
මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම් කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි. නමුත් මෙම කතන්දරවල කිසිදු සත්‍යයක් නොමැති බව කාලගුණ විද්‍යාඥයන් ස්ථිර වශයෙන් සඳහන් කර තිබේ.
අනාගතයේ මෙවැනි දරුණු ආකාරයේ සුළි කුණාටුවලට අපේ රට ගොදුරු වීමට ඇති අවදානම ඉහළ යමින් ඇති බව අමතක කළ හැකි කාරණයක් නොවේ. ඒ නිසා ඉදිරියේ දී ඇති විය හැකි මෙවැනි ආපදාවලින් රටේ ජනතාවත්, දේපලත් ආරක්ෂා කර ගැනීම සඳහා දීර්ඝ කාලීන, සැලසුම් සහගත වැඩපිලිවෙලක අවශ්‍යතාව බොහෝ විශේෂඥයෝ පෙන්වා දෙමින් සිටිති.
එසේ වුවත් අනාගතයේ මෙවැනි දරුණු ආකාරයේ සුළි කුණාටුවලට අපේ රට ගොදුරු වීමට ඇති අවදානම ඉහළ යමින් ඇති බව අමතක කළ හැකි කාරණයක් නොවේ. ඒ නිසා ඉදිරියේ දී ඇති විය හැකි මෙවැනි ආපදාවලින් රටේ ජනතාවත්, දේපලත් ආරක්ෂා කර ගැනීම සඳහා දීර්ඝ කාලීන, සැලසුම් සහගත වැඩපිලිවෙලක අවශ්‍යතාව බොහෝ විශේෂඥයෝ පෙන්වා දෙමින් සිටිති.
ඉදිරියේ දී මෙවැනි සුළි කුණාටු අවදානම් ඉහළ යනු ඇතැයි පැවසෙන්නේ මන් ද?
මේ වනවිට ලෝකයේ අර්බුද ගණනාවක් ඇති කිරීමට දායක වී තිබෙන ගෝලීය උණුසුම ඉහළ යාම වැනි තත්වයන් මීට වගකිව යුතු වේ. මෙම සංසිද්ධීන් නිසා ලෝකයේ ඇති වන සුළි කුණාටුවල දරුණු බව සහ ඒවායින් සිදුවිය හැකි විනාශයන් හි තරම ඉහළ යන බව මේ විෂයයන් පිලිබඳ විශේෂඥයෝ පවසති.
මෙම කාරණය තේරුම් ගැනීමේ දි සුළි කුණාටු ඇති වන ආකාරය සම්බන්ධයෙන් යම් අදහසක් ඇති කර ගැනීම වැදගත් වේ.
දිත්වා වැනි සුළි කුණාටු ඇති වන්නේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාමේ තත්වයත් සමග යි. සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යද්දී ඊට ඉහළින් ඇති වාතය ද රත් වීමකට ලක් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වාතය ඉහළ නගින්නට පටන් ගනියි. එවිට සාගර මතුපිටට ආසන්නයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වෙයි. මෙහි දී ඇතිවන හිස් තැන පිරවීමට අවට ඇති වාතය වේගයෙන් ඇදී එන අතර පෘථිවියේ භ්‍රමණය නිසා මෙම වේගවත් වායු ධාරා කැරකැවෙන්නට පටන් ගනියි.
එමෙන්ම මේ වායු ධාරා ද රත් වීම නිසා ඉහළ නගියි. මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වෙද්දී සුළඟේ ප්රචණ්ඩත්වය ද ක්‍රමයෙන් වැඩි වේ.
මේ අතර ඉහළ නගින වාතය සිසිල් වීමකට ලක්වන අතර එවිට එහි ඇති ජල වාෂ්ප වැස්ස බවට පත්ව ඇද හැලෙයි. සුළි කුණාටු සහ ධාරාණිපාත වැසි නිර්මාණය වන්නේ මේ ආකාරයෙනි.
සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26.5 ක් හෝ ඊට වැඩි වූ විට සුළි කුණාටුවක් ඇති වීමේ ඉඩ ඉහළ යන බව සඳහන් වේ.
ගෝලීය උණුසුම ඉහළ යනවිට සුළි කුණාටුවල ප්‍රබලත්වය වැඩි වන්නේ කෙසේ ද?
සුළි කුණාටුවකට බලය දෙන ඉන්ධනයක් ලෙස ක්‍රියා කරන්නේ සාගර ජලයේ උණුසුම යි. ගෝලීය උණුසුම ඉහළ යද්දී සාගර ජලයේ උෂ්ණත්වය ද ඉහළ නගින බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ආකාරයෙන් සාගර ජලයේ උණුසුම ඉහළ යාම සුළි කුණාටුවකට අමතර ඉන්ධන ලබා දීමකි.
එමෙන්ම ගෝලීය උණුසුම වැඩි වෙද්දී වාතය වඩාත් රත් වීමකට භාජනය වෙයි. එවිට එයට ජල වාෂ්ප ද වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකියාවක් ලැබේ. ජල වාෂ්ප වැඩි වශයෙන් රඳවා ගත් විට ඒ නිසා ඇති වන වර්ෂාව ද වඩාත් දරුණු වේෂයක් ගනියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජල ගැලීම්, නාය යාම් ආදිය ද වඩාත් දරුණු අතට හැරෙයි.
ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මිනිස් ක්‍රියාකාරකම් බව මේ වනවිට බොහෝ දෙනා දන්නා කාරණයකි. මිනිසුන් ෆොසිල ඉන්ධන, එනම් ඛණිජ තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි ඉන්ධන වැඩි වැඩියෙන් භාවිත කරද්දී ඒ තුළින් කාබන් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායූන් වැඩි වශයෙන් වායුගෝලයට එක් වේ.
හිරු එළියෙන් පෘථිවියට ලැබෙන තාපය නැවත පරාවර්තනය වී පිටවීම වැලැක්වීමේ හැකියාවක් මේ වායූන්ට තිබේ. මෙම වායූන් ඊට බාධාවක් ලෙස ක්‍රියා කරයි. මේ නිසා වායුගෝලයේ මෙම වායූන් වැඩි වනවිට සූර්ය තාපය වඩාත් පෘථිවිය ආසන්නයේ හිරවීම නිසා ගෝලීය උණුසුම ඉහළ යයි.
වනාන්තර එළි කිරීම වැනි කටයුතු ද ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වෙයි. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමේ හැකියාවක් ගහකොළවලට තිබේ. වනාන්තර එළි කළ විට ගහකොළවලින් කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම ද අඩු වේ. මෙය ද වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීමට හේතු වන්නකි.
ගෝලීය උණුසුම ඉහළ යාමේ තත්වය තුළ පසුගිය කාලයේ බෙංගාල බොක්ක කලාපයේ ද සුළි කුණාටුවල ප්‍රබලත්වය ඉහළ යාමක් වාර්තා වී තිබේ. එමෙන්ම පීඩන අවපාතයන් යනුවෙන් හැඳින්වෙන තත්වයන් සුළි කුණාටු දක්වා වර්ධනය වීමට දැන් වැඩි ඉඩක් ඇති බව ද කාලගුණ විශේෂඥයෝ පෙන්වා දෙති.සුළි කුණාටු ආපදාවන් කළමනාකරණය කර ගැනීම උදෙසා වඩාත් සැලසුම් සහගත, කාර්යක්ෂම, දීර්ඝ කාලීන වැඩපිලිවෙල අවශ්‍ය වනු ඇත්තේ මෙම පසුබිම තුළ ය.
මෙම අර්බුදය විසඳාගත හැක්කේ ෆොසිල ඉන්ධන භාවිතය, වනාන්තර එළි කිරීම වැනි කටයුතු අවම කිරීම මගිනි. මේ සඳහා ගෝලීය මට්ටමින් විවිධ වැඩපිලිවෙල ක්‍රියාත්මක වෙමින් තිබුණත් ඒවායේ මන්දගාමී බව විශාල ප්‍රශ්නයක් වී තිබේ.
ගෝලීය උණුසුම ඉහළ යාමේ තත්වය තුළ පසුගිය කාලයේ බෙංගාල බොක්ක කලාපයේ ද සුළි කුණාටුවල ප්‍රබලත්වය ඉහළ යාමක් වාර්තා වී තිබේ. එමෙන්ම පීඩන අවපාතයන් යනුවෙන් හැඳින්වෙන තත්වයන් සුළි කුණාටු දක්වා වර්ධනය වීමට දැන් වැඩි ඉඩක් ඇති බව ද කාලගුණ විශේෂඥයෝ පෙන්වා දෙති.
සුළි කුණාටු ආපදාවන් කළමනාකරණය කර ගැනීම උදෙසා වඩාත් සැලසුම් සහගත, කාර්යක්ෂම, දීර්ඝ කාලීන වැඩපිලිවෙල අවශ්‍ය වනු ඇත්තේ මෙම පසුබිම තුළ ය.
නිහාල් පීරිස්