මෙම වසරේ ගත වූ කාලය තුළ වාහන 133678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ කාල සීමාව තුළ මෝටර් රථ 20535 ක සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බවට දෙපාර්තමේන්තු දත්ත සටහනේ දැක්වෙයි.
එමෙන්ම යතුරුපැදි 100 451 ක සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති අතර, එම සංඛ්‍යාව විශාලම ලියාපදිංචි සංඛ්‍යාව බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
තවද ත්‍රිරෝද රථ 3293ක් ද්විත්ව කාර්ය වාහන 1995 ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
වාහන ආනයනය සඳහා රජය අවසර දීමත් සමග වාහන ලියාපදිංචිය එලෙස ඉහළ ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව පවසයි.