වසර විසිපහකට පසුව නුවරඑළියේ අවම උෂ්ණත්වය ඊයේ (22) පෙරවරු 8.30න් අවසන්වූ පැය 24 තුළදී සෙල්සියස් අංශක 3.5 (තුනයි දශම පහක) අගයක් වාර්තා විය.
මෙවැනි අවම අගයක් වාර්තාවී ඇත්තේ 2000 වසරට පසුවයි.නුවරඑළිය ග්‍රෙගරිවැව පරිශ්‍රය, තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ වික්ටෝරියා උද්‍යානය, එළවළු වගා භූමි සහ තේවතුවල ඊයේ (22) අලුයම කාලයේදී මල් තුහින පතිත වී තිබිණි.
සුළං රටාවේ වෙනස්වීම අවම උෂ්ණත්ව අගයක් වාර්තා වීමට බලපා තිබෙන බවද, උතුරු ප්‍රදේශයෙන් සීතල වියළි සුළං රටට ඇතුළුවීම ඊට හේතුව බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පවසා සිටියි.
එමෙන්ම, දිවා කාලයේදී පොළොව හොඳින් රත්වන බවද, අහසේ වලාකුළු නොමැති විට රාත්‍රියට හොඳින් සිසිල් වන බැවින් එම තත්ත්වද උෂ්ණත්වය අඩුවීමට බලපාන බවද ඔහු කියා සිටියි.
කෙසේ නමුත්, සුළං රටාව අදින් (23) පසුව වෙනස් වන බවද ඔහු කීවේය. නැගෙනහිර පැත්තෙන් සුළං හැමීම නිසා මෙම තත්ත්වය වෙනස් වන බව ඔහු පවසා සිටියි.