ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව ලංගම සමගි සේවක සංගමයේ සභාපති නිරෝෂන් සම්පත් ප්‍රේමරත්න මහතා පවසයි.
හඳුන්වා දී ඇති ඒකාබද්ධ කාලසටහන සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද සඳහන් කරයි.