මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇති බව වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ, මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුව ඇති බවයි.
මෙම මාර්ග වෙනස් කිරීම් හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්හි කාලය දීර්ඝ වීමක් සිදුවිය හැකි බවද ශ්‍රීලංකන් ගුවන් සේවය සදහන් කරයි.
තවද පහත සඳහන් අංක ඔස්සේ මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.
1979 (ශ්‍රී ලංකාව තුළ) 94 11 777 1979, (ජාත්‍යන්තර) 94 74 444 1979