ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නංවා තිබේ.
ස්වෛරී බැඳුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය පසුගිය වකවානුවේදී සාර්ථක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු Fitch Ratings සහ Moody’s යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට කටයුතු කළද S&P Global Ratings විසින් එසේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු නොකළ බවයි සඳහන් වෙයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒ දක්වා ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහංළ නොදැමීමට ප්‍රධාන හේතුව වශයෙන් S&P Global Ratings එහිදී සඳහන් කර තිබුණි.