රිදී මිලේ වාර්තාගත ඉහළ යෑමක්

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවයි.

ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර, අද දිනයේ පමණක් 0.3%කින් ඉහළගොස් ඇත.අමෙරිකාව විසින් එරට තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමත් සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් වැඩිවශයෙන් නැඹුරුවීම මෙලෙස රිදී මිලේ ඉහළ යෑමට හේතු වී තිබේ.

කාලීන පුවත්