2024 – 2025 ශ්‍රීපාද වන්දනා සමය මැයි මස වෙසක් පොහෝ දින (12) අවසන් කරන බව ශ්රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසති.
2024 – 2025 ශ්‍රීපාද වන්දනා වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් ඊයේ (08) මාධ්‍යයට අදහස් දක්වමින් උන් වහන්සේ ඒ බැව පවසන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්රීපාදස්ථානාධිපති නාහිමියන් පවසා සිටියේ මේ අනුව ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්රතිමාවන් 13 වැනිදා ශ්‍රීපාද උඩමළුවේ සිට රත්නපුර පලාබද්දර මාර්ගයේත්, හැටන් නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල මාර්ගයේත්, නල්ලතන්නිය බගවන්තලාව බළන්ගොඩ මාර්ගයේත්, පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා වඩම්මවා චාරිත්‍රානුකූලව ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එසේ වඩම්මවන සධාතුක කරඬුව, සමන් දේව ප්රතිමාවන් එහි තැන්පත් කර තබන බවයි.