ලොව දෙවනත් කළ ජෙනිෆර් ලෝපස්ගේ සාය කඩා වැටීම


සුප්‍රකට ගායිකාවක වන ජෙනිෆර් ලෝපස් සිය 56 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෑතක දී පවත්වන ලද ප්‍රසංගයක දී හිටිඅඩියේ ඇගේ සාය කඩා වැටුණු අතර එම සිදුවීම ක්ෂණිකව ලැව් ගින්නක් මෙන් ලොව පුරා සියලු මාධ්‍ය අතර පැතිර ගියේය. මෙම වීඩියෝ දර්ශනය අන්තර්ජාලයට එක් වූ පසු, එය අතිශය වේගයෙන් පැතිර ගොස් YouTube, Facebook ඇතුළු විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල ක්ෂණයකින් මිලියන ගණනක නරඹන්නන්ගේ අවධානයට ලක් විය. සාය කඩා වැටීමේ මෙම සිදුවීම, බොහෝ මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ ඇය කලබලයට පත් නොවී ඉතාමත් වෘත්තීය මට්ටමකින් සිය ගායනය දිගටම කරගෙන ගිය බව පවසමිනි. ඇතැම් මාධ්‍ය ඇයට ඒ සම්බන්ධයෙන් ප්‍රශංසා කිරීමට ද උත්සුක වනු පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත්, මෙම සිදුවීම දෙස විමසිලිමත්ව බැලීමේ දී, එය හුදෙක් අහම්බයක් නොව, සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවට සැක සංකා පහළ වේ. මෙවැනි සිදුවීම් සාමාන්‍යයෙන් කලාකරුවකුගේ ජනප්‍රියතාවට හානි කළ හැකි වුව ද, මෙම සිදුවීම නිසා ඇය පිළිබඳ මෙතෙක් යටපත් වී තිබූ YouTube වීඩියෝ පවා නැවත වේගයෙන් ඉස්මතු වන්නට පටන් ගත්තේය. ඇය පිළිබඳ ලෝකයේ බොහෝ මාධ්‍ය කතා කරන්නට පටන් ගත් බව ද දක්නට හැකි විය.

මෙම ක්ෂණික පිබිදීමට හේතුව ජෙනිෆර් ලෝපස් කාලයක් තිස්සේ පවත්වාගෙන පැමිණි ගායන දක්ෂතාවය හෝ සැබෑ ජනප්‍රියත්වය නොව, සාය කඩා වැටීමේ සිදුවීමය. මෙයින් පෙනී යන්නේ, වර්තමාන මාධ්‍ය සංස්කෘතිය තුළ ප්‍රවණතා නිර්මාණය වන්නේ සැබෑ දක්ෂතා මත නොව, ක්ෂණික උද්වේගකර සිදුවීම් මත බවයි. ලොව පුරා යුදමය තත්ත්වයන්, දරිද්‍රතාව, සාගත සහ පාරිසරික අර්බුද වැනි බරපතළ ගැටලු ඕනෑතරම් පවතිද්දී, මාධ්‍යවල අවධානය යොමු වන්නේ ජනප්‍රිය ගායිකාවකගේ සායක් කඩා වැටීමක් වැනි සරල සහ මතුපිටින් පෙනෙන ජනප්‍රිය දේ කෙරෙහිය. මෙය මාධ්‍යවේදීත්වය සහ සමාජයේ හර පද්ධතිය පිළිබඳ බරපතළ ගැටලු මතු කරයි.

ජෙනිෆර් ලෝපස්ගේ සාය කඩා වැටීමේ අවස්ථාව

මෙම ක්ෂණික පිබිදීමට හේතුව ජෙනිෆර් ලෝපස් කාලයක් තිස්සේ පවත්වාගෙන පැමිණි ගායන දක්ෂතාවය හෝ සැබෑ ජනප්‍රියත්වය නොව, සාය කඩා වැටීමේ සිදුවීමය. මෙයින් පෙනී යන්නේ, වර්තමාන මාධ්‍ය සංස්කෘතිය තුළ ප්‍රවණතා නිර්මාණය වන්නේ සැබෑ දක්ෂතා මත නොව, ක්ෂණික උද්වේගකර සිදුවීම් මත බවයි. ලොව පුරා යුදමය තත්ත්වයන්, දරිද්‍රතාව, සාගත සහ පාරිසරික අර්බුද වැනි බරපතළ ගැටලු ඕනෑතරම් පවතිද්දී, මාධ්‍යවල අවධානය යොමු වන්නේ ජනප්‍රිය ගායිකාවකගේ සායක් කඩා වැටීමක් වැනි සරල සහ මතුපිටින් පෙනෙන ජනප්‍රිය දේ කෙරෙහිය. මෙය මාධ්‍යවේදීත්වය සහ සමාජයේ හර පද්ධතිය පිළිබඳ බරපතළ ගැටලු මතු කරයි. ක්ෂණිකව ඉතා වේගයෙන් පැතිර යන (viral) මෙවැනි සිදුවීම් හරහා, කලාකරුවන් තම ජනප්‍රියත්වය කෙටි කාලයකින් උපරිමයට නංවා ගැනීමට සමත් වෙයි. මෙවැනි වීඩියෝ ප්‍රෙක්ෂකයින් අතර වැඩි වශයෙන් ජනප්‍රිය වන බව YouTube, Facebook වැනි සමාජ ජාලවල ඇල්ගොරිදම (Algorithm) පද්ධතියට ස්වයංක්‍රීයව නිර්ණය වන අතර එවිට එමගින් ඒවා තව තවත් ව්‍යාප්ත කරවන්නට පියවර ගනියි. අවසානයේ එය බොහෝ දෙනෙකුට විවිධ මාතෘකා මවන කාරණාවක් බවට පත් වෙයි. අවසානයේ දී, මෙම ක්ෂණික ජනප්‍රියත්වය, සැබෑ දක්ෂතා මත ඇති වන ජනප්‍රියත්වය අභිබවා යයි.

ජෙනිෆර් ලෝපස්ගේ සාය කඩා වැටීමේ අවස්ථාව

මෙවැනි සිදුවීම් ජනප්‍රිය වීමට බලපාන ප්‍රධානතම සාධකය වන්නේ ලිංගික ආකර්ෂණය සහ ස්ත්‍රීත්වය හා රූමත් බව මුල් කරගත් ප්‍රවණතාවයන් ලෙස සඳහන් කළ හැකිය. යම් හෙයකින් මෙම අකරතැබ්බය සිදු වූයේ ගායකයෙකුට නම්, මේ සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙතරම් උනන්දුවක් දක්වන්නේ නැත. මෙහි දී කාන්තාවකගේ සැලකිය යුතු ප්‍රමාණයකින් නග්න වූ සිරුර ප්‍රදර්ශනය වීම, විශේෂයෙන්ම ඇගේ වයස සහ තවමත් ඇය රූමත් බව යන කරුණු, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වේ.

ජෙනිෆර් ලෝපස්ගේ සාය කඩා වැටීමේ අවස්ථාව

මේ සාය කඩා වැටීම හිතාමතා සිදු කරන ලද්දක් බවට සැක සිතෙන අනෙක් කාරණය වන්නේ, ඇය යටට ඇඳ සිටින ඇඳුම පවා එම රටවල සංස්කෘතියට අනුව කිසිදු ගැටලුවකින් තොරව ප්‍රසිද්ධ ස්ථානයකට ඇඳ යා හැකි තරම් උසස්, ආකර්ෂණීය තත්ත්වයකින් පැවතීමය. එය යට ඇඳුමක් සේ පෙනෙන සේ පිළියෙල කරන ලද, සාමාන්‍ය ඇඳුමකි. අනෙක, කඩා වැටුණේ යැයි පැවසෙන ඇඳුම ද පරිපූර්ණ සායක් නොව, සායක් සේ සකස් කරන ලද රෙදි කඩක් පමණි. එය කඩා වැටීම හෝ යට ඇඳුමක් සේ පෙන්වන්නට උත්සාහ කරන ඇඳුම නිසා හෝ ඇයට ලජ්ජාවට පත්වන දෙයක් සිදුවන්නේ නැත. එබැවින් ඇයට මේ සාය කඩා වැටීම නිසා තිගැස්මක් හෝ ලජ්ජාවක් ඇති වන්නට කාරණයක් නැත. ඇය ඉතාමත් සන්සුන්ව සිය ගායනය දිගටම කරගෙන යන්නේ ඒ හේතුවෙනි. අවසානයේ ඇය එය සිය ප්‍රේක්ෂකයන් දෙසට විසි කරන අතර එය තවදුරටත්‍ තමාට අවශ්‍ය නොවන බව පවසමින් වේදිකාව මත සිය කාර්යය කරගෙන යයි.

ජෙනිෆර් ලෝපස්ගේ සාය කඩා වැටීමේ අවස්ථාව

මනෝවිද්‍යාත්මකව මෙය පැහැදිලි කළ හැකි වන්නේ මානවයා තුළ ස්වාභාවිකව පවතින voyeurism හෙවත් දර්ශාස්වාදය ලෙසිනි. එනම් වෙනත් පුද්ගලයකු ඇඳුම් මාරු කිරීම වැනි ලිංගික වශයෙන් කුලමත් බවක් ඇති කරන දර්ශන නැරඹීමට ඇති වන කැමැත්තය. සිත්ගන්නා කරුණ නම්, මෙවැනි ප්‍රවණතා ජනප්‍රිය වන්නේ පිරිමින් අතර පමණක් නොව, කාන්තාවන් අතර ද වීමයි. මෙයට හේතු කිහිපයක් බලපායි. ඇතැම් කාන්තාවන් මෙවැනි සිදුවීම් දෙස බලන්නේ සමාජ සම්මතයන්ට අභියෝග කරන විප්ලවීය ක්‍රියාවක් ලෙසිනි. තවත් පිරිසක් එය විනෝදාස්වාදයක් ලෙස සලකන අතර, එය සමාජ මාධ්‍ය තුළ සාකච්ඡා කිරීමට ඇති තවත් මාතෘකාවක් බවට පත් වේ. තවත් පිරිසක්, ජෙනිෆර් ලෝපස් වැනි ප්‍රකට ගායිකාවක් තවමත් සුරූපී ලෙස සිය සිරුර පවත්වාගෙන යන ආකාරය පිළිබඳව ඇගයීමක් කරන අතර, ඇතැම් විට එය තම සිරුර හෝ ජීවිතය සමග සංසන්දනය කිරීමට ද පෙලඹෙයි. මෙම තත්ත්වය, රූපය සහ ශරීරය කේන්ද්‍ර කරගත් සංස්කෘතියක් සමාජය තුළ කොතරම් ගැඹුරට මුල් බැසගෙන ඇත්දැයි පෙන්වා දෙයි.

ජෙනිෆර් ලෝපස්ගේ සාය කඩා වැටීමේ අවස්ථාව

කලාකරුවන් සහ ඔවුන්ගේ කළමනාකාරිත්වය මෙම මනෝවිද්‍යාත්මක සාධක ඉතා දක්ෂ ලෙස හඳුනා ගනී. ජනප්‍රියත්වය පවත්වාගෙන යාම සහ එය වර්ධනය කිරීම සඳහා, ඔවුන් මෙවැනි “අහම්බෙන් මෙන්” සිදුවන සිදුවීම් උපයාශීලීව යොදා ගනී. මන්ද, එය සාම්ප්‍රදායික මාධ්‍ය ප්‍රචාරණයට වඩා අතිශයින් ඵලදායී වන බැවිනි. එමෙන්ම එය නොමිලේ ලැබෙන අති විශාල ප්‍රචාරණයකි. මෙවැනි සිදුවීම් ක්ෂණිකව අවධානය දිනා ගන්නා අතර, එය නැරඹීමට සහ සාකච්ඡා කිරීමට විශාල පිරිසක් පෙළඹේ. මෙමගින්, කලාකරුවා පිළිබඳව සාමාන්‍යයෙන් අවධානය යොමු නොකරන පිරිස පවා ඉක්මනින් ආකර්ෂණය කර ගත හැකිය. මෙම උපක්‍රමය “අවධානය ආර්ථිකය” (attention economy) ලෙස හඳුන්වන වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානම අංගයක් බවට පත්ව ඇත.

ජෙනිෆර් ලෝපස්ගේ සිදුවීම, මෙවැනි “ඇඳුම් අකරතැබ්බ” ප්‍රවණතාව හුදකලා සිදුවීමක් නොවේ. මෙය ඉතා දක්ෂ ලෙස මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය විසින් මෙහෙයවන ලද දීර්ඝකාලීන ක්‍රියාවලියකි. මේ සඳහා හොඳම උදාහරණය 2004 වසරේ Super Bowl ප්‍රසංගයේ දී ජනප්‍රිය ගායිකා ජැනට් ජැක්සන්ගේ සිදුවීමයි.

ජස්ටින් ටිම්බර්ලේක් සමඟ ගීතයක් ගායනා කරමින් සිටිය දී, ඇගේ ඇඳුම “අහම්බෙන්” ගැලවී ගිය අතර, ඇගේ නිරුවත් ලැම තත්පරයකට අඩු කාලයක දී මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රදර්ශනය විය. මෙය “Nipplegate” ලෙස හඳුන්වමින් ලෝකය පුරා විශාල ආන්දෝලනයක් ඇති විය. ජෙනිෆර් ලෝපස්ගේ සිදුවීම මෙන්ම, මෙය ද සැලසුම් සහගතව සිදු කළ බවට චෝදනා එල්ල විය. මෙම සිදුවීම නිසා ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) විකාශන නීති දැඩි කිරීමට පවා පෙලඹුණු අතර, ජැනට් ජැක්සන්ට ඒ සඳහා විශාල වන්දියක් ගෙවීමට සිදු විය.

ඇය යට ඇඳුම යැයි පවසන්නේ මෙයටය. එම රටවල පවතින සංස්කෘතිය අනුව මෙතරම් අලංකාර ලෙස සකස් කරන ලද්දක් යට ඇඳුම් ලෙස සැලකෙන්නේ නැත.

මෙම ප්‍රවණතාව සමාජයේ තරුණ පරම්පරාවට වැරදි පණිවිඩයක් ලබා දෙයි. සැබෑ දක්ෂතාවය, කැපවීම, සහ අඛණ්ඩ උත්සාහය වෙනුවට ක්ෂණික ජනප්‍රියත්වයක් සඳහා පහසු සහ ආකර්ෂණීය මාර්ග අනුගමනය කළ හැකි බවට ඔවුන් සිතන්නට පුරුදු විය හැකිය. මෙය දිගුකාලීනව සමාජයේ සංස්කෘතික සහ සදාචාරාත්මක හර පද්ධතීන් පිරිහීමට ද හේතු විය හැක. මෙවැනි සිදුවීම් හරහා සමාජයේ සාමාන්‍ය හර පද්ධතීන් කම්පනයට පත් වන අතර, මාධ්‍ය විසින් ජනප්‍රියත්වයේ නාමයෙන් මෙම පදනම් පලුදු කරනු ලබයි.

ප්‍රේක්ෂකයින්ට සාය සාය තිළිණ කිරීමෙන් පසු ඇය සිය කාර්යය කරගෙන යන්නේ මේ යට ඇඳුම යැයි පවසන ලද ඇඳුම සමගය.

මෙවැනි ප්‍රවණතාවන් දිගින් දිගටම සිදුවීම සමාජයට යහපතක් නොව, අයහපතක්ම සිදු කරයි. එයට හේතුව, කලාකරුවන්ගේ සැබෑ දක්ෂතා, නිර්මාණශීලීත්වය සහ සමාජයට ඔවුන් කරන සේවය වෙනුවට සංවේදීකරණය සහ ලිංගික ආකර්ෂණය පදනම් කරගත් දේවල්වලට සමාජය විසින් වැඩි වටිනාකමක් ලබා දීමය. මෙම තත්ත්වය තුළ නවක කලාකරුවන් පවා ජනප්‍රියත්වය සඳහා මෙවැනි පහසු මාර්ග සෙවීමට පෙළඹවිය හැකිය. ඔවුන් සිතන්නේ, දක්ෂතා වර්ධනය කර ගැනීමට වෙහෙසීම වෙනුවට, ක්ෂණික සහ ආන්දෝලනාත්මක සිදුවීමක් නිර්මාණය කිරීම වඩාත් ඵලදායී බවය.

වේදිකාව මත සිටින්නකු විසින් ඇයට සාය නැවත අන්දවනු ලබයි

එපමණක් නොව, මෙම ප්‍රවණතාව සමාජයේ තරුණ පරම්පරාවට වැරදි පණිවිඩයක් ලබා දෙයි. සැබෑ දක්ෂතාවය, කැපවීම, සහ අඛණ්ඩ උත්සාහය වෙනුවට ක්ෂණික ජනප්‍රියත්වයක් සඳහා පහසු සහ ආකර්ෂණීය මාර්ග අනුගමනය කළ හැකි බවට ඔවුන් සිතන්නට පුරුදු විය හැකිය. මෙය දිගුකාලීනව සමාජයේ සංස්කෘතික සහ සදාචාරාත්මක හර පද්ධතීන් පිරිහීමට ද හේතු විය හැක. මෙවැනි සිදුවීම් හරහා සමාජයේ සාමාන්‍ය හර පද්ධතීන් කම්පනයට පත් වන අතර, මාධ්‍ය විසින් ජනප්‍රියත්වයේ නාමයෙන් මෙම පදනම් පලුදු කරනු ලබයි.

ජැනට් ජැක්සන්ගේ Nipplegate සිදුවීම

සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය මේ ආකාරයේ දේවල්වලට වැඩි ඉඩක් දීමෙන්, ඔවුන් බරපතළ සමාජීය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ වගකීමෙන් මිදෙන්නට උත්සාහ කරයි. මෙය සමාජය තුළ වගකීම් විරහිත මාධ්‍ය සංස්කෘතියක් සහ විචාරාත්මක චින්තනයෙන් තොර පිරිසක් බිහි කිරීමට හේතු විය හැකිය. අවසානයේ දී, මෙවැනි සිදුවීම්වලට ජනප්‍රියත්වයේ තාවකාලික උච්චස්ථානයක් ලබා දුන්න ද, එය කලාකරුවාට හෝ සමාජයට දීර්ඝකාලීන යහපතක් ගෙන එන්නේ නැත. එයින් පෙන්නුම් කරන්නේ, ජනප්‍රිය සංස්කෘතිය විසින් සැබෑ හරයාත්මක දෑ යටපත් කරමින්, ක්ෂණික ආකර්ෂණය සඳහා වෙහෙසෙන අඳුරු පැතිකඩක් පමණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර