විස්සයි විස්ස ලෝක කුසලාන පුහුණු තරග ඇරැඹේ

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග ආරම්භක දිනය වූ ඊයේ (2) තරග තුනක් පැවැති අතර එහිදී ඇෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තය අතරත්, ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම අතරත් ඉතාලිය සහ කැනඩාව අතරත් තරග පැවැත්වුණි.

මෙම පුහුණු තරග 6 වැනිදා දක්වා පැවැත්වේ. එහිදී අද (3) ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඕමානය අතරත්, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ අතරත් තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙද්දී නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය චෙන්නායි හිදී පැවැත්වේ.

එසේම හෙට (4 ) නැමීබියාව සහ ස්කොට්ලන්තය අතරත්, ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතරත්, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතරත් තරග ඉන්දියාවේ පැවැත්වෙන අතර අයර්ලන්තය සහ පාකිස්තානය අතර තරගය කොළඹදී පැවැත්වේ. අනිද්දා (5) ඕමානය සහ සිම්බාබ්වේ අතරත්, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතරත් තරග ශ්‍රී ලංකාවේ පැවැත්වෙද්දී, කැනඩා සහ නේපාලය අතර සහ නවසීලන්තය සහ ඇමරිකාව අතර ඉන්දියාවේදී පැවැත්වේ. එසේම ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් අතර තරගය සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම සහ නැමීබියාව අතර තරගය 6 වැනිදා ඉන්දියාවේදී පැවැත්වේ.

කාලීන පුවත්