සබන් – ෂැම්පු හා ආලේපනවලට SLS අනිවාර්ය කිරීම කල් යයි

සියලුම සබන්, ෂැම්පු සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) අනිවාර්ය කිරීම උදෙසා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත වුවද සබන් නිෂ්පාදන සමාගම්වල බලපෑම හේතුවෙන් එය කල් දමා ඇතැයි අනාවරණය වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්දේශ අනුව මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති ළදරුවන් සඳහා වන සබන්වල TFM අගය 78ක් විය යුතුය.

මේ අතර නිසි ප්‍රමිතියෙන් යුතු සබන් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවස්ථාව සැලසීම සඳහා නිසි TFM අගය සහිතව සබන් නිෂ්පාදනය අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට වසරකට පමණ ඉහතදී සැලසුම් කර තිබිණි.

කාලීන පුවත්