
මේ වන විට අප සමාජය තුළින් සත්ව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ සුවිශේෂ උනන්දුවක් පළවෙමින් තිබේ. එමෙන්ම මෙය නව ගෝලීය ප්‍රවණතාවක් ලෙස හා වත්මන් තරුණ ප්‍රජාව කේන්ද්‍ර කොට ගත් සමාජ ප්‍රවණතාවක් ලෙස ද හඳුනා ගත හැකිය. ඒ අනුව එම පාර්ශ්වයෙන් නැඟෙන ප්‍රධාන තර්කයක් වනුයේ වර්තමාන දේශපාලනය විසින් සත්ව හිමිකම් පිළිබඳව කිසිත් නොසලකන බව හා වත්මන් රජය සතුන් සම්බන්ධයෙන් අතිශය කෲර හා පීඩාකාරී ලෙස හැසිරෙන බවකි. ඔවුන් එලෙස නඟන හඬ සමාජ ජාල පරීක්ෂාවේ දී මනා සේ වටහා ගත හැකිය.
එහෙත්, මෙය වත්මන් රජයට හෝ අප රටට පමණක් සීමා වූවක් නොවේ. එය නූතන දේශපාලන විද්‍යාවේ මූලධර්ම මත පදනම් වූවකි. නූතන ලෝක දේශපාලනයේ රාජ්‍යය (State) පිළිබඳ පිළිගත් සංකල්පයට අනුව එය මුළුමනින්ම මිනිසුන්ගෙන් සැදුම් ලත්, එනම් මානවීය සංවිධානයකි. එමෙන්ම වර්තමානයේ රාජ්‍යය යන්න නිර්ණය කිරීමේදී පහත සඳහන් අත්‍යවශ්‍ය මූලිකාංග හතරක් සලකා බැලෙයි:
* ජනගහනය (Population) ඉන් පළමු අංගය වන අතර රාජ්‍යයක් පැවතීමට නම් එහි මිනිසුන් ස්ථිරව වාසය කළ යුතු වේ.
* රාජ්‍යය (State) පිළිබඳ පිළිගත් සංකල්පයට අනුව දෙවනුව භූමිය (Territory) සඳහන් වන අතර රාජ්‍යය සතුව නිශ්චිත සීමාවන් තුළ ඇති භූමි ප්‍රදේශයක් තිබිය යුතු ය.
* රාජ්‍යය මෙහෙයවන දේශපාලන සංවිධානය මත පදනම් වන බල ව්‍යුහය හෙවත් ආණ්ඩුව (Government) රාජ්‍යයක් සතුව තිබිය යුතු තෙවන අංගයයි.
* රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ උත්තරීතර බලය සහ බාහිර බලපෑම්වලින් නිදහස හෙවත් ස්වාධිපත්‍යය (Sovereignty) රාජ්‍යයක් සතු විය යුතු සිව්වන අංගය සේ සැලකේ.
ලොව වේගයෙන් ප්‍රවර්ධනය වන විෂය පථයක් වන සදාචාරාත්මක දර්ශනය (Moral Philosophy) යටතේ සත්ව හිමිකම් සම්බන්ධයෙන් මිනිස් චින්තනය වඩාත් සංවේදී මාවතකට යොමු කිරීමට වෙර දරා සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබේ. සත්ව හිමිකම් යනු මනුෂ්‍ය නොවන සතුන්ට, විශේෂයෙන් වේදනාව දැනෙන සතුන් (Sentient Animals), මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් විය යුතුය යන්න නොසලකා, ඔවුන්ට ද තම දිවි පැවැත්ම මත පදනම් වූ මූලික අවශ්‍යතා සහ චර්යාත්මක වටිනාකම් තහවුරු කර ගැනීම පිණිස වන අයිතිවාසිකම් තිබිය යුතු බව තහවුරු කිරීමකි. විශේෂයෙන් කායික හා මානසික වේදනා මිනිසුන්ට සේම සතුන්ට ද එක සේ පොදු බැවින් ඒ සඳහා මිනිස් අවශ්‍යතාවලට දක්වන ආකාරයේම සදාචාරාත්මක සැලකිල්ලක් එනම් දුක් විඳීමෙන් වැළකී සිටීම වැනි සතුන්ගේ මූලික අවශ්‍යතා සඳහා ද දැක්විය යුතු බව සදාචාරාත්මක දර්ශනය පිළිබඳ ඕස්ට්‍රේලියානු විද්වතකු වන පීටර් සිංගර් වැනි ප්‍රමුඛ ආචාර්යවරුන් ප්‍රබල තර්ක ඉස්මතු කොට තිබේ.
ඉහත සඳහන් නිර්ණායකයන්ට අනුව සතුන් රාජ්‍යයක අත්‍යවශ්‍ය මූලිකාංගයක් ලෙස නොසැලකේ. ඒ අනුව නිසැක ලෙසම කිව හැක්කේ නූතන අර්ථ දැක්වීම් වලට අනුව රාජ්‍යය යනු මිනිස් සමාජය විසින් ස්වකීය පොදු යහපත සහ සාමය වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද දේශපාලන සංවිධානයක් බවකි.
නමුත් ලොව වේගයෙන් ප්‍රවර්ධනය වන විෂය පථයක් වන සදාචාරාත්මක දර්ශනය (Moral Philosophy) යටතේ සත්ව හිමිකම් සම්බන්ධයෙන් මිනිස් චින්තනය වඩාත් සංවේදී මාවතකට යොමු කිරීමට වෙර දරා සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබේ. සත්ව හිමිකම් යනු මනුෂ්‍ය නොවන සතුන්ට, විශේෂයෙන් වේදනාව දැනෙන සතුන් (Sentient Animals), මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් විය යුතුය යන්න නොසලකා, ඔවුන්ට ද තම දිවි පැවැත්ම මත පදනම් වූ මූලික අවශ්‍යතා සහ චර්යාත්මක වටිනාකම් තහවුරු කර ගැනීම පිණිස වන අයිතිවාසිකම් තිබිය යුතු බව තහවුරු කිරීමකි. විශේෂයෙන් කායික හා මානසික වේදනා මිනිසුන්ට සේම සතුන්ට ද එක සේ පොදු බැවින් ඒ සඳහා මිනිස් අවශ්‍යතාවලට දක්වන ආකාරයේම සදාචාරාත්මක සැලකිල්ලක් එනම් දුක් විඳීමෙන් වැළකී සිටීම වැනි සතුන්ගේ මූලික අවශ්‍යතා සඳහා ද දැක්විය යුතු බව සදාචාරාත්මක දර්ශනය පිළිබඳ ඕස්ට්‍රේලියානු විද්වතකු වන පීටර් සිංගර් වැනි ප්‍රමුඛ ආචාර්යවරුන් ප්‍රබල තර්ක ඉස්මතු කොට තිබේ.

ජාතිකත්වය, ලිංගිකත්වය ආදිය මත පදනම් ව මිනිසුන්ට වෙනස්කම් කිරීම් වැනි අසාධාරණ ලෙස සැලකීම හෙවත් විශේෂවාදය (Speciesism) මිනිස් නොවන සතුන් හට ද නොකළ යුතු අතර ඔවුන්ගේ අවශ්‍යතා නොතකා සත්ව විශේෂය මත පමණක් පදනම්ව පීඩනයට හා හිංසනයට ලක් කිරීම වහා නතර විය යුතු බව පවසන නවීන සත්වවේදීන් එය ස්වාභාවික යුක්තියට පටහැනි බවට දක්වන තර්කවලට මේ වන විට ලොව පුරා ඉහළ පිළිගැනීමක් ලැබෙමින් තිබේ. නීතිමය තත්ත්වයන් අනුව වුව සතුන් නීතිමය වස්තූන් (Legal Things) ලෙස නොව, නීතිමය පුද්ගලයන් (Legal Persons) ලෙස පිළිගත යුතු බවට නවීන සත්ව හිමිකම් ව්‍යාපාරය තුළ මතයක් පවතී. මේවා නුදුරු අනාගතයේම සරු ඵල දරන බීජ බව නොරහසකි. ඒ අනුව සත්ව හිමිකම් පිළිබඳ ක්‍රියාධරයන් නඟන තර්කය පවසන්නේ, ස්වාභාවික යුක්තියේ මූලධර්ම මිනිසුන්ට පමණක් සීමා නොවිය යුතු බවයි. වේදනාව දැනෙන ඕනෑම ජීවියෙකුට දුක් විඳීමෙන් තොරව ජීවත් වීමට ඇති මූලික අයිතිය ස්වභාවික යුක්තියේ කොටසක් විය යුතු බවයි.
එමෙන්ම අද වන විට මේවා ගෝලීය වශයෙන් පිළිගැනෙන අතර මේ වන විට බොහෝ රටවල් සතුන් ආරක්ෂා කිරීම සඳහා සත්ව හිංසනය වැළැක්වීමේ නීති පනවා තිබේ. මෙම නීති මඟින් සතුන්ට සිදුවන හිංසනය සම්බන්ධයෙන් පියවර ගැනීමේදී සාධාරණ විනිශ්චයන්, අපක්ෂපාතීත්වය වැනි ස්වාභාවික යුක්තියේ මූලධර්ම භාවිත විය යුතු බවට සත්ව හිමිකම් පිළිබඳ ක්‍රියාධරයෝ යෝජනා කරති.
නමුත් අප දියුණු යැයි සිතා සිටින වත්මන් දේශපාලනය තුළ සතුන්ට එවන් නොසැලකීමක් සිදු වන අතරේ බුදු දහමේ එන රාජ්‍ය පාලනය හෙවත් ධර්මික රාජ්‍ය සංකල්පය තුළ සත්වයන්ට හිමිවන තැන යමකු විස්මයට පත් කරවන සුළු ය. බෞද්ධ ඉගැන්වීම් අනුව පරමාදර්ශී පාලකයකු සේ සැලකෙන සක්විති රජුගේ ධර්ම ප්‍රතිපත්ති හෙවත් දස සක්විතිවත් මඟින්ම මිනිසුන්ගේ සේම සතුන්ගේ ද යහපැවැත්ම අවධාරණය කොට තිබේ. දීඝ නිකායේ එන චක්කවත්තී සීහනාද සූත්‍රයේ සඳහන් වන ‘දස සක්විතිවත්’ රාජ්‍ය පාලනමය මූලිකාංග දහයෙන් එකක් ලෙස තිරිසනුන්ට හා පක්ෂීන්ට ධාර්මික රැකවරණය සැලසිය යුතු බව සඳහන් වනුයේ ධාර්මික පාලකයෙකු (සක්විති රජෙකු) විසින් තම රාජ්‍යයේ මිනිසුන්ට පමණක් නොව, සතුන්ට ද ආරක්ෂාව සහ රැකවරණය සැපයීම අනිවාර්ය රාජ්‍ය යුතුකමක් ලෙස සැලකිය යුතු බව දක්වා තිබේ.

එමෙන්ම බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්තීන්ගේ පදනම වන දස රාජ ධර්මයේ එන අවිහිංසාව සහ දයානුකම්පාව යන ගුණාංග, මිනිසුන් සඳහා පමණක් සීමා නොකොට සතුන් ඇතුළු සියලු සත්වයන් කෙරෙහි යොමු විය යුතු බව ද අවධාරණය කෙරේ. බුදු දහමට අනුව, සතුන් යනු සංසාරය හෙවත් භව චක්‍රය තුළ සැරිසරන සංවේදී සත්ව කොට්ඨාසයකි. ඔවුහු ද මිනිසුන් සේම දුකින් මිදීමට අපේක්ෂා කරති. ඒ අනුව සතුන්ට වධ හිංසා පැමිණවීමට කිසිවකුටත් කිසිදු අයිතියක් නැත. එබැවින්, බෞද්ධ රාජ්‍යයකදී රාජ්‍ය බලය යොදා ගනිමින් සත්ව ජීවිත සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම පාලකයාගේ ද මූලික යුතුකමක් හා වගකීමකි.
බුදු දහම යනු අතීත භාරත සමාජයේ පැවැති සුවිසල් බුද්ධි පරිණාමයක සුවිශිෂ්ට ප්‍රතිඵලයක් බව ලොව පුරා වියතුන්ගේ පිළිගැනීමයි. නමුත් එහි සම්භවය හා හින්දු ආගමික සංස්කෘතික පරිසරය අතර සුවිශේෂ සම්බන්ධයක් තිබේ. නූතන දේශපාලන විද්‍යාවේ නිර්වචනවලට අනුව සතුන් රාජ්‍යයේ අත්‍යවශ්‍ය මූලිකාංගයක් ලෙස නොසැලකෙන නමුත් ධර්මය පදනම් කරගත් පාලනයට අනුව ද පැරණි හින්දු රාජ්‍ය සංකල්පය තුළ ද සතුන් යනු රජුගේ රැකවරණයට යටත් විශේෂ කොටසකි. හින්දු ධර්මයේ මූලික සංකල්පයක් වන ධර්මය (යුතුකම, ධාර්මික හැසිරීම, නීතිය යන කරුණු ඇතුලත් ධර්මය තුළ අවිහිංසාව ද ප්‍රධාන තැනක් ගනී. අහිංසාව යනු සතුන් ඇතුළු කිසිම ජීවියෙකුට හිංසා නොකිරීමේ මූලධර්මයයි. හින්දු රාජ ධර්මයට අනුව ප්‍රජාව ආරක්ෂා කිරීම සේම සතුන් ආරක්ෂා කිරීම ද රජුගේ ධාර්මික යුතුකමක් ලෙස සැලකේ.

වෛදික සාහිත්‍යයට අයත් විෂ්ණු දෙවියන් සම්බන්ධ පුරාණෝක්ති ගොනු කොට ඇති භාගවත පුරාණය වැනි ග්‍රන්ථවල සඳහන් වන්නේ මුව, ඔටු, බූරු, වඳුරු, මීයන්, පක්ෂීන් සහ මැස්සන් ආදී විවිධ ගණයේ සතුන් තම දරුවන් ලෙස සැලකිය යුතු බවත් ඔවුන් හට වෙනසක් නොකළ යුතු බවත්ය. එමෙන්ම හින්දු දර්ශනයට අනුව සියලුම ජීවීන් තුළ බ්‍රහ්මන්ගේ ආත්ම සංකල්පය සේම දිව්‍යමය ස්වභාවයක් ද පවතී. හින්දු දහමට අනුව මිනිසුන් මෙන්ම සතුන් ද කර්ම සහ සංසාර හෙවත් පුනර්ජන්මය විස්තර කෙරෙන බැවින් සතුන්ට හිංසා පීඩා කිරීම අකුසල කර්ම රැස් කිරීමට හේතු වේ. ඒ අනුව රාජ්‍යයේ පාලකයා සත්ව හිංසාව නොකළ යුතු සේම රටේ ජනතාව ද ඉන් වළක්වාලිය යුතු වේ.
ලෝකය පුරා ගෞරවාදරයට ලක් වන පුරාණ ඉන්දියානු දේශපාලන විද්‍යා සිද්ධාන්ත සංග්‍රහයක් වන ඉන්දියානු අර්ධ ද්වීදීපය මුල් වරට එක් සේසත් කළ චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජ්‍යයාගේ උපදේශක වරයා වූ කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය තුළ රාජ්‍යය පවත්වා ගත යුතු සප්තංග න්‍යායක් පිළිබඳව විස්තර කරයි. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයට අනුව රාජ්‍යයක් ස්ථාපිත වීමට ජනගහනය, භූමිය යන සාධක අවශ්‍ය වුවත් මිනිසුන් සහ සතුන් යන දෙකොටසම අනතුරුවලින් ආරක්ෂා කිරීම පාලකයාගේ මූලික යුතුකමක් හා වගකීමක් බව එහි සඳහන් වේ. එමෙන්ම රාජ්‍යයේ සම්පත් අතර, අලි ඇතුන් සඳහා වූ කැලෑ සහ සතුන් සඳහා වූ තණ බිම් තිබිය යුතු බවත් රාජ්‍යයේ සමෘද්ධියට ඒවා ද බෙහෙවින් වැදගත් වන බවත් කෞටිල්‍ය සඳහන් කරයි.

හින්දු ආගමේ බොහෝ දෙවි දේවතාවුන් සත්ව ආරූඪක හෙවත් සත්ව වාහන (Mounts) භාවිත කරන බව අපි කවුරුත් දනිමු. එහි ගවයා (Cow) පූජනීයත්වයේ සංකේතයක් ලෙස මවකට සමානව සලකනු ලැබේ. ගනේෂ දෙවියන් ඇතාගේ හිස සහිත වන අතර වාහනය මීයෙකි. දුර්ගා දේවිය සිංහයෙකු වාහනය ලෙස භාවිත කරන අතර අයියප්පා දෙවියන්ගේ වාහනය ව්‍යාඝ්‍රයෙකි. විෂ්ණු දෙවියන්ගේ අවතාර දහය තුළ මත්ස්‍ය, කූර්ම (කැස්බෑවා), වරාහ (ඌරා) වැනි සත්ව ස්වරූප ද තිබීමෙන් හින්දු දහමේ සතුන් හා දේවත්වය අතර පවත්නා සබඳතා මනාව වටහා ගත හැකිය. මේ අනුව හින්දු රාජ්‍ය පාලන සංකල්පය තුළ සතුන් යනු ආගමික, සංස්කෘතික සහ ආර්ථිකමය වශයෙන් විශාල වැදගත්කමක් ඇති, රජු විසින් සුරක්ෂිත කළ යුතු ප්‍රජාවේ කොටසකි.
ඒ අතර බෞද්ධ ඉගැන්වීම්වලට සපුරා පටහැනි සතුන් බිලි දීම් ද හින්දු ආගම හා සම්බන්ධව පවතී. නමුත් බහුතරයක් හින්දු භක්තිකයන් මීට එකඟ නොවන අතර, මෙම චාරිත්‍රය හින්දු ආගමේ මූලික ඉගැන්වීම්වලට පටහැනි බව පෙන්වා දෙති. හින්දු ආගම යනු එක් ශාස්තෲ දේශනාවක් පදනම් වූවක් නොවේ. එය බහු විධ ස්වරූපයක් ගත් ආගමික සංස්කෘතික ජාලයකි. එහි ආරම්භය වූ පුරාණ වෛදික යුගයේදී යඥ හෙවත් යජ්නා නමින් හැඳින්වෙන යාගයන් පැවති බවත්, එහිදී සත්ත්ව බිලි පූජා සිදු වූ බවත් සඳහන් වේ. කෙසේ වෙතත්, නවීන විද්වතුන් පෙන්වා දෙන්නේ, “යඥ” හි සැබෑ අරුත තම නොමනා ආශාවන් සහ සත්ව ගති පූජා කිරීම වන බවත්, පසුකාලීනව විවිධ ජන කොටස් විසින් එය සැබෑ සතුන් පූජා කිරීම දක්වා විකෘති වූ බවත් ය. ඒ අනුව වර්තමාන ඉන්දියාවේ පවා බොහෝ හින්දු කෝවිල්වල සහ නිවෙස්වල පූජා සඳහා ගෙඩි වර්ග, පලතුරු, මල්, කිරි වැනි නිර්මාංසමය ද්‍රව්‍ය පමණක් පූජා කරනු ලබයි.
අප බොහෝ දෙනා දියුණු යැයි සිතන නූතන දේශපාලනයට වඩා අපගේ පාරම්පරික උරුමයන් වන දේශපාලන සංස්කෘතික ධාරාව කෙතරම් පවිත්‍රදැයි සිතා ගැනීමට පුළුවන. ඒ අනුව නූතන තරුණ පරපුර ද දැන හෝ නොදැන ඒ අහිංසාවාදී චින්තන ධාරාව නියෝජනය කරන අතර වත්මන් රජය ද එම නූතන ජන විඥානය නිවැරදිව වටහා ගෙන සතුන් සම්බන්ධයෙන් මීට වඩා විචාරශීලීව කටයුතු කළ යුතු වේ. එසේ නොකළහොත් වත්මන් තරුණ පෙළ සත්ව අහිංසාව හා හිමිකම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නඟන හඬ දැවැන්ත ජන අරගලයක් ලෙසින් ගාලු මුවදොරින් හෝ කළ එළි බැසීම නියත ය. ඒ සම්බන්ධයෙන් අපට නිශ්චිතව කිව නොහැක්කේ එය සිදු වන කාල වකවානුව පමණි.
එමෙන්ම කතෝලික සාන්තුවරයන් අතර අතිශය දිළිඳු දිවි පෙවෙතක් ගත කරමින් සතුන් කෙරෙහි ඉමහත් දයාවක් පළ කිරීම නිසා පසු කලෙක සතුන්ගේ ආරක්ෂක සාන්තුවරයා ලෙස ප්‍රකට ශාන්ත ෆ්‍රැන්සිස් (අසීසී) තුමන් මේ වන විට කතෝලික සාන්තුවර නාමාවලියේ ඉහළම තැනකට පත් වෙමින් පවතින බව ද ප්‍රකට කරුණකි. ශාන්ත ෆ්‍රැන්සිස් තුමා සිය නිහතමානී, දිළිඳු ජීවිතය, සොබාදහමට ඇති ඇල්ම සහ සියලු සත්වයන්ට දක්වන ලද ගෞරවය නිසා ලොව පුරා ගෞරවයට පාත්‍ර වූ චරිතයකි.

1226 ඔක්තෝබර් 3 වන දින අභාවප්‍රාප්ත වූ එතුමන් 1228 ජූලි 16 වන දින නවවන ග්‍රෙගරි පාප්වහන්සේ විසින් ශුද්ධවරයට ඔසවන ලදී. ශාන්ත ෆ්‍රැන්සිස් (අසීසී) තුමන්ගේ මංගල්‍යය දින ඔක්තෝබර් 4 වන අතර එය ලෝක සත්ව දිනය ලෙස ද නම් කර ඇත.
මෙවන් තත්ත්වයක් යටතේ අප බොහෝ දෙනා දියුණු යැයි සිතන නූතන දේශපාලනයට වඩා අපගේ පාරම්පරික උරුමයන් වන දේශපාලන සංස්කෘතික ධාරාව කෙතරම් පවිත්‍රදැයි සිතා ගැනීමට පුළුවන. ඒ අනුව නූතන තරුණ පරපුර ද දැන හෝ නොදැන ඒ අහිංසාවාදී චින්තන ධාරාව නියෝජනය කරන අතර වත්මන් රජය ද එම නූතන ජන විඥානය නිවැරදිව වටහා ගෙන සතුන් සම්බන්ධයෙන් මීට වඩා විචාරශීලීව කටයුතු කළ යුතු වේ. එසේ නොකළහොත් වත්මන් තරුණ පෙළ සත්ව අහිංසාව හා හිමිකම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නඟන හඬ දැවැන්ත ජන අරගලයක් ලෙසින් ගාලු මුවදොරින් හෝ කළ එළි බැසීම නියත ය. ඒ සම්බන්ධයෙන් අපට නිශ්චිතව කිව නොහැක්කේ එය සිදු වන කාල වකවානුව පමණි.
හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර