්‍රහයේ දෙවැනි කොටසේ මූලික විමර්ශන පිළිබඳව දී ඇති උපදෙස් ප්‍රකාරවය. මේ මූලික විමර්ශනයෙන් යම් ආකාරයක මූල්‍ය අවභාවිතාවක් හෝ සාවද්‍ය ගෙවීමක්, වංචාවක් ආදී වරදක් පිළිබඳව තොරතුරු හෙළිවන්නේ නම් විගණකාධිපතිවරයාගෙන් ඒ පිළිබඳව විශේෂ විගණනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටිය යුතු වේ. විගණකාධිපතිවරයා විසින් සිදුකරන විශේෂ විගණනයේදී යම් නොසැලකිල්ලක්, වංචාවක් හෝ සාවද්‍ය පරිහරණයක් නිසා රජයට සිදු වූ මූල්‍යමය පාඩුව නිවැරදිව හෙළිදරව් කර ගත හැකිය. විගණකාධිපතිවරයාට කරුණු ඇත්නම් විගණන කොමිසම හරහා අධිභාර අයකර ගැනීමේ වාර්තාවක්ද එවනු ඇත. ඒ මත පාඩුව හෝ අලාභය අයකර ගැනීම ආරම්භ කර නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරින්ට පැමිණිලි කිරීම හෝ විනය පරීක්ෂණ පැවැත්වීමට පියවර ගැනීමටද හැකි වනු ඇත. විශේෂයෙන්ම රාජ්‍ය කාර්යාලයක මූල්‍ය වංචාවක් හෝ දූෂණයක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමේදී පිළිගත් විගණකවරයෙකු විසින් සකසන ලද විගණන වාර්තාවක් අත්‍යවශ්‍ය වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල ගමනක මුවාවෙන් පෞද්ගලික ගමනක් ගොස් රජයේ මුදල් අවභාවිත කිරීමේ පැමිණිල්ල පොලිසියට යොමුවීමට පෙරාතුව රාජ්‍ය මූල්‍ය පාලන රෙගුලාසි හා ජාතික විගණන පණත වැනි අදාළ නීතිරීතිවලට අනුව පූර්ව ක්‍රියාමාර්ග ඉහත පරිදි ගෙන තිබුණේ නම් රාජ්‍ය මූල්‍ය පාලනයේ වරදක් ඇත්නම් එය සොයා ගැනීමටත්, එයින් වූ පාඩුවක් වේ නම් එම මුදල් රජයට පියවා ගැනීමේ ක්‍රියාවලියට පිවිසීමත් එකවර කළ හැකිව තිබුණි. එමෙන්ම වැරදි කළ නිලධාරීන් වෙත්නම් ඔවුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමත් කළ හැකිව තිබුණි. නමුත් මේ සිද්ධියේදී දැන් පෙනී යන්නේ ඊට අදාළව රාජ්‍ය මූල්‍ය පාලන ක්‍රියාවලිය නොතකා හැර පොදු දේපල පණත ප්‍රකාරව පොලිසිය මගින් කටයුතු කරවීමේ ලොකු හදිසි වුවමනාවක් ජනාධිපති කාර්යාලයට තිබී ඇති බවය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල ගමනක මුවාවෙන් පෞද්ගලික ගමනක් ගොස් රජයේ මුදල් අවභාවිත කිරීමේ පැමිණිල්ල පොලිසියට යොමුවීමට පෙරාතුව රාජ්‍ය මූල්‍ය පාලන රෙගුලාසි හා ජාතික විගණන පණත වැනි අදාළ නීතිරීතිවලට අනුව පූර්ව ක්‍රියාමාර්ග ඉහත පරිදි ගෙන තිබුණේ නම් රාජ්‍ය මූල්‍ය පාලනයේ වරදක් ඇත්නම් එය සොයා ගැනීමටත්, එයින් වූ පාඩුවක් වේ නම් එම මුදල් රජයට පියවා ගැනීමේ ක්‍රියාවලියට පිවිසීමත් එකවර කළ හැකිව තිබුණි. එමෙන්ම වැරදි කළ නිලධාරීන් වෙත්නම් ඔවුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමත් කළ හැකිව තිබුණි. නමුත් මේ සිද්ධියේදී දැන් පෙනී යන්නේ ඊට අදාළව රාජ්‍ය මූල්‍ය පාලන ක්‍රියාවලිය නොතකා හැර පොදු දේපල පණත ප්‍රකාරව පොලිසිය මගින් කටයුතු කරවීමේ ලොකු හදිසි වුවමනාවක් ජනාධිපති කාර්යාලයට තිබී ඇති බවය. ඒ පොදු දේපල පණත යටතේ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන්ට ඇප ලබා ගැනීම අසීරු වීම නිසාදැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ කටයුතු දණ්ඩ නීති සංග්‍රහය හෝ පොදු දේපල පණත වැනි නීතිරීති මගින් නියාමනය කිරීමේ ප්රතිපත්තියකට ආණ්ඩුව පිවිසෙන්නේ නම් රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වය දරුණු ලෙස මන්දගාමී වනු නිසැකය.
සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති