ලංකාවේ දරිද්‍රතා මට්ටම අතිශය ඉහළ මට්ටමක පවතින බවත්,දරිද්‍රතාවයෙන් ගොඩ ඒමට සමාජ ආරක්ෂණය ප්‍රමාණවත් නොවන බවත් දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ (CEPA) විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසනලදි.
ODI Global ආයතනය සහ දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) විසින් සකස් කරන ලද “2025-2030 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ තිරසර හා පරිවර්තනීය වර්ධනයක් වෙනුවෙන් තීරණාත්මක උපාය මාර්ග“ පොත එළි දැක්වීම සඳහා කොළඹදී පසුගියදා (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසයි.
මෙම අවස්ථාවට International Economic Development හි අධ්‍යක්ෂ මහාචාර්ය Dirk Willem te Velde,ODI Globel හි ජ්‍යෙෂ්ඨ සාමාජික ගනේෂන් විග්නරාජා ද සහභාගි විය.
දේශීය වශයෙන් මෙරට ආර්ථිකයේ පවතින අවදානමෙන් තවමත් ගොඩට පැමිණ නැතැයිද,ඉදිරියේදී රටට අභියෝගාත්මක කරුණු කීපයකට මුහුණදීමට තිබෙන බවද ඔහු පවසනලදි.