වන අලි රකින්න දැඩි නීති

වන අලින්ට වෙඩි තැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට විරුද්ධව නීති දැඩි කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතා කොළඹ දී පවසනලදි.

වන අලින්ට වෙඩි තැබීම් ඇතුලු ගැටලු සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පරිසර අමාත්‍යාංශයේදී  පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව පවසනලදි.

වන අලින්ට සිදු කරන වෙඩි තැබීම්වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පරිසර අමාත්‍යවරයා විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත එහිදී උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර කරගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැටවල් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහාත් වනසතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.

කාලීන පුවත්