වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක බදු ආදායමක්

ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනලදි.

වාහන ආනයනය රජය විසින් තවමත් සීමාකර නොමැති නිසා වාහන ආනයනයෙන් රේගුවට උපයාගත හැකි බදු ආදායම රුපියල් බිලියන 450 ඉක්මවා යාමට හැකිවනු ඇතැයි ඔහු සදහන්කරයි.

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදීමට නියමිත තීරණයත් සමග එම වාහනයේ විද්‍යුත් මෝටරයේ ධාරිතාව සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳෙනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.

කාලීන පුවත්