ජීවමානව සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? හෘද ස්පන්ධනයද? සිතිවිලි පැන නැගීමද? අතක් සෙලවීමද? එසේත් නැත්නම් සිහින දැකීමේ හැකියාවද?
මෙවැනි ප්‍රශ්නාවලියක් අසමින් මේ ලිපිය අරඹන්නට හේතුව වූයේ, ‘සවුදි අරාබියේ නිදන කුමරා’ (Sleeping Prince) ලෙස ප්‍රකටව සිටි අල්-වලීද් බින් ඛාලිද් බින් තලාල් අල් සාවුද් කුමරා 2025 ජූලි 19 වැනිදා, දශක දෙකක පමණ කාලයක් කෝමා තත්ත්වයෙන් පැවතුණු සිය නිසල ජීවිතයට සදහටම සමුදෙමින් දෙනෙත් පියා ගත් බැවිනි. මේ තත්ත්වය නූතන වෛද්‍ය විද්‍යාවේ සීමාවන් පමණක් නොව මිනිස් අවබෝධයේ සීමා මායිම් ද අභියෝගයකට ලක් කළේය.
ලන්ඩනයේ දී ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරන්නට හේතු වූ මෝටර් රථ අනතුරකට ලක් වන විට ඔහු යාන්තම් 15 වැනි වියෙහි පසු වූයේය. එයින් පසු ඔහු ජීවත් වූයේ, වඩාත් නිවැරදි ලෙස පැවසුවහොත් ‘පැවතුණේ’ වෛද්‍යවරුන් විසින් නිර්වචනය කරන පරිදි ‘ස්ථාවර සිහිසුන් තත්ත්වයකය’. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Persistent Vegetative State (PVS) නමිනි. කෙසේ නමුත් මේ චිකිත්සක යෙදුම පසුපස, සිත තුළ හොල්මන් කරන එක්තරා ආකාරයක යථාර්ථයක් ද මතු වේ. එනම්, හුස්ම ගන්නා, ඇසි පිය හෙළනා, ඇතැම් අවස්ථාවල දී අතපය පවා සොලවන සිරුරක් පවතින නමුත්, මනස කිසිදා ආපසු නොපැමිණේය යන්නය.
ලන්ඩනයේ දී ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරන්නට හේතු වූ මෝටර් රථ අනතුරකට ලක් වන විට ඔහු යාන්තම් 15 වැනි වියෙහි පසු වූයේය. එයින් පසු ඔහු ජීවත් වූයේ, වඩාත් නිවැරදි ලෙස පැවසුවහොත් ‘පැවතුණේ’ වෛද්‍යවරුන් විසින් නිර්වචනය කරන පරිදි ‘ස්ථාවර සිහිසුන් තත්ත්වයකය’. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Persistent Vegetative State (PVS) නමිනි. කෙසේ නමුත් මේ චිකිත්සක යෙදුම පසුපස, සිත තුළ හොල්මන් කරන එක්තරා ආකාරයක යථාර්ථයක් ද මතු වේ. එනම්, හුස්ම ගන්නා, ඇසි පිය හෙළනා, ඇතැම් අවස්ථාවල දී අතපය පවා සොලවන සිරුරක් පවතින නමුත්, මනස කිසිදා ආපසු නොපැමිණේය යන්නය.
අලි-වලීද් කුමරුගේ තත්ත්වය ලෝක අවධානය දිනා ගත්තේ ඔහු රාජකීයයකු නිසා නොව, ඔහු ජීවත් වන ප්‍රශ්නාර්ථයක් බවට පත්ව සිටි බැවිනි. ඔහුගේ පියා, ඛලිද් බින් තලාල්, ඔහු අතහැරීම ප්‍රතික්ෂේප කළේය. දිනෙන්, දින, වසරින් වසර ඔහු සිය පුතු වෙනුවෙන් යාඥා කරමින්, බලාපොරොත්තු දල්වා ගනිමින් මහත් පීතෘ ආදරයකින් කාලය ගත කළේය.
ඔහුගේ ඇඟිලි සෙලවෙන, ඇසිපිය සැලෙන වීඩියෝ කොටස් ඇතැම් අවස්ථාවල දී ලෝකයා දුටුවේය. මේවා සිහිය ඇති බවේ (සවිඥානික බවේ) සලකුණු ද, එසේත් නැත්නම් හුදෙක් ප්‍රතීක ක්‍රියාවන් (reflexes) පමණක් දැයි ලෝකයා ඉදිරියේ ඉතිරි වූයේ ප්‍රශ්නයකි. ඔහුගේ සමුගැනීමත් සමග මේ මේ පිළිබඳ තවදුරටත් සිතමින් සිටීමේ අවශ්‍යතාව තුරන්ව ගියේය. නමුත් තවමත් ඉතිරි වූ ගැටලු බොහොමයක් තිබේ.
එයින් එකක් වන්නේ මේ ‘ස්ථාවර සිහිසුන් තත්ත්වයක්’ (Persistent Vegetative State) යනු කුමක්ද යන්නය. බොහෝ තැන්වල මෙය ‘එළවළු’ වැනි අර්ථයකින් සඳහන් කළ ද එතැන ඇත්තේ එවැනි අර්ථයක් නොව ජීව විද්‍යාත්මක කෘත්‍යයන් ක්‍රියාකාරීව පැවතිය ද මොළයේ ක්‍රියාකාරීත්වයන් කිසිවක් සිදු නොවන තත්ත්වයක් යන්නය. ඇතැම් අවස්ථාවල දී රෝගියා දෑස් අරිනු, යන්ත්‍රයක් නොමැතිව හුස්ම ගන්නා තත්ත්වයන් ආදිය දැකිය හැකිය. එමෙන්ම නින්දේ දී අත්දකින ඇතැම් තත්ත්වයන් ද දැකිය හැකිය. නමුත් මෙවැනි තත්ත්වයක් පවතිද්දී තමා පිළිබඳ හෝ තම වටපිටාව පිළිබඳ දැනුවත් බවක් නොමැත.
වෛද්‍ය විද්‍යාත්මකව ගතහොත් මෙය සිදුවන්නේ සිතීම, මතකය සහ දැනුවත් බව හෙවත් සවිඥානික බව සම්බන්ධයෙන් මොළයේ පවතින ‘මෂ්තිෂ්ක බාහිකය’ (cerebral cortex) දරුණු ලෙස හානියට පත් වූ විටය. නමුත් හෘද ස්පන්ධනය සහ ස්වසනය පාලනය කරන ‘මොළ යටිය’ (brainstem) අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මෙවැනි අවස්ථාවක දී සිරුර සජීවී නමුත් සිත මනස අතුරුදහන් වී ඇතිදැයි යන ප්‍රශ්නය මතු වෙයි.
නිදන කුමරාගේ කතාව පිළිබඳ නිරන්තර අවධානයට ලක් වූ බොහෝ දෙනෙකුගේ සිත තුළ හොල්මන් කළ ප්‍රශ්නය වූයේ එයයි. සවිඥානික බව යන්න විද්‍යාවෙන් අර්ථ දක්වන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය සමග සම්බන්ධ කරමිනි. නමුත් ආගම් සහ දර්ශනය මෙය දකින්නේ වෙනස් ආකාරකිනි.
මේ ආකාරයට නිරන්තර සිහිසුන් තත්ත්වයක පසුවූවන් පසුව සිහිය ඇති තත්ත්වයකට පත් වූ ඇතැම් විරල, අසාමාන්‍ය තත්ත්වයන් අසන්නට ලැබේ. එවැනි එක් සිදුවීමක් වන්නේ මාර්ටින් පිස්ටෝරියස්ගේ කතාවය. දකුණු අප්‍රිකානු ජාතිකයකු ඔහු දශකයට අධික කාලයක් සිහිසුන්ව සිට එකවර අවදි වූ අතර, තමා සිහිසුන්ව සිටි කාලයේ ඇසුණු දෑ එකිනෙක විස්තර කරන්නට පටන් ගත්තේය.
එබැවින් අල්-වලීද් කුමරු ද සිහිය ඇති තත්ත්වයක පසු වූයේද? ඔහු ප්‍රතිචාර දැක්විය නොහැකි සිරුරක සිර වී සිටියේද? එසේත් නොමැති නම් ප්‍රවේශ විය නොහැකි කොතැනකට හෝ මනස ගමන් කළේද?
නිදන කුමරාගේ කතාව එක්තරා ආකාරයක සදාතනික සංවාදයක් ඇති කරවයි. එනම් මනුෂ්‍යා යනු හුදෙක්ම සිරුරක් සහ මොළයක් ඇති යමක් පමණක්ද? එසේත් නැත්නම් එයට වඩා වැඩි යමක්ද? ඉස්ලාම් සහ බෞද්ධ වැනි ආගම්වල, ආත්මය හෝ විඥානය යනු භෞතික ශරීරයෙන් වෙන් වූ යමක් ලෙස අර්ථ දක්වයි. ශරීරය අකර්මණ්‍ය වුව ද එයට පැවතිය හැකිය.
මෙය විශ්වාස කරන්නන්ට අනුව අල්-වලීද් කුමරු කිසිසේත්ම සිහිසුන්ව සිටියේ නැත. ඔහු සිටියේ දෙවියන් පමණක් දන්නා යම්කිසි විනිශ්චයකට බඳුන් වෙමින් නිහඬවය.
විද්‍යාඥයින්ට ද මෙය අභියෝගාත්මක ප්‍රශ්නයකි. මොළයේ මරණය, විඥානය සහ වෛද්‍ය විද්‍යාත්මක ආචාර ධර්ම ආදි සියල්ල මෙහි දී අභියෝගයකට ලක් වෙයි. සිහිසුන්ව යම්කිසි සිරුරකට වසර විස්සක් පවතින්නට හැකි නම්, ජීවත් වීමේ වටිනාකම යන්න අර්ථ දක්වන්නේ කෙසේද? එය තීරණය කරන්නේ කවුරුන්ද?
මේ සියලු අභිරහස් මධ්‍යයේ එක් සත්‍යයක් ඉස්මතු වෙයි. ඒ ඔහුගේ පවුලේ වූ අදහාගත නොහැකි කැපවීමය. වසර විස්සක්ම ඔවුහු අතහැර දැමීම ප්‍රතික්ෂේප කළහ. ජීවිතය ඉදිරියට රැගෙන යාමට දායක වන උපකරණ ගළවා දැමීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඒ, එසේ කරන්නැයි විද්‍යාව ඔවුන්ට පවසා සිටි නිසාම නොව, එසේ කරන්නැයි ඔහු වෙනුවෙන් පවුලේ වූ ආදරය ඉල්ලා සිටි බැවිනි.
කිසිදු දෙයකින් මැනිය නොහැකි මෙවැනි ආදරයක් හද කම්පා කරවනසුළුය. එය, බලාපොරොත්තුව නැවත අරුත් ගන්වන ආකාරයේ ආදරයකි. එය තුළ ඇත්තේ සාර්ථක වේ යැයි සහතිකයක් නොව, පොරොන්දුවක් ඉටු කිරීමක් හා සමාන දෙයකි.
නිදි කුමරාගේ දීර්ඝ කෝමා තත්ත්වය සදාචාරාත්මක සංවාදයක් ඇති කරවයි. අප කුමන වියදමක් හෝ දරා ගනිමින් ජීවිතය පවත්වාගෙන යා යුතුද? අත්හැරීම වඩාත් මානුෂවාදී වන අවස්ථාවන් තිබේද? බොහෝ රටවල මේ ගැටලුව නිසා පවුල් සහ අධිකරණ තීරණ පවා දෙකට බෙදුණු අවස්ථා තිබේ. සවුදි අරාබිය වැනි රටක ජීවිතය යනු පූජනීය දෙයක් යැයි සැලකෙන බැවින් මේ තීරණය පැහැදිලිය. එනම්, ජීවිතය අවසන් කළ යුත්තේ දෙවියන් මිස මිනිසා නොවන බවය.
අනෙක දශක දෙකක් යනු අදහාගත නොහැකි තරම් කාලයකි. මෙවැනි තත්ත්වයක පසුවූ බොහෝ රෝගීන් මෙතරම් කාලයක් ජීවත්ව සිටියේ නැත. මෙයට හේතුව දැඩිව ලබා දුන් සැලකිලිමත් බව ද? රාජකීය ධනය ද? එසේත් නැත්නම් විද්‍යාවට විස්තර කළ නොහැකි යම් දෙයක්ද?
2025 ජූලි 20 වැනිදා නිදන කුමරා වෙනුවෙන් අවමංගල්‍ය යාඥා රියාද් හි දී පවත්වනු ලැබිණි. සිරුර සමාදානයේ සැතපෙද්දී ඔහු තවදුරටත් වෛද්‍ය විද්‍යාත්මක අභිරහසක්, ඉවසීමේ සංකේතයක් හෝ විසඳාගත නොහැකි සදාචාරාත්මක ගැටලුවක් ලෙස පැවතුණේ නැත. ඔහු හුදෙක්ම එක්තරා කාලයක ජීවත්ව සිට, ජීවිතය එකවර තාවකාලිකව නවතා දමා අවසානයේ එයට සමුදුන් තරුණ කුමරකු පමණක් වුයේය.
ඔහුගේ කතාව ශෝකයකට වඩා යමක් ඉතිරි කළේය. එය ඉතිරි කළේ අභියෝගයකි. ඒ මිනිස් මොළය වඩා හොඳින් අවබෝධ කරගන්නැයි විද්‍යාවට කළ අභියෝගයයි. ජීවිතය සහ ආත්මය යනු කුමක්දැයි දර්ශනයට එල්ල කළ අභියෝගයයි. විඥානය, ආදරය සහ මිනිස් ගරුත්වය යනු කුමක්ද යන්න පිළිබඳ සලකා බලන්නැයි මිනිස් වර්ගයාටම කළ අභියෝගයයි.
නමුත්, ඔහුගේ කතාව ශෝකයකට වඩා යමක් ඉතිරි කළේය. එය ඉතිරි කළේ අභියෝගයකි. ඒ මිනිස් මොළය වඩා හොඳින් අවබෝධ කරගන්නැයි විද්‍යාවට කළ අභියෝගයයි. ජීවිතය සහ ආත්මය යනු කුමක්දැයි දර්ශනයට එල්ල කළ අභියෝගයයි. විඥානය, ආදරය සහ මිනිස් ගරුත්වය යනු කුමක්ද යන්න පිළිබඳ සලකා බලන්නැයි මිනිස් වර්ගයාටම කළ අභියෝගයයි.
ඒ මරණීය අනතුරින් පසු අල්-වලීද් කුමරු කිසිවක් කතා කළේ නැත. නමුත් ඔහුගේ නිහඬ බව බොහෝ දේ කතා කළේය. විශ්වාසයේ ශක්තිය, මනසෙහි සංකීර්ණත්වය, වෛද්‍ය විද්‍යාවේ සීමාවන් සහ අමතක කර දැමීම ප්‍රතික්ෂේප කළ ආදරය පිළිබඳ එය කතා කළේය.
ඔහුගේ මරණය දීර්ඝ, අවිනිශ්චිත පරිච්ඡේදයක් අවසන් කළේය. නමුත්, එසේ කිරීමෙන් ජීවිතය යනු කුමක්දැයි විමසා බලන්නට පමණක් නොව, ජීවිතය ජීවත් කරවන ආකාරය පිළිබඳ ගැඹුරින් මෙනෙහි කිරීමට ඇරයුම් කරන දොරක් ද විවර කළේය.
නිරංජන් චාමින්ද කරුණාතිලක