ලෝක කුසලාන අවසන් පූර්ව තරඟ අදින් ඇරැඹේ

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟ අද (4) සිට ඉන්දියාවේදී ඇරැඹීමට නියමිතයි. ප්‍රථම අවසන් පූර්ව තරඟය නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද රාත්‍රියේ කල්කටාහිදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරඟය සඳහා හෙට (5) ඉන්දියාව සහ එංගලන්තය තරග වදිති.

තරගාවලියේ මෙතෙක් අපරාජිත දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම අතර අද තරඟයෙන් ජයගන්නා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වතාවට අවසන් මහා තරඟයක් නියෝජනය කිරීමට නියමිතයි. දකුණු අප්‍රිකාව පසුගිය තරග වාරයේ අනුශූරයන් බවට පත් වූ අතර නවසීලන්තය 2021 වසරේ අනුශූරතාව දිනාගන්නාලදි. මෙම කණ්ඩායම් දෙකම තවමත් ලෝක කුසලානයක් හිමිකරගෙන නොමැති වීම සේම මෙවර ඔවුන් ප්‍රථම වතාවට විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයක මුණ ගැසීමද විශේෂත්වයකි.

කාලීන පුවත්