සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ

vinivida

තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය කරවීම මුල් කොට, තමන් වහන්සේ එම පුරන් කුඹුරු යායේ තිබී මහා ධන නිධානයක් ගොඩ ගත් බවට ප්‍රදේශයේ යම් පිරිසක් කට කතා පතුරුවමින් සිටින බව ගණේමුල්ල බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ පැවසූහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කොට සිටියේ අප රටේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම මංසන්ධියේ සිට හමුවන තුන්වන දුම්රිය ස්ථානය වන බුළුගහගොඩ පසු කළ සැණින් වම් පසින් මනාව දිස්වන සමාධි පිළිමය සහ ඒ ඉදිරිපිට මෑතකදී සිට තනා ඇති වැව සහ ඊට සම්බන්ධ සක්මන් මංතීරුව පිළිබඳව අදහස් දක්වමිනි.

“මම පසුගිය කාලය පුරාවට එංගලන්තයේ සහ ඇමරිකාවේ වැඩ වාසය කළා. දැනුත් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ආශ්‍රිත සමාජ සේවා ආයතනයක අධ්‍යක්ෂ පදවියක් හොබවනවා. මං එංගලන්තයේ වැඩ සිටින කාලේ රිචඩ් ආතර් බෙල් කියන ඉංග්‍රීසි ජාතික මහත්මයා තමන් සතු දේපළක් මගේ නමට පැවරුවා. ඒ මහත්තයාගේ මරණයෙන් පසු ඒක මගේ සුඛ විහරණයට යොදා ගන්නවාට වඩා 1973 වසරේ මා පැවිදි වුණු මගේ පන්සලට මතක හිටින යමක් කළ යුතුයි කියලා මම මුලින් මේ සමාධි පිළිම වහන්සේ නිර්මාණය කරලා, පස්සේ තමයි වැව නිර්මාණය කළේ. සමාධි පිළිමය කරගෙන යද්දී නම් මගේ හිතවත් මහත්වරු කිහිප දෙනෙක් මගේ ඉල්ලීමකින් තොරව මට යම් යම් උපකාර කළා. ඒ වගේම ඒ පිළිම වහන්සේටත් ඊට යටින් ස්ථාපිත කරපු ධාතු මන්දිරයටත් 90%ක්ම වැය වුණේ මගේ මුදල්. වැවට නම් මම කාගෙන්වත් කිසිම ආධාරයක් ගත්තේ නැහැ. සම්පූර්ණ මුදල මගෙන්. ඒත් 2015 අවුරුද්දේ ඒ කටයුතු පටන් ගැනීමත් එක්ක තමයි මට බරපතළ ගැටලු සහ අර්බුද රාශියකට මුහුණ දෙන්න වුණේ” යැයි ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

බෝහෙට්ටියේ ආනන්ද හිමි

“මම පසුගිය කාලය පුරාවට එංගලන්තයේ සහ ඇමරිකාවේ වැඩ වාසය කළා. දැනුත් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ආශ්‍රිත සමාජ සේවා ආයතනයක අධ්‍යක්ෂ පදවියක් හොබවනවා. මං එංගලන්තයේ වැඩ සිටින කාලේ රිචඩ් ආතර් බෙල් කියන ඉංග්‍රීසි ජාතික මහත්මයා තමන් සතු දේපළක් මගේ නමට පැවරුවා. ඒ මහත්තයාගේ මරණයෙන් පසු ඒක මගේ සුඛ විහරණයට යොදා ගන්නවාට වඩා 1973 වසරේ මා පැවිදි වුණු මගේ පන්සලට මතක හිටින යමක් කළ යුතුයි කියලා මම මුලින් මේ සමාධි පිළිම වහන්සේ නිර්මාණය කරලා, පස්සේ තමයි වැව නිර්මාණය කළේ.  සමාධි පිළිමය කරගෙන යද්දී නම් මගේ හිතවත් මහත්වරු කිහිප දෙනෙක් මගේ ඉල්ලීමකින් තොරව මට යම් යම් උපකාර කළා. ඒ වගේම ඒ පිළිම වහන්සේටත් ඊට යටින් ස්ථාපිත කරපු ධාතු මන්දිරයටත් 90%ක්ම වැය වුණේ මගේ මුදල්. වැවට නම් මම කාගෙන්වත් කිසිම ආධාරයක් ගත්තේ නැහැ. සම්පූර්ණ මුදල මගෙන්. ඒත් 2015 අවුරුද්දේ ඒ කටයුතු පටන් ගැනීමත් එක්ක තමයි මට බරපතළ ගැටලු සහ අර්බුද රාශියකට මුහුණ දෙන්න වුණේ” යැයි ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ. එහිදී උන් වහන්සේ ප්‍රකාශ කළේ එම වැව සහ සක්මන් මංතීරුව ඉදිකිරීම සම්බන්ධයෙන් එම බිම් කොටස සින්නක්කරයට ලබා ගැනීමේ සිට දහසක් බාධා අවහිරතා මැද අවසර ගත යුතු සෑම රාජ්‍ය ආයතනයකින්ම නීත්‍යානුකූලව අවසර ලබා ගත් බවත්ය.

“ඇත්තෙන්ම කියනවා නම් ඔය වැවේ වැඩ කටයුතු සිද්ධ වෙනකොට මම වැඩි කාලයක් වැඩ සිටියේ ඇමරිකාවේ. කොහොම හරි මම මේ කතාවේ සුල මුල හොයාගෙන යනකොට දැන ගන්න ලැබුණා ඒක මේ ගමේ නිදන් උමතුවක් තියෙන පුද්ගලයකුට සාස්තරයකට කියවුණු කතාවක් බව. කොහොම හරි ඒක තමයි පස්සේ ඔය කතාව ගම පුරාම පැතිරුණේ. කොහොමත් ඔය වැව සඳහා භූමි හිමිකම ලබා ගැනීමේ ඉඳලා හැම දෙයක්ම මම කළේ මුළුමනින්ම නීත්‍යානුකූලව. කොටින්ම ඔතැන අබ මල් රේණුවකවත් හොරයක්, බොරුවක්, වංචාවක් කරන්න මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඔය නිදන් ගොඩ දැමීමේ කතාවත් ඒ විරසක වීම් මුල් කර ගත්තු හිතළුවක් වගේම විහිළුවක්. ඒ වගේම අවශ්‍ය කෙනෙකුට ඒ සම්බන්ධ ඕනෑම පරීක්ෂණයක් කරන්නත් පුළුවන්.

සමාධි බුද්ධ ප්‍රතිමාව

“ඔය වැවයි සක්මන් මංතීරුවයි හදන්න යොදා ගත්තු කුඹුර 1973න් පස්සේ අස්වද්දලාම නැහැ. ඒ හින්දා ඒක දූෂිත පරිසර පද්ධතියක් විදිහටයි තිබුණේ. සමහර මහා පරිමාණ කුකුළු ගොවිපොළවලින් ඉවත දාන දහ ජරාවන් නිතරම ඔය ගොහොරුවට එකතු වෙමින් තිබුණා. ඒ වගේම ප්‍රදේශයේ මදුරු වසංගතය වේගයෙන් ඉහළ යමින් තිබුණා. ඒ වගේම හැම වසරකම වියළි කාලවලදී ප්‍රදේශයේ ළිංවල උල්පත් හිඳෙනවා. පහළ කුඹුරුවලට ජල සැපයුමක් තිබුණේ නැහැ. ඒ හින්දා මෙතැන ජල රඳවනයක අවශ්‍යතාව මට වැටහුණා. ඒ වගේම මේ සමාධි පිළිම වහන්සේ ඉදිරිපිට සුන්දර ජලාශ්‍රිත පරිසරයක සන්සුන් සිතින් සක්මන් කිරීමට කාටත් විවෘත අවකාශයක් ලබා දීමෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝග පාලනයක් කළ හැකියි කියන විශ්වාසය මගේ තුළ තිබුණා. ඔන්න ඒ අරමුණු පෙරදැරිව කරපු වැවකින් මට අන්තිමට ලැබුණු ප්‍රතිඵලය” එසේ කී උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ, එම වැව තැනීමේදී විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් ඇති කර ගත් පෞද්ගලික විරසක වීම මුල් කොට, තමන් වහන්සේට ඒ කුඹුරේ තිබී නිධානයක් ලැබුණු කතාව පැතිර ගොස් ඇති බවයි.

“ඇත්තෙන්ම කියනවා නම් ඔය වැවේ වැඩ කටයුතු සිද්ධ වෙනකොට මම වැඩි කාලයක් වැඩ සිටියේ ඇමරිකාවේ. කොහොම හරි මම මේ කතාවේ සුල මුල හොයාගෙන යනකොට දැන ගන්න ලැබුණා ඒක මේ ගමේ නිදන් උමතුවක් තියෙන පුද්ගලයකුට සාස්තරයකට කියවුණු කතාවක් බව. කොහොම හරි ඒක තමයි පස්සේ ඔය කතාව ගම පුරාම පැතිරුණේ. කොහොමත් ඔය වැව සඳහා භූමි හිමිකම ලබා ගැනීමේ ඉඳලා හැම දෙයක්ම මම කළේ මුළුමනින්ම නීත්‍යානුකූලව. කොටින්ම ඔතැන අබ මල් රේණුවකවත් හොරයක්, බොරුවක්, වංචාවක් කරන්න මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඔය නිදන් ගොඩ දැමීමේ කතාවත් ඒ විරසක වීම් මුල් කර ගත්තු හිතළුවක් වගේම විහිළුවක්. ඒ වගේම අවශ්‍ය කෙනෙකුට ඒ සම්බන්ධ ඕනෑම පරීක්ෂණයක් කරන්නත් පුළුවන්. ඒ හැම දේකටම මම මගේ උපරිම සහයෝගය දෙනවා” එසේ පැවසූ පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් කියා සිටියේ, තමන් වහන්සේගේ මුදල් යොදා මේ වගේ දෙයක් සිදු කොටත්, මෙවැනි අභූත චෝදනා අසන්නට ලැබීමට සිදුවන තරමට අද සමාජයේ මිනිසත් බව පිරිහීම ගැන නම් තමන් වහන්සේ අතිශයින් කණගාටු වන බවය.

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට