දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ අඩුවීමක් මෙම මස 1 වැනිදා සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසීය. දිවයිනට ඈතින් ත්‍රිකුණාමලයේ සිට ඊසාන දිසාවෙන් මුහුදේ පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත් වී බංග්ලාදේශ වෙරළබඩ තීරයට ඇතුළු වී තද සුළං තත්ත්වයක් ඇති වීමට හේතුව බව ද ඒ මහතා පවසයි.
‘පීඩන අවපාතය බංග්ලාදේශය වෙත ගමන් කළ ද ශ්‍රී ලංකාවට තවදුරටත් ඉන් වක්‍ර බලපෑම් පවතිනවා. මේ බලපෑම හේතුවෙන් තමයි දිවයිනේ බස්නාහිර, සබරගමු, වයඹ, මධ්‍යම යන පළාත්වල හා ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල තවදුරටත් කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්නේ. වැස්ස සමග සූර්යාලෝකය පතිත වන අවස්ථාත් පවතිනවා. විශේෂයෙන්ම වයඹ, උතුරු මැද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ සහ පුත්තලම, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සුළං වර්ධනය වීමට හැකියාව පවතිනවා. මෙම තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කෙරෙන්නේ මෙම මස 2 වැනිදායින් පසුවයි’ යනුවෙන් ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීවේය.