2026 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 22වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 505,751දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.
එමෙන්ම 2026 පෙබරවාරි 01වනදා සිට 22වනදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයන් 228,424දෙනෙක් මෙරටට පැමිණ තිබේ.