යුරෝපයේ ඇති සක්‍රියතම යමහල හෙවත් ගිනි කන්ද වූ සිසිල දූපතේ එට්නා නැවත විදාරණය විය. තවත් ලෙසකින් පැවසුවහොත් පුපුරා ගියේය. ඒ 2025 මැයි මාසයේ අග භාගයට වන්නටය. අහසේ කිලෝමීටර් 4ක් තරම් දුරට එහි අළු විසි වනු දකිනු හැකි විය. කතානියා ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව නවතා දැමුවේය. කෙසේ නමුත් මේ අවට ප්‍රදේශවාසීන්ට හෝ විද්‍යාඥයින්ට එට්නා ගිනි කන්දේ පිපිරීම අරුමයක් වූ බවක් පෙනුණේ නැත. ඔවුන් එය සැලකුවේ සියවස් ගණනාවක් තිස්සේ තමා ජීවත් වන බව දැන්වීම සඳහා සොබා දහමේ හුරුපුරුදු රිද්මය සැඩපරුෂ ලෙස හැඟවීමක් ලෙස පමණි.

එට්නා ගිනි කන්ද ඉතාලියේ සිසිලි දූපතේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ පිහිටා තිබේ. වසර 2700 කට වැඩි කාලයක් තිස්සේ පිපිරුම් වාර්තා ඇති මෙය අඛණ්ඩව ක්‍රියාකාරී තත්ත්වයේ පැවති ලොව පැරණිතම ගිනි කන්ද ලෙස සැලකේ. මෙහි පිපිරීම් ඉපැරණි ග්‍රීක්වරු මෙන්ම රෝමන්වරුද වාර්තා කොට තිබෙන අතර ඉපැරණි ග්‍රීක ඉතිහාසඥයකු වූ තියුසිඩීඩීස්ගේ සහ ඉපැරණි රෝම කිවියකු වූ වර්ජිල්ගේ ලේඛනවල ද ඒ බව ඇතුළත් වේ.
එට්නා ගිනි කන්දේ අතිශය භයානක පුපුරා යාම වාර්තා වන්නේ 1669 වසරෙනි. එහිදී ගලා ගිය ලාවා නිසා ගම්මාන කිහිපයක් විනාශ වූ අතර කතානියා දක්වා ලාවා ගලාගෙන ගියේය. මෑත කාලය පිළිබඳ සැලකිලිමත් වුවහොත් 1991 – 93 සමයේ ද විශාල පිපිරීමක් සිදු වූ අතර කෙසේ නමුත් ඉතාලි බලධාරීන් ලාවා ගලා යන මාර්ගය වෙනස් කිරීම සඳහා ඉංජිනේරු තාක්ෂණය යොදා ගත් බැවින් බොහෝ ජීවිත සහ දේපළ ගලවා ගන්නට හැකි විය.

සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටිය ද එට්නා ගිනි කන්ද ශ්‍රී ලාංකික අපට ද නුහුරු දෙයක් නොවන බව පැවසිය යුතුය. ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් එට්නා ගිනි කන්ද පිළිබඳ දැන ගන්නේ 1966 වසරේ තිරගත වූ, ‘පරසතු මල්’ චිත්‍රපටයෙනි. එහි ‘බොනී මහත්තයා’ ලෙස රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකා, තමා ආදරය කරන තරුණිය වෙනුවෙන් කවියක් ලියා ගන්නට සූදානම් වෙද්දී කන්දක නමක් එයට ඇතුළත් කරන මෙන් කවි ලියන්නාට පවසන අතර බොනී මහත්තයාම පවසන්නේ ඒ සඳහා එට්නා ගිනි කන්ද යොදා ගන්නා ලෙසය.
භූ විද්‍යාත්මකව ගතහොත් එට්නා ගිනි කන්ද පිහිටා ඇත්තේ අප්‍රිකානු සහ යුරේසියානු භූ තැටි එකිනෙක හමු වන ස්ථානයේය. මෙය භූ විද්‍යාත්මකව මෙතරම් ක්‍රියාකාරී තත්ත්වයක පවතින්නට හේතු වී ඇත්තේ ද මෙයය. මෙහි මුදුනේ ඇති ආවාටය සහ පැතිවලින් දකින්නට කුහර නිර්මාණය වී ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ වූ ලාවා විදාරණයන්ගේ ප්‍රතිඵලයක් ලෙසිනි.

සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටිය ද එට්නා ගිනි කන්ද ශ්‍රී ලාංකික අපට ද නුහුරු දෙයක් නොවන බව පැවසිය යුතුය. ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් එට්නා ගිනි කන්ද පිළිබඳ දැන ගන්නේ 1966 වසරේ තිරගත වූ, ‘පරසතු මල්’ චිත්‍රපටයෙනි. එහි ‘බොනී මහත්තයා’ ලෙස රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකා, තමා ආදරය කරන තරුණිය වෙනුවෙන් කවියක් ලියා ගන්නට සූදානම් වෙද්දී කන්දක නමක් එයට ඇතුළත් කරන මෙන් කවි ලියන්නාට පවසන අතර බොනී මහත්තයාම පවසන්නේ ඒ සඳහා එට්නා ගිනි කන්ද යොදා ගන්නා ලෙසය. අප උසස් පෙළට භූගෝල විද්‍යාව ඉගෙන ගන්නා විට ලොව ක්‍රියාකාරී යමහල් අතර එට්නා ද තිබුණේය. ඉතාමත් මෑතක දී ජනප්‍රිය ගායකයකු වූ ධනපාල උඩවත්තයන් ඉතාලියේ ස්ථාන නාම භාවිත කරමින් ‘මං ඉතාලියේ තනි වුණා’ යනුවෙන් ගීයක් නිර්මාණය කළ අතර එහි එක් තැනක, ‘එට්නා ගිනි කන්ද ඇවිලුණා – සිත නිවා ගන්න තවම බැරි වුණා’ යනුවෙන් සඳහන් කරමින් ශ්‍රී ලාංකේය ගී රසිකයාට එට්නා ගිනි කන්ද පිළිබඳ පැවසුවේය. මේ අනුව බලන කල මෙසේ පුපුරා ගොස් ඇත්තේ අපට ආගන්තුක ගිනි කන්දක් නොවන බව ද සඳහන් කළ යුතුය.

එසේ හෙයින් එට්නා ගිනි කන්දේ තවත් සැඟවුණු අපූරු කාරණා සොයා බැලීමේ වරදක් නැත. මතුපිට අප දන්නා කාරණාවලට වඩා බොහෝ දේවල් එට්නා ගිනි කන්ද සඟවාගෙන සිටී.
එට්නා ගිනි කන්දේ උස සාමාන්‍යයෙන් මීටර් 3,3324 ක් යැයි ගණන් බලා තිබුණ ද වරින් වර සිදු වන විදාරණයන් සහ කඩා වැටීම් නිසා මෙහි උස නිරන්තරයෙන්ම වෙනස් වේ. මෙයින් වැසුණු භූමිභාගය වර්ග කිලෝමීටර් 1,190 කට වඩා වැඩි වන අතර එය යුරෝපයේ ඇති ඕනෑම ගිනි කන්දකට වඩා වැඩි ප්‍රමාණයකි.

අභ්‍යන්තරයේ ගිනි ඇවිළෙමින් පැවතිය ද මෙහි මුදුන සිසිර ඍතුවේ දී හිමෙන් වැසී තිබේ. පරසතු මල් චිත්‍රපටයේ බොනී මහත්තයා තමා සිත්ගත්, නමුත් තමාට අකමැති තරුණිය, එට්නා ගිනි කන්දට සමාන කරන්නට සිතුවේ මේ නිසා විය හැකිය.
2013 වසරේ දී මෙය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබිණි. ඒ මෙහි ඇති විද්‍යාත්මක, අධ්‍යාපනික සහ සංස්කෘතික වැදගත්කම නිසාය.

මෙහි ලාවා ගලා එන නල පද්ධතිවල එයටම ආවේණික වූ ශාක සහ සත්ත්ව විශේෂයන්ගෙන් යුක්ත ජෛව පද්ධතියක් පවතී. එමෙන්ම යමහල් ක්‍රියාකාරීත්වය, භු තැටි සහ අඟහරුගේ සහ චන්ද්‍රයාගේ යම් යම් ලක්ෂණ සංසන්දනය කිරීම සඳහා මේ පරිසර පද්ධතිය යොදා ගන්නා බැවින් එය ස්වාභාවික විද්‍යාගාරයක් ලෙස ද හඳුන්වනු ලබයි.
එට්නා ගිනි කන්ද කුමන මොහොතක හෝ පුපුරා යාමේ තර්ජනයක් පැවතිය ද මෙය ඉතා ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් පවතින ස්ථානයක් ලෙස ප්‍රකටය. වසරකට මෙය නැරඹීම සඳහා ඇදී එන සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියනයකට ආසන්නය. මෙයට ඇති ආකර්ෂණය ද්වි ස්වභාවයකින් යුක්තය. එකක් නම් විනාශකාරකයකු ලෙසත්, අනෙක ජීවය තිළිණ කරන්නකු ලෙසත්ය. මෙය කරා පැමිණෙන සංචාරකයකුට එහි ඇති ආවාට කරා ගමන් කරන්නට, එට්නා කේබල් කාර් මත නැගී මීටර් 2,500 ක් තරම් ආසන්නයකට යාමට, ලාවා සහිත ලෙන් නැරඹීමට, යමහල් පස මත වවන ලද මිදිවලින් පෙරන ලද වයින් පානය කරන්නට ද අවස්ථාවක් හිමි වේ. කෙසේ නමුත් මෙසේ සතුටුවන සෑම අවස්ථාවක් තුළම ගිනි කන්ද පුපුරා යාමේ අවදානම ද එසේම පවතී.

මේ නිසා එට්නා ගිනි කන්දේ පුපුරා යාමේ අවස්ථාව ද සංචාරකයින් දැක බලා ගැනීමට ඉතාමත් කැමති දසුනකි. මෙහි පිහිටුවා ඇති නවීන ආවේක්ෂණ පද්ධති සමග ආරක්ෂිත දුරක සිට මෙය විදාරණය වනු නැරඹීමේ අවස්ථාව සලසා තිබේ. ගිනි කන්ද මධ්‍යස්ථ ක්‍රියාකාරීත්වයක පවතින සමයන්හි දී ප්‍රාදේශීය සංචාරක මග පෙන්වන්නන් විසින් ‘ලාවා නැරඹීමේ’ චාරිකාවන් ද සූදානම් කරනු දැකිය හැකිය.

මෙය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින සමයන්හි දී ඩ්‍රෝන මගින් ලබා ගන්නා දර්ශන, විදාරණය වන සජීවී දර්ශන බොහෝ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබේ. එමෙන්ම ඡායාරූප ශිල්පීහු මෙහි බිහිසුණු දර්ශනීය බව කැමරාවේ සටහන් කරගන්නට ද දැඩි උනන්දුවක් දක්වති. ප්‍රාදේශීය සංචාරක මග පෙන්වන්නන් මෙහි විදාරණයන් සලකන්නේ විනාශයකට වඩා ස්වාභාවික සංසිද්ධියක් ලෙසිනි. කතානියා හි සංචාරක වෙබ් අඩවි එට්නා ගිනි කන්දේ පුපුරා යාම් වරින් වර යාවත්කාලීන කරමින් හැකිතාක් සංචාරකයින් ආකර්ෂණය කරගන්නට උත්සාහ දරනු දැකිය හැකිය.
එට්නා යනු හුදෙක් භූ විද්‍යාත්මක සංසිද්ධියක්ම නොවේ. එය වටා සිසිලියේ පුරාණෝක්ති සහ සංස්කෘතිය ද දකින්නට ලැබේ. ග්‍රීක පුරාණෝක්තියකට අනුව ගින්නට සහ කම්මල් කර්මාන්තයට අධිපති දෙවියන් වන හෆෙස්ටස්ගේ කම්මල පවතින්නේ එට්නා ගිනි කන්දට යටිනි. මෙහි ප්‍රදේශවාසීන් කලක් විශ්වාස කළේ මෙහි පතුලේ සිර කර සිටින යෝධ රාක්ෂයකුගේ කලබල කිරීම් නිසා මෙහි පුපුරා යාම් සිදු වන බවය. සියවස් ගණනාවක් තිස්සේ ඔවුන් විශ්වාස කළේ පුපුරා යාම් මගින් පෙන්නුම් කරන්නේ දඬුවම් කිරීම පිළිබඳ දෙවියන්ගේ පණිවිඩය වන අතර ඒ නිසාම සියලු දෙනා පාහේ ආගම දෙසට නැඹුරු වූ බව ද දකින්නට හැකි විය.
කතානියා හි සෑම පෙබරවාරි මසකම පැවැත්වෙන සාන්තුවර අගාතාගේ මංගල්‍යය ඉතා ප්‍රකටය. එය ඉතාලියේ පැවැත්වෙන විශාලතම මංගල්‍යයන්ගෙන් එකකි. සාන්තුවර අගාතා 3 වැනි සියවසේ දී මෙය පුපුරා ගිය අවස්ථාවක දී ආශ්චර්යවත් ක්‍රියාවක් සිදු කරමින් ලාවා ගලා යාම නැවැත්වූ බවට විශ්වාසයක් පවතී. එබැවින් ඇගේ මුහුණෙහි පැළැඳ සිටි වේලය, යමහල විදාරණය වන කාලයේ දී නගරය තුළ ප්‍රදර්ශනය කෙරේ.

එට්නා යනු හුදෙක් ගිනි කන්දක්ම නොවේ. එය ජීවමාන සංකේතයකි. එය විනාශයේ සහ පුනර්ජනනයේ, අවදානම්බවේ, සුන්දරත්වයේ, බියෙහි සහ ගරුත්වයේ සමබරතාව නිරූපණය කරයි. සිසිලි වැසියන්ට එට්නා යනු හුදෙක් කන්දක් පමණක්ම නොවේ. ඔවුන් එය හඳුන්වන්නේ Mungibeddu හෝ Muntagna ලෙසිනි. එය ගැඹුරු ගෞරවයකින් කන්දක් අමතන යෙදුමකි. එහි විදාරණයන්ගෙන් අපට පවසන්නේ පෘථිවියෙහි ඇතුළාන්ත ස්පන්ධනයයි.එහි බෑවුම් මගින් ජීවිකාව, සුන්දරත්වය සහ අතීතය සමග පවතින දැඩි සබඳතාව පවසයි. විද්‍යාඥයින් මේ පිළිබඳ තව තවත් පරීක්ෂණ සිදු කරද්දී, සංචාරකයින් තව තවත් ආකර්ෂණය වෙද්දී එට්නා ගිනි කන්ද ඇතැම්විට සන්සුන්වත්, ඇතැම්විට රුදුරු ලෙසත් සිසිලිය මතින් මුරදේවතාවකු ලෙස නැගී සිටියි.

සිසිලියානු කලා කෘති, සාහිත්‍යය, කවි සහ කෑම බීමවල ද එට්නා ගිනි කන්දේ අනුස්මරණීය සුවඳ කැටි වී තිබේ. යමහල් අළු පිඟන් ගඩොල් නිෂ්පාදනයේ ද භාවිතයට ගැනේ. ගිනි කන්දේ අළු සහිත පසෙහි වැඩුණු මිදි සහ ඔලිව්වලින් සැදි ආහාර පාන බොහොමයක් මෙහි දකින්නට හැකිය.
එට්නා යනු හුදෙක් ගිනි කන්දක්ම නොවේ. එය ජීවමාන සංකේතයකි. එය විනාශයේ සහ පුනර්ජනනයේ, අවදානම්බවේ, සුන්දරත්වයේ, බියෙහි සහ ගරුත්වයේ සමබරතාව නිරූපණය කරයි. සිසිලි වැසියන්ට එට්නා යනු හුදෙක් කන්දක් පමණක්ම නොවේ. ඔවුන් එය හඳුන්වන්නේ Mungibeddu හෝ Muntagna ලෙසිනි. එය ගැඹුරු ගෞරවයකින් කන්දක් අමතන යෙදුමකි. එහි විදාරණයන්ගෙන් අපට පවසන්නේ පෘථිවියෙහි ඇතුළාන්ත ස්පන්ධනයයි.එහි බෑවුම් මගින් ජීවිකාව, සුන්දරත්වය සහ අතීතය සමග පවතින දැඩි සබඳතාව පවසයි. විද්‍යාඥයින් මේ පිළිබඳ තව තවත් පරීක්ෂණ සිදු කරද්දී, සංචාරකයින් තව තවත් ආකර්ෂණය වෙද්දී එට්නා ගිනි කන්ද ඇතැම්විට සන්සුන්වත්, ඇතැම්විට රුදුරු ලෙසත් සිසිලිය මතින් මුරදේවතාවකු ලෙස නැගී සිටියි.
නිරංජන් චාමින්ද කරුණාතිලක