ලෝක ආයුර්වේද දින සැමරුම් උත්සවය අද

ලෝක ආයුර්වේද දිනය මෙම මස 23 වන දිනට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය අද (23) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මෙවර 10 වන වරට පැවැත්වෙන ලෝක ආයුර්වේද දින සැමරුම “Ayurveda for people & planet” යන්න තේමා කර ගනිමින් පැවැත්වෙයි.

මෙරට සැමරුම් වැඩසටහන අද(23) පෙරවරු 10.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ ශ්‍රවණාගාරයේ දී ආරම්භවීමට නියමිතයි.

කාලීන පුවත්