ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබයි

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක ජයක් ලැබීමට සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් ලකුණු 176ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී සම්පූර්ණ කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කිරීමට සමත් විය.

දුෂ්මන්ත චමීර ලකුණු 30කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වීම විශේෂත්වයක්.

කාලීන පුවත්