විපක්ෂයේ ඒකාබද්ධ විරෝධතාව හෙට කොළඹ දී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් හෙට (26) කොළඹදී ඒකාබද්ධ විරෝධතාවක් සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.වත්මන් රජය දේශපාලන පළිගැනීම් ක්‍රියාවලියකට මුල පිරීමට එරෙහිව රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම දේශපාලන සේම සමාජ ක්‍රියාකාරීන් දහස් ගණනක් මෙම විරෝධතාවට සහභාගි වන බව එම පක්ෂය සඳහන් කරයි.මීට සමගාමීව කොළඹ 02 ආරක්ෂක සේවා විද්‍යාලය අසල සිට කොටුව දෙසට විරෝධතා පාගමනක් ද සංවිධානය කර ඇති බව ද එක්සත් ජාතික පක්ෂය පවසයි.මේ අතර හෙට දිනය තුළ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදීමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා ද සඳහන් කරයි.

කාලීන පුවත්