වාහන ආනයනය වැඩි වීමත් සමග ලියාපදිංචියේදී ජනප්‍රිය අංක ලබා ගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේනවිට වැඩිපුරම ඉතිරිව ඇත්තේ ලක්ෂ දහයක මුදලක් ගෙවා ලබාගත යුතු සුපිරි අංක බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරනලදි.
වාහන ලියාපදිංචියේදී ඊට අදාළ අංක සාමාන්‍ය පරිදි අනුපිළිවෙළට නොමිලේ නිකුත් කළද බොහෝ දෙනකු තමන් බලාපොරොත්තු වන ජයග්‍රාහී අංකය හෝ ආකර්ෂණීය අංකය මුදල් ගෙවා ලබාගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසනලදි.