1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනුවයි.
පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට පිරිසිඳු පානීය ජලය නොලැබෙන බවට ද අනාවරණ වී තිබේ.
එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින්.
ගංගා, වැව් ඇතුළු අනෙකුත් ජල මූලාශ්‍ර අසල්වැසි රටවල් සමග බෙදාගන්නා රටවල් සංඛ්‍යාව, 153 ක්.
මෙරට ජනගහනයෙන් ද, පිරිසිඳු පානීය ජල සැපයුමක් හිමිවන්නේ, 62 % කට ආසන්න පිරිසකට වන අතර අවිධිමත් සංවර්ධනය හා වන හානිය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයක්.
එබැවින් ජල මූලාශ්‍ර රැක ගැනීම අප සැමගේ වගකීමක්.