අපේ රටේ ජනතාව වගා කරන ගෙවතු හා අනිකුත් බව බෝගවලට වන සත්තුන්ගෙන් සිදුවෙන හානි දවසින් දවසම වැඩිවෙනවා. ඒක බොරුවක් නෙවේ. ඒ වගේම මේක අඩු වෙන තත්ත්වයක් නම් පේන්න නැහැ. දවසින් දවසම උග්‍ර වෙනවා මිසක්. ඒ වගේම කලින් වන සතුන් දකින්න නොතිබුණු ග්‍රාමීය වගේම නාගරික ප්‍රදේශවලටත් මේ වන සතුන් ව්‍යාප්ත වෙලා තියන විදිහ දකින්න පුළුවන්. වන අලියා හැරුණම රිලවා, වඳුරා, මොනරා, ඉත්තෑවා, දඬුලේනා, වල් ඌරා වගේ සත්තු තමයි මේ අතරින් ප්‍රධාන මොකද ? උන් නිරන්තරයෙන් බෝග හානි කරන සතුන් බවට පත් වෙලා තියනවා. ඒ වගේම අද වෙන කොට මේක වන සත්ව මිනිස් ගැටුමක් බවට පත් වෙලා. ඒ වගේම මේක එක්තරා විදිහක දේශපාලනික කාරණයක් හැටියටත් සමහරු දකිනවා. එහෙම දකින්න හේතුව ඒ වන සත්ත්ව උවදුර මැඩලන්නට දේශපාලන විසදුම් ඉදිරිපත්වෙලා තිබීම. ඒ දේශපාලන විසඳුම් සාධනීය තිරසාර ඒව නෙවෙයි කියලා තවත් පාර්ශවයක් කියනවා . නමුත් මෙතන මම කතා කරන්නෙ ඒ පිළිබඳව නෙවේ. මේ ගැටළුවට විධිමත් විසඳුම් සෙවීම පැත්තක තියලා අපි දේශපාලනික කඹ ඇදීමක් පටන් ගැනීම අන්තිම මෝඩ වැඩක්. ඒ හින්දා මේ වන සත්තුන්ගෙන් සිදුවෙන බෝග හානි වගා හානි පිළිබඳව මට හැමදාම පෙනෙන මම දකින යමක් තමයි මම ප්‍රකාශ කරන්න ලෑස්ති වෙන්නේ.
අද හැමෝම කතා කරන වන සතුන්ගෙන් සිද්දවෙන වගා හානි ගැන බැලුවත් මම මෙහේ ආපු මුල් කාලයේ දී මගේ ළමා වියේදී ඔහොම වන සතුන් හා මිනිසුන් අතර ලොකු ගැටුමක් තිබුණෙ නෑ. වන සත්තු කැලේ හිටියා. මිනිස්සු ගම්වල හිටියා.මිනිස්සු හේන් කුඹුරුවල ගොවිතැනුත් කළා. ගෙවතු බෝගත් වගා කළා අස්වනුනුත් නෙළා ගත්තා. මගේ ළමා වියේදි නොතිබුණ වන සත්තුන් ගේ ප්‍රශ්නය අද වන කොට සමාජය පුරා ඔඩු දුවපු පිළිකාවක් බවට පත් වෙලා; ඒ කියන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකයට බරපතල හානි සිද්ද කරන තීරණාත්මක සාධකයක් වෙලා.
මම ඉපදුණේ දකුණු පළාතේ දෙවුන්දර. 1974 වවසරෙදි මම ගල්ගමුවෙ පදිංචියට ආවා. පුංචි කොලු ගැටයෙක් හැටියට ඇවිල්ලා මෙහෙ අධ්‍යාපනය හැදෑරුවා. මෙහෙ හැදිල වැඩිල මේ ජන ජීවිතයත් එක්ක හුඟාක් බද්ධ වෙලා කටයුතු කළා. මම හයක් හතරක් තේරුම් ගන්න කොටම මෙහාට ආව නිසා මට පුළුවන් වුණා මෙහෙ ජන ජීවිතය පිළිබඳ බොහෝ කරුණු උකහා ගන්න. අද හැමෝම කතා කරන වන සතුන්ගෙන් සිද්දවෙන වගා හානි ගැන බැලුවත් මම මෙහේ ආපු මුල් කාලයේ දී මගේ ළමා වියේදී ඔහොම වන සතුන් හා මිනිසුන් අතර ලොකු ගැටුමක් තිබුණෙ නෑ. වන සත්තු කැලේ හිටියා. මිනිස්සු ගම්වල හිටියා.මිනිස්සු හේන් කුඹුරුවල ගොවිතැනුත් කළා. ගෙවතු බෝගත් වගා කළා අස්වනුනුත් නෙළා ගත්තා. මගේ ළමා වියේදි නොතිබුණ වන සත්තුන් ගේ ප්‍රශ්නය අද වන කොට සමාජය පුරා ඔඩු දුවපු පිළිකාවක් බවට පත් වෙලා; ඒ කියන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකයට බරපතල හානි සිද්ද කරන තීරණාත්මක සාධකයක් වෙලා. ඒක ඇත්ත කියල අපිට පිළිගන්න වෙනවා. අපි කාටවත් ඒ ගැටලුව මඟ හරින්න බැහැ. එහෙම නම් අපිට තියෙන්නේ හැමෝම එකතු වෙලා ඒකට විසඳුම් හොයන්න. මේක එක දේශපාලන කණ්ඩායමකට බාර දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් මොකක් හරි ගැටලුවක් නිරාකරණය කර ගැනීමේදී ඒ ගැටලුවට මූලෝත්පාදක වෙච්ච හේතු දැන ගන්න ඕන. ඒ හේතුවලට විසඳුම් හොයා ගත්තොත් තමයි සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නෙ. එහෙම නැත්නම් ඔය සමහරු කියන විදියට ඔය වන සතුන් මරල දාන්න සමූල ඝාතනය කරන්න බැහැ.ඒවා කිසිසේත්ම තිරසාර විසඳුම් නෙවේ. ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම වන අලින් වෙන ප්‍රදේශවලට පලවා හරින එක කිසිසේත්ම ඒවා සාර්ථක විසඳුමක් නෙවෙයි.මිනිස්සු හැටියට අපි ඊට වඩා බුද්ධිමත් මානුෂීය විසඳුම් සෙවිය යුතුයි.
එදා පොසොන් පෝයක් දවසේ මිහිඳු හාමුදුරුවෝ නතර කරපු ඒ සත්ව ඝාතන පිටුදැකීම අදටත් වලංගුයි. සාමාන්‍යයෙන් අපේ පරණ ගැමියෝ හේන් එලිපෙහෙළි කිරීමේදී ඒ වනපෙත්වල ඉන්න කුඩා කුහුඹුවන්ට පවා බැගෑපත් වුණා. අද පාසල් අධ්‍යාපනයට පවා එකතු වෙලා තියන ගිනි යාදින්න වල් යාදින්න වගේ දේවල් අපේ පාරම්පරික ගැමියන් ගේ සානුකම්පිත බවට කදිම උදාහරණයක්. අද එහෙම බැගෑපත් නොවුණත් ඒ සිතුවිලි මැරිලා නෑ ඒවා තාම අපේ හිත් ඇතුළේ පණ ගැහෙනවා.
උල්පතක් තියන ජලාශයකින් වතුර අරන් ඒ ජලාශය හින්දවන්න අදහස් කරනවා වගේ වන සතුන් සමූල ඝාතනය කිරීම ඒකට තිරසාර විසඳුමක් නෙවෙයි. ආයිමත් ඒ ප්‍රශ්නය එනවා. ඒවාට අපි කියන්නෙ පැලැස්තර විසඳුම් කියලා. අනික අපේ රටේ එහෙම කරන්න බෑ. අපේ රට බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක්. අපේ ශ්‍රී ලාංකික ජාතියේ මුදුන් මුල බෞද්ධ සංස්කෘතියයි. අනෙකුත් සංස්කෘතීන් තියෙනවා. නමුත් ඒ මුදුන් මුල කපාගෙන අනිත් මුල් වර්ධනය කරල බෑ. බෞද්ධ සංස්කෘතිය කියන්නේ අවිහිංසාව පදනම් වුණු එකක්. අපේ ලේවල ජාතියේ ලේවල අවිහිංසාව තියෙනවා. පහුගිය කාලෙත් හුඟක් අඩු ගාණට වායු රයිෆල් තුවක්කු කියන ඒවා වෙළඳ පොළට දැම්මා.නමුත් ගම්වල මිනිස්සු ඕව අරගෙන වදුරන්ට රිලවුන්ට වෙඩි තියන්න ගියේ නැහැ.අපේ රටේ දඩයම් කරන මිනිස්සු සුළු ප්‍රමාණයක් ඉන්නවා. ඒක වෙනම කාරණයක්. නමුත් වෙන රටවල වගේ දඩයම සංස්කෘතිකාංගයක් වෙලා නෑ.සමහර රටවල මිනිස්සු විනෝදයටත් සත්තු මරනවා.සත්තු මරන සංස්කෘතිකාංග තියනවා. නමුත් අපේ රටේ ජනතාව ඒවා පිළිකුල් කරනවා. එදා පොසොන් පෝයක් දවසේ මිහිඳු හාමුදුරුවෝ නතර කරපු ඒ සත්ව ඝාතන පිටුදැකීම අදටත් වලංගුයි. සාමාන්‍යයෙන් අපේ පරණ ගැමියෝ හේන් එලිපෙහෙළි කිරීමේදී ඒ වනපෙත්වල ඉන්න කුඩා කුහුඹුවන්ට පවා බැගෑපත් වුණා. අද පාසල් අධ්‍යාපනයට පවා එකතු වෙලා තියන ගිනි යාදින්න වල් යාදින්න වගේ දේවල් අපේ පාරම්පරික ගැමියන් ගේ සානුකම්පිත බවට කදිම උදාහරණයක්. අද එහෙම බැගෑපත් නොවුණත් ඒ සිතුවිලි මැරිලා නෑ ඒවා තාම අපේ හිත් ඇතුළේ පණ ගැහෙනවා.
ඒ හින්දා කවුරුත් සත්තුන් පිළිබඳ එහෙම ආවට ගියාට විසඳුම් ගන්න එපා. ඒවා අර පාරාවළල්ලක් වගේ ඒ තීරණ ගත්ත අය වටා කැරකෙනවා. අදටත් මෙහේ මිනිස්සු සත්තු සම්බන්ධව බොහොම සහනශීලී ලෙස හිතන්නෙ. දැන් මේ ගල්ගමුව ප්‍රදේශයෙත් ගැමි ජීවිතවලට වන අලින්ගෙන් හානි වෙනවා. නමුත් වගා ළිඳකට අලියෙක් වැටිලා ඉන්නවා දැක්කොත් ඒ සතාව ගොඩ දානකම් ගෙදරක බත් මුට්ටියක් ළිප තියන්නෙ නෑ. ඔක්කොම ඇවිල්ල ඒ මුළු ගමම ඒ වටේ ඉන්නව සතාව ගොඩ දානකන්ම. සතා ගොඩ ගියාට පස්සෙ තමයි ප්‍රීති ඝෝෂා තියලා ගෙවල්වලට යන්නෙ.මට හිතෙන විදිහට ඒක ගම්මුන් ගේ ජීවිතවලට සෙත් ශාන්තියක් ලබා දීපු වැඩක්. මෙහේ පාරම්පරික ගම් තියනවා. ඒ කියන්නේ ගංගොඩ ගෙවල්.හේන් කුඹුරු තියෙන්නෙ ටිකක් ඈතින්. එතනින් එහා තිබුණෙ මූකලාන. සත්තු ජීවත් වුනේ මූකලන්වල.ඒත් ආහාර සොයාගෙන ආවා අර හේන් කුඹුරුවලට. ඉතින් ඒ නිසා තමයි ගොවියො පැල් රකින්න ගියේ. රෑ නිදිමරා ගෙන පැල් රකිනවා කියන්නේ අමුතුම වැඩක්. එහෙම පැල් රකින කොට පැල් කවි කිව්වේ නිදිමත පාළුව කාන්සිය මැකෙන්නම නෙවෙයි. ඒ බව බෝග තමන්ගේ කියලා වන සත්තුන්ට දැනුම් දෙන්න. ඒ වගේම හේනෙ පැල ළඟ රෑට දල්වන ගිනි මැලයත් එහෙමයි.ඒකෙන් අවට ආලෝකමත් වුණා. මදුරුවන් නැති වුණා වගේම එහෙම ගිනි මැලයක් පත්තු වෙන තැනකට ඒ කාලෙ වන සත්තු ආවේ නෑ. ඒ වගේම පැය විසි හතරේම හේන් කුඹුරුවලට ආරක්ෂක ක්‍රම තිබුණා. දඬු වැට,පඹයන් හිටුවීම,වන සතුන්ට නුපුරුදු ශබ්ද වගේ වගේ එක එක ආරක්ෂක ක්‍රම තිබුණා. ඒත් හේන් කුඹුරුවල අස්වැන්න නෙලුවට පස්සෙ මිනිස්සු ඒව අතහැරියා.එතකොට අන්න ඒවට ආව වන සත්තු.ඒවායේ අලුතෙන් එන දළු කොළ කන්න පටන් ගත්තා. ඒවා ඉතාම හොඳ ඉතාම රසවත් ආහාර බවට පත් වුණා. මහ කැලේ මූකලන්වල නෙවේ, ඒවයේ තමයි සතුන්ට හොඳම කෑම තියෙන්නේ. අදත් ඔය ගල්ගමුවෙ ඉන්න වන අලි වැඩි පුරම දකින්න ලැබෙන්නේ මී ඔය මායිම නෙ. මී ඔය දෙපැත්තෙ තියෙනවා නිම්න කලාපයක්. ඒ නිම්න කලාපෙ තියෙනවා ලා දලු තණ කොළවලින් පිරිණු ජල ජීවී පරිසර පද්ධතියක්, ඒ නිසා තමයි වන අලි ගහනය වැඩිවෙලා තියෙන්නෙ. වන අලින් ගේ පැවැත්මට කෑමයි වතුරයි තියෙන්නම ඕන. නමුත් ඊට පස්සෙ පසුගිය කාලවලදි මිනිස්සු මොකද කළේ වගා කරන්න ඒ කැලෑ කොටන්න පටන් ගත්ත. කැලෑ කොටන්න පටන් අරන් ඒ හේන් යායවලම යායෙ පදිංචි වුණා. එතකොට හේනයි කුඹුරයි පදිංචියයි ඔක්කොම එක තැන..එතකොට ඒවයෙ හිටපු වනසත්තු? උනුත් එහෙමමයි. උන් තමයි ඒවයේ මුල් පදිංචි කාරයො වන සත්තු අපි ළඟට ආවෙ නෑ. අපි තමයි උන් ළඟට ගියෙ. පස්සෙ රජයෙනුත් සියලුම ගොවීන්ට ඉඩම් බෙදා දෙන්න දුන්න. මිනුන්දෝරු මහත්තුරු ඇවිල්ලා ඉඩම් මැන්න මිසක් ඒ වයේ ජීවත් වෙන සතා-සීපාවා කෙරෙහි කිසිම බැලිල්ලක් කළේ නෑ .සතෙකුට ජීවත් වෙන්න අවශ්‍ය ආහාර සුලබ බව ඊළගට ජලය අනිවාර්යෙන් අවශයයි නෙ. ඒ අය මිනිස් ජනාවාස හැටියට ගත්තෙත් සත්තු ඉන්න ඒ කොටස් තමයි. මේක එක්තරා විදිහක පැහැරගැනීමක්; කොල්ල කෑමක්. පස්සෙ මොකද කළේ අපි වෙන් කරගත්තු රක්ෂිත තියෙනවානෙ. සත්තු ඉන්න ඕන ඒවගෙ කියලා වන අලින්ව ඒවට එලවන්න පටන් ගත්තා.ඒත් උන් එහෙම ඉන්නෙ නෑ. සතා දන්නෙ නෑ ඒ භූමිය ගැන. සතාට ඕන ආහාර සහ ජලය නිසා ඒගොල්ලන් ඕන ස්වාභාවික වාසස්ථාන.ඒගොල්ල ඉන්නෙ ස්වාභාවික නීතියට අනුව මිසක් අපේ නීතියට රටේ නීතියට නෙවෙයි. අපි හදල දුන්නට උන් ඉන්නෙ නෑ ආපහු එනවා. අපි සේරටම කලින් ඔන්න ඕක තේරුම් ගන්න ඕන.

ඊළඟට තව දෙයක් වුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ යටතේ තිබුණ රජයේ ඉඩම් වන රක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුව. ඒක බොහොම හොඳයි මූලිකව. මොකද අපිට කැලේ ඕන. රටකට අවශ්‍ය වන දෙයක් තමයි වන ගහනය. ඒ හින්දා ගම්මැද්දෙ තියෙන බැදි කුට්ටි 5/2000 කියන චක්‍රලේඛය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දීල ඒව මායිම් ගැහුවට ඒව අතරෙ වන සත්තු රැදුණා. විශේෂයෙන් වන අලි. දැන් අපේ අලුත් නාගරික පරම්පරාව ඉස්සර වගේ නෙවේ හැන්දෑවට ආප්ප කනව කොත්තු රොටි කනවා නූඩ්ල්ස් කනව ප්‍රයිඩ් රයිස් කනවා. මොකද දැන් රෑට නාගරික බොහොමයකට බත් කන්න බෑ.
ඒ වගේ තමයි වන සත්තුත් දැන් ගම් වැදිලා.මොකද උන් ට ගම්වල බඩ ඉරිගු තියෙනවා. කෙසෙල් තියෙනවා. පුහුල් තියෙනවා. වට්ටක්කා තියෙනවා. කොමඩු තියනවා. රිලවුන්ට ඕනෙ තරම් ගෙවතු බෝග තියනවා .ඉතින් උන් ඔක්කොම එක සැරේ ඇවිල්ල කාගෙන කාගෙන යනවා ඉතින් ඕකනෙ අපි දෙගොල්ලම කරන්නෙ. අපි ඒක දැනුවත්ව කරනවා සත්තු ඒක සහජීවනයෙන් කරනවා.ඒ කියන්නේ සත්තු දන්නෙ නෑ කවුද මේක හිටෙව්වෙ. මේකට අයිතිකාරයෙක් ඉන්නවද මේකෙ මිල කීයද ඒ කිසිම දෙයක් සත්තු දන්නෙ නැහැනෙ. උන් කුසගින්නට කොහොම හරි කනවා..ඉතින් ඔය සාධකය ඉවත් කරලා වන සත්තු මරා දැමීමට අමතර ඔය ඉවත් කරනවා කියලා දෙයක් ගැනත් කතා කරනවා. ඇත්තෙන්ම මට ඒක තේරෙන්නෙ නෑ. මේ මොකක්ද මේ සත්තු ඉවත් කරනවා කියන්නෙ.මම හිතන්නේ ඒ රිලා වඳුරෝ ගම් -බිම්වලින් අරගෙන ගිහින් වෙන කොහාට හරි ගිහින් දාන එක වෙන්න ඕනෙ. ඒත් මේක මුළුමනින්ම වගකීම් විරහිත කියාවක්. ඒ කියන්නේ අපහරණයක්. අර සමහරු කියන්නේ කිඩ්නැප් කරනවා කියලා. මේත් එහෙම එකක්.හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයෙන් 2024 අවුරුද්දේ “මානව-වන ජීවී සහජීවනයට ප්‍රවේශයක්’ කියලා පොත් පිංචක් නිකුත් කළා. ඒකේ වගා හානි කරන රිලා වඳුරන් ගැන කියන තැන තියනවා ඒ සතුන් ඒ විදිහට “අපහරණය” කිරීම සාර්ථක විසඳුමක් නෙවෙයි කියලා.
අපි පොඩි කාලේ අපේ ගම්වල හිටපු රිලව් වඳුරො හැංගිලා බලන් ඉන්නවා මිසක් ගෙවල් ඇතුලට ආවෙ නෑ උන් බයයි.සැකයි. කෝලයි. නමුත් අපි ඒ කාලේ මිහින්තලේ අනුරාධපුරේ යද්දි ඒවයේ ඉන්න රිලව් සම්පූර්ණ වෙනස්. මිනිස්සු ළඟට ඇවිත් පැහැර ගන්න විදිහක් ඒ කාලෙත් තිබුණ අපි දැක්කා. ඉතින් අපි කල්පනා කරනවා මේ අපේ පැත්තෙ ඉන්න රිලව් වගේ නෙමේ මිහින්තලේ ඉන්නෙ වෙන රිලව් ජාතියක්නෙ කියලා. ඉතින් ඔන්න ඔය ටික හොඳට තේරුම් ගන්න ඕන විසදුම් හොයන්න. ඔය ටික තේරුම් බේරුම් කර ගෙන තමයි විසඳුම් සොයන්න ඕන.ඒ කියන්නේ රෝග නිධානය දැන ගෙන තමයි රෝගයට ප්‍රතිකාර හොයන්න ඕන. නැත්නම් රෝගය ඉවර වෙනවා වෙනුවට රෝගියා ඉවර වෙන්න පුළුවන්.
ඉතින් මේ ගැටලුව විසඳා ගන්න මූලික වශයෙන් කළ යුත්තේ වසර සිය දහස් ගණනක් තිස්සේ තිබුණු වන සතුන්ගේ නිජ බිම් වශයෙන් සුදුුසු පරිසරයක් ප්‍රතිනිර්මාණය කිරීම. ඔය දැන් අලුතෙන් ප්‍රේරක කලාප, බෆර් සෝන් කියලා භූමි ප්‍රදේශ වෙන් කරනවනේ. ඔය බටහිරින් ආපු ප්‍රේරක කලාප වගේ අපේ ගැමියොත් ප්‍රේරක කලාප නම් කළා. කවුරුත් ඒ ගැන කියන්නේ නෑ හේන් කරන්නෙ නැති කාලෙට වන සත්තු ඒවයේ ජීවත් වුණා. උන්ට ගම් වදින්න උවමනාවක් තිබුණෙ නෑ. දැන් වගේ ඔය පොල් කෙසෙල් කොස් ගෙවතු බෝග වගේම ගෙවල්වල ඉදෙන බත් මුට්ටි පවා උන්ට ගොදුරු වුණේ නෑ අනික ඒ කාලෙ වන සත්තු හරි කුලෑටියි.මිනිස්සුත් එක්ක එහෙම සම්බන්ධ නෑ.
මෙතන දී මට තව කතාවක් මතක් වෙනවා. අපි පොඩි කාලේ අපේ ගම්වල හිටපු රිලව් වඳුරො හැංගිලා බලන් ඉන්නවා මිසක් ගෙවල් ඇතුලට ආවෙ නෑ
උන් බයයි.සැකයි. කෝලයි. නමුත් අපි ඒ කාලේ මිහින්තලේ අනුරාධපුරේ යද්දි ඒවයේ ඉන්න රිලව් සම්පූර්ණ වෙනස්. මිනිස්සු ළඟට ඇවිත් පැහැර ගන්න විදිහක් ඒ කාලෙත් තිබුණ අපි දැක්කා. ඉතින් අපි කල්පනා කරනවා මේ අපේ පැත්තෙ ඉන්න රිලව් වගේ නෙමේ මිහින්තලේ ඉන්නෙ වෙන රිලව් ජාතියක්නෙ කියලා. ඉතින් ඔන්න ඔය ටික හොඳට තේරුම් ගන්න ඕන විසදුම් හොයන්න. ඔය ටික තේරුම් බේරුම් කර ගෙන තමයි විසඳුම් සොයන්න ඕන.ඒ කියන්නේ රෝග නිධානය දැන ගෙන තමයි රෝගයට ප්‍රතිකාර හොයන්න ඕන. නැත්නම් රෝගය ඉවර වෙනවා වෙනුවට රෝගියා ඉවර වෙන්න පුළුවන්.
එච්.කේ විමලරත්න ගල්ගමුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති